සඳමාලිගේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි.

2018-03-27 04:53:00       375
feature-top
වේයන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළසිරුරක්  (25) පෙරවරුවේ සොයා ගත්තා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පේඩිගේ ඉන්දිකා සඳමාලි දීගලහින්න - එළමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.

පොලිසිය පවසන්නේ ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

අදාල තරුණිය ගුවන් හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර තුර ඇය සේවය කරන ආයතනයේ වැඩ පරීක්ෂකවරයකු සමඟ ද සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

වතුපිටිවල ප්‍රදේශයේ නවාතැන්පොළක නැවතී සිටි බව කියන තරුණිය  (25) උදෑසන ත්‍රිරෝද රථයකින් වේයන්ගොඩ නගරයට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඇගේ අනියම් පෙම්වතා බව කියන  ඇඟලුම් කර්මාන්තශාලාවේ පරීක්ෂකරයාගේ දැනුම්දීම මත දඩගමුව ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඇයගේ රන් මාලයක් වැඩ පරීක්ෂකවරයාට ලබා දී තිබී ඇති අතර එය ලබා ගැනීමේ අරමුණින් ඇය ගොස් ඇති බවට වාර්තා වනවා. 

අනතුරුව වැඩ පරීක්ෂකවරයාගෙන් ලැබුණු ඇමතුමක් අනුව ඇය ත්‍රිරෝදයෙන් බැස ඔහු හමුවීමට ගොස් ඇති බව සඳහන්.

ටික වේලාවක් බලා සිටි ත්‍රිරෝද රියදුරා තරුණිය සෙවීම සඳහා ඉදිරියට ගොස් ඇති අතර එසේ යනවිට හමුවූ තරුණයකුගෙන් "නංගි කෙනෙක් මේ පැත්තට ගියා හයර් එක ඉල්ලගන්න එයා බලන්න යන ගමන්" බව ප්‍රකාශ කළ පසු එම තරුණයා කුලී මුදල රුපියල් 300ක් ගෙවා "එයා එයි" යනුවෙන් පවසා පිටව ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේදී තරුණයාගේ සිරුරේ ලේ ගෑවී තිබෙනු දැකීම හේතුවෙන් සැක පහළ වූ ත්‍රිරෝද රියදුරා අසල්වාසීන්ට මේ බව දන්වා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට පියවර ගෙන ඇති බව සඳහන්.

අනතුරුව  (25) පෙරවරුවේ සොයා ගැනුණු තරුණියගේ මළසිරුරේ කැපුම් තුවාල දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දඩගමුව ප්‍රදේශයේ පදිංචි 25 වන වියේ පසුවූ වැඩ පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



(under the courtesy of harigossip.com web)

More News »