8 හැවිරිදි දැරිය අපයෝජනය; අතවරය සිදුවන විට බාලවයස්‌කාර තරුණෙයක්!

2018-04-18 11:37:00       362
feature-top
බාල වයස්‌කාර 8 හැවිරිදි දැරියක්‌ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයකුට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කළ බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා එම සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට නියෝග කළේය. ඊට අමතරව වින්දිත දැරියට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමටද විත්තිකරුට නියම කර රුපියල් 7500 ක දඩ ඔහුට නියම කෙරිණි.
 
 දඬුවම් ලැබූ විත්තිකරු වූයේ බඩල්ගම අඹගහහේන නව ජනපදයේ පදිංචි ඩබ්ලිව්. එම්. ඉන්දික රුවන් කුමාර නමැත්තකි.
 
 2013 පෙබරවාරි මස 10 වැනි දින බඩල්ගමදී අඩු වයස්‌කාරියක්‌ වූ 8 හැවිරිදි දැරියකට බලවත් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධි චෝදනා ලබා තිබිණි.
 
 මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනකසිරි සම්පාය මහතා කරුණු දක්‌වමින් මෙහි විත්තිකරු මෙම අතවරය සිදුවන අවස්‌ථාවේ ඔහු අවුරුදු 16 ක බාල වයස්‌කාර තරුණයකු බවත් ඉදිරියේදී ඔහු යහපත් පුරවැසියකු වීමට විත්තිකරුට ලිහිල් දඬුවමක්‌ ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙය විය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »