65 හැවිරිදි කත දූෂණය කර සගයකු ලවා වීඩියෝත් කරගෙන

2018-11-06 12:59:00       591
feature-top
අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ගෙන නිදියහනේ පසුවූ 65 හැවිරිදි ධනවත් වයෝවෘද්ධ කතකට පිහි එල්ලකර ඇය දූෂණය කර එම සිද්ධිය වීඩියෝ ගත කර පසුව ඇගේ රන් අබරණ ඉල්ලා තර්ජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්‍ෂ 5 ක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රd ජයසූරිය මහත්මිය (5 දා) නියෝග කළාය.
 
 නීතිඥ මහින්ද සුගතදාස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප අයෑදුම අනුව ඇප නියම වූ සැකකරු වූයේ කුරණ කටුනායක මුනිදාස කුමාරතුංග මාවත අංක 130 හි පදිංචි ඩී.එම්. හේෂාන් චාරුක ගුණසිංහ නමැත්තෙකි. නඩුවේ පැමිණිල්ල අනුව මෙම සැකකරු ඔහුගේ සගයකු සමඟ මෙම වයෝවෘද්ධ කත වෙසෙන මීගමුව කුරණ මංගල පාරේ පිහිටි නිවසට උල් පිහි රැගෙන බලෙන් ඇතුල් වී ඇත. පසුව මෙහි පැමිණිලිකාරිය සිටින නිදන කාමරයට ඇතුළුවී සැකකරු ඇය බලෙන් දූෂණය කළ බවත් ඔහුගේ සගයා එම දර්ශන වීඩියෝගත කළ බවත් පැමිණිල්ලේ දැක්‌වේ. ඉදිරිපත්වූ කරුණු මත සැකකරුට දැඩි ඇප කොන්දේසි මත ඇප නියම විය. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා යන මහත්වරු පෙනී සිටියහ. වැඩිදුර විභාගය 2019 පෙබරවාරි මස 14 වැනි දින පැවැත්වේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »