බාල වයස්‌කාරියට අතවර කළ 5 දෙනා සහ අනුබල දුන් මව හා මිත්තනිය

2018-03-16 11:26:00       562
feature-top
දහතුන් හැවිරිදි දියණියක්‌ ලිංගික අපයෝජනයට ලක්‌කළ පුද්ගලයින් පස්‌දෙනකු සහ ඊට ආධාර අනුබලදුන් ඇයගේ මව සහ මිත්තනිය සැකපිට ජාතික ළමා ආරක්‍ෂක අධිකරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකය මගින් 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය අපයෝජනයට ලක්‌ කළ අය අතරේ පවුලේ ඥතීන් දෙදෙනකුද වන බව එම ඒකකය කියයි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තණමල්විල පොලිස්‌ ස්‌ථානයට වාර්තා වී තිබූ අතර පසුව වැල්ලවාය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව එහි වැඩිදුර විමර්ශන සිදු කිරීම ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පැවරිණි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර අදාළ ගොනු මහාධිකරණයේ නඩු පැවරීම සඳහා නීතිපති වෙත යොමුකර ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිනි නීතීඥ මරිනිද ලිවේරා මහත්මිය "දිවයින"ට පැවසුවාය.

මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව මෙම මස 22 වැනිදා කැඳවීමට නියමිතය.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක සෝමසිරි ඇතුළු විමර්ශන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »