තහනම් පහස සොයා අනියම් බිරිඳ සමඟ ලැගුම්හලට ගිය විවාහකයාට සිදුවුණ දේ

2018-04-23 01:09:00       385
feature-top
විවාහකයෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවක් ඔහු සමඟ ලැගුම්හලකට ගොස් සිටියදී අදාළ පුද්ගලයාට ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මරණයට පත්වී ඇති අතර පසුව එම කාන්තාව ඔහුගේ සිරුර රෝහලට භාර දී තමා ඔහුගේ භාරකරු බවට ව්‍යාජ නමක් සහ ලිපිනයක් ලබා දී පිටව ගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වෘත්තියෙන් රියදුරෙකු ලෙස සේවය කළ ආර්. පී. ඩී. සිසිල් මර්වින් අප්පුහාමි නැමති 51 හැවිරිදි තිදරු පියෙක්.ඉකුත් 20 වන දා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව දිස්‌ත්‍රික්‌ හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමරත්න මහතා විසින් පැවැත්වූ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ලැගුම්හලේ කළමනාකරු පවසා ඇත්තේ එම යුවළ මීට පෙර අවස්ථා කිහිපයකදීම තම ලැගුම්හලට පැමිණ ඇති බවයි.

ලැගුම්හලේ කාමරය තුළ සිටියදී විවාහකයා අසනීප වුණු බවත් ඉන්පසු ගිලන් රථයක් ගෙන්වා ඔහු රෝහලට යැවීමට කටයුතු කළ බවත් ලැගුම්හලේ කළමනාකරු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ලැගුම්හලේ හිමිකරු සහ අදාළ කාන්තාව තමා හමුවට ඉදිරිපත් කරන ලෙස කටාන පොලිසියට උපදෙස්‌ දුන් මරණ පරීක්‌ෂකවරයා මරණ පරීක්‌ෂණය කල් තැබීමටයි කටයුතු කර ඇත්තේ.


(under the courtesy of harigossip.com web)

More News »