අනියම් සැමියා සමග සිටි බිරිඳට පිහියෙන් ඇන මරා දැමූ සැමියා විදෙස් කාන්තාවක්ද දුෂණය කරලා

2018-03-09 11:51:00       295
feature-top
තම බිරිදට පිහියෙන් ඇන ඝාතනය කර පලා ගොස්‌ ඇති සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලිසිය පවසනවා.
 
 ඝාතනයට ලක්‌ව ඇත්තේ මාරවිල - කුරුස පල්ලිය, දෙවැනි පියවර පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු මවක් බව සදහන්.

සැකකාර සැමියා පැමිණෙන විට මියගොස්‌ ඇති කාන්තාව තම අනියම් සැමියා සමග නිවසේ සිටි බවයි පැවසෙන්නේ. මේ බව දැක ඇති සැකකරු දෙදෙනාටම පිහියෙන් ඇන තුවාල සිදුකර පලා ගොස්‌ තිබෙනවා. තුවාල ලබා සිටි දෙදෙනාම එම අවස්‌ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, දෙදෙනාගේම තත්ත්වය බරපතළ බැවින් ඔවුන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. ජාතික රෝහලේදී කාන්තාව මියගොස්‌ තිබෙනවා.
 
 සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විසින් සොයන සැකකරු මීට වසර කීපයකට පෙර මාරවිල මුහුදු තීරයේ සංචාරක හෝටලයකදී වයස අවුරුදු 60 ක්‌ පමණ වන ජර්මන් ජාතික කාන්තාවක්‌ දූෂණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ අයකු බව ද පොලිසිය කියයි.


(under the courtesy of hirutv.lk blog web)

More News »