පහළොස්‌ හැවිරිදි සිසුවකු රැගෙන ගොස්‌ බරපතළ ලිංගික අතවර කළ දොඩංගොඩ ප්‍රජා පොලිස්‌ අංශයේ ස්‌ථානාධිපතිගේ වැඩ තහනම්

2018-11-01 03:14:00       101
feature-top
අපි වෙනුවෙන් අපි වැඩසටහනට සම්බන්ධ කිරීමට බව පවසා දෙමාපිය කැමැත්ත මත 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අනුරාධපුරයට රැගෙන ගොස්‌ ඔහුට බරපතළ ලිංගික අතවරයක්‌ කළ බව කියන රක්‌ෂිත බන්ධනාගාර ගත කළ දොඩංගොඩ පොලිසියේ ප්‍රජා පොලිස්‌ අංශයේ ස්‌ථානාධිපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

දෙදරු පියෙකු වූ මෙම පොලිස්‌ පරීක්‌ෂකවරයා ඉකුත් 20 වැනිදා අනුරාධපුර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 2 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම අතවරයට ලක්‌වූ දරුවා කළුතර නාගොඩ රෝහලට වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඔහු පරීක්‌ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රමුඛ වෛද්‍ය නිලධාරීන්ගේ නිරීක්‌ෂණ පොලිsසියට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම ලිංගික අතවර සිද්ධිය පිළිබඳව වැඩිදුර ස්‌ථානගත පරීක්‌ෂණ සඳහා පොලිස්‌ පරීක්‌ෂකවරයාගේ අතවරයට ලක්‌වූ දරුවාව අනුරාධපුර නගරයට රැගෙන යන බව අනුරාධපුර පොලිසියේ නිලධාරියෙක්‌ කීය. අනුරාධපුරයට රැගෙන ගොස්‌ දිවා කාලයේ දරුවාට ලිංගික අතවර කර ඔහු නැවත සිටි විශ්‍රාම ශාලාවේ රඳවා කෑම ගෙන ඒමට පිටතට ගිය විටදී බියට පත්වූ දරුවා කාමරයෙන් පිටතට පැමිණ එම ස්‌ථානයෙහි සිටි ග්‍රාමරක්‌ෂක නිලධාරීන්ට සිද්ධිය පවසා ඇතැයි ද පොලිසිය පවසයි.

පසුව දොඩන්ගොඩට පැමිණ දරුවා සිද්ධිය පැවසීමෙන් පසු දෙමාපියන් කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයට පැමිණීමෙන් පසු කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි මහත්මිය මූලික පරීක්‍ෂණ පවත්වා එහි උධෘත අනුරාධපුර පොලිස්‌ අධිකාරි කාර්යාලයට හා පොලිසියට යොමුකර ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »