බිරිඳ, නැන්දම්මා, ඇතුළු හයදෙනකුගේ ඝාතනය

2018-02-26 01:15:00       539
feature-top
තම බිරිඳ, නැන්දම්මා ඇතුළු පුද්ගලයින් හය දෙනකු ඝාතනය කිරීමේ අදහසින් තම නිවසේ රාත්‍රි බත්පතට කෘමිනාශක මිශ්‍රකර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට (විත්තිකාර සැමියාට) බරපතළ වැඩ ඇතිව වසර 12ක සිරදඬුවම් නියම කළ බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එම විත්තිකරු වරද පිළිගැනීම සැලකිල්ලට ගෙන එම සිර දඬුවම වසර 5ක කාලයට අත්හිටුවීමට නියෝග කළේය.

ඊට අමතරව එම සිද්ධියට මුහුණු දුන් පැමිණිලිකරුවන් හය (6) දෙනාට එක්‌ අයකුට රුපියල් 25,000 බැගින් රුපියල් ලක්‌ෂ 1 1/2 ක වන්දියක්‌ ගෙවීමටද විත්තිකරුට නියෝග කළේය. ඊට අමතරව රුපියල් 7500 ක දඩයක්‌ද නියම විය. මිනීමැරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරු වූයේ ටී. වසන්ත කුමාර කරුණාතිලක (50) නැමැත්තාය. ඔහු 2007 අප්‍රේල් මස 18 වැනි දින කටාන ආඬිමුල්ලේ ඔහුගේ නිවසේදී එම අවස්‌ථාවේ නිවසේ සිටි විත්තිකරුගේ බිරිඳ නැන්දම්මා සහ බිරිඳගේ සොහොයුරියගේ දරු සිව්දෙනා ඝාතනය කිරීමට නිවසේ බත්පතට කෘමිනාශක මිශ්‍රකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටියේය. රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ මහේෂ් වෑවිට මහතා පෙනී සිටියේය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »