දුරකථනයෙන් හාද වුණු පෙම්වතා, 13 හැවිරිදි දැරියට කළ අපරාධය

2018-11-07 12:16:00       61
feature-top
වයස අවුරුදු 13 යි මාස 10 ක්‌ වූ බාලවයස්‌කාර දැරියක්‌ අපහරණය කර දූෂණයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙක්‌ මාදම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
දැරිය මාදම්පේ තඹගල්ල වත්ත ප්‍රදේශයේ 9 වසර ඉගැනුම ලැබූ දැරියක්. පසුගිය දිනක දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ කර දැරිය ගැන සොයා බලා තිබෙනවා.

එම සොයා බැලීමේදී දැරිය මාදම්පේ ඉස්‌සන්මැඩිල්ල ප්‍රදේශයේ අයෙකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති බව දැනගෙන තිබෙනවා.
 
දැරියගේ දුරකථනයට මාසයකට පමණ පෙර ලැබුණු ඇමතුමකට කතා කිරීමෙන් ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇති අතර සැකකරු සමග දැරිය කතා කරගත් පරිදි දෙමාපියන්ට නින්ද යැමෙන් පසු නිවසේ තිබෙන යතුරුපැදියෙන් ගොස්‌ සැකකරු හමුවී ඔහු සමග සැකකරුගේ නිවසට අලුයම 2.00 ට පමණ පැමිණ ඇති බව සඳහන්.
 
පසු දින සැකකරුගේ නිවසේ දිවා කාලය ගත කර තිබෙන අතර එදින රාත්‍රියේ ඔහු ඇයව තොඩුවාව ප්‍රදේශයට කැඳවාගෙන ගොස්‌ එම ප්‍රදේශයේ මාළු වෙළෙඳපොළේ රාත්‍රිය ගත කර කරමින් ඇය දූෂණයට ලක්‌කර තිබෙනවා.
 
පසුව අලුයම තොඩුවාව සිට සැකකරු දැරිය සමග ඔහුගේ නිවසට පැමිණෙමින් සිටියදී දැරියගේ දෙමාපියන් ඔවුන් අල්ලාගෙන මාදම්පේ පොලිසිය වෙත ගෙනැවිත් භාරදී ඇති බව වාර්තා වනවා.
 
සැකකරු අත්අඩංගුවට ගෙන වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා රෝහල්ගත කර තිබෙනවා.



(under the courtesy of hirutv.lk blog web)

More News »