හමුදා සෙබලෙක් පාසල් සිසුවියක් කැලෑවකට ඇදගෙන ගොස් කළ මහා අපරාධය

2018-05-31 01:17:00       831
feature-top
නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දී පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

ඉකුත්දා (30) දැරිය පාසල් යමින් සිටිය දී අසළ පිහිටි ළඳු කැලෑවකට ඇදගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව ඇගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

බෝගස් බොබැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය අපයෝජනයට ලක්කර ඇති හමුදා සෙබළා 19 වැනි ගජබා රෙජිමේන්තුවට අයත් අවුරුදු 24 ක අවිවාහක හපුගස්යාය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.අදාළ දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමුකර තිබේ. නාඋල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත මහතා ඇතුළු කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් හා විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


(under the courtesy of hirutv.lk blog web)

More News »