අහිංසක මල් කැකුළක් තලාදැමූ නරුම බාප්පා

2018-02-01 11:45:00       602
feature-top
යුක්තිය පසිඳලන භූමියෙ වැඩ ඉන්න දෙවියනි! යදින උදවියගෙ මුවින් පිටවන මේ වදන් අපේ දෙස5වන් හට අමුත්තක් නෙමෙයි. දරුවන්ගෙ වැරදි නිසා කඳුළු බොන මව්පියවරුන් අතරෙම මවුපියන්ගෙ වැරදි නිසා අපා දුක් ගෙවන අහිංසක දරුවනුත් මේ සමාජයේ එන්න එන්නම වැඩිවෙලා. වැරැුද්ද කාගෙද කියලා සොයන්න කලින් වැරැුද්ද කොතැනද කියලා සොයන සමාජයක් අද අපට නැහැ. දූෂිතයො නිදැල්ලෙ ඉඳිද්දි අසරණ වෙච්ච දරුවන් අනාථ නිවාසවල.... එහෙම නැත්නම් හයක් හතරක් නොතේරෙන පුංචි මල් කැකුළු දූෂණය කරලා මරලා දානවා. සමහර ඉස්කෝලෙ යන වයසේ දියණිවරුන් ගැබ්බර වෙලා.
සමහර මව්පියන් ලෝකෙට පේන්න යාන වාහන, ලොකු රස්සාවල්, තාන්න මාන්න හරි ලොකුවට හිසේ තියාගෙන ලෝකයාව හිනස්සවනවා. ඒ අයගේ ගෙවල් ඇතුළෙ ගත්තම අමු සොහොන්. බිරින්දෑවරු තමන්ගෙ මහත්තයට ලෝකෙම නැති පරුෂ වචන දාලා අර මනුස්සයගෙ මුළු ඉතිහාසෙම හාර අවුස්සනවා. අවසානයේ දෙන්න දෙමහල්ලො විරසක වෙලා අසරණ වෙන දරු පැටව් ගැන අනේ අපොයි! කියන්න කෙනෙක් නැහැ. අවසානයේ ඒ දරුපැටවුන්ට ඉතුරු වෙන්නෙ මහ පාර. එහෙම නැත්නම් අනාථ නිවාස.

එවැනිම අඳුරු අතීතයක් එක්ක ජීවත් වෙන කේතකී මට මුණ ගැහුණෙ එක්තරා ළමා නිවාසයකදි. කඳුළුත් එක්ක ලියැවුණු මේ ජීවිත ගැන කථා කිරීම අප සතු අභාග්‍යයක් වුණත් අද සමාජය ඒ අභාග්‍යයට ඇද දමලා හමාරයි.

සැබවින්ම කේතකී කියන්නෙ දෙවරක් හැරී බලන්න තරමටම රූමත් දියණියක්. පුංචි අහිංසක සිනහවකින් අපව පිළිගත්ත ඇය ඇගේ කතාව දිගහැරියෙ මේ විදිහට.

කේතකී කියන්නෙ පවුලේ හුරතලේට හැදිච්ච එකම දරුවා. කේතකීගෙ අම්මා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරපු කෙනෙක්. ඇගේ පියා පෞද්ගලික අංශයේ රැුකියාවක් කරපු කෙනෙක්. කේතකීට මිල මුදල් සැප සම්පත්වලින් අඩුවක් පාඩුවක් තිබුණෙ නැහැ. ඒ කොයි තරම් සැප සම්පත් තිබුණත් ඇය හැදුනෙ මාපියන්ගෙ ආදරේට වඩා සේවිකාවගෙ සෙනෙහස මැද්දේ.

රැුකියාව නිසා කේතකීගෙ අම්මා ගතකළේ කාර්ය බහුල ජීවිතයක්. ඔය අතරතුර කේතකීගෙ අම්මාගෙ අනියම් සම්බන්ධයක් පිළිබඳ කේතකීගෙ තාත්තගෙ කන වැටෙනවා. මේ නිසා මේ ගෙදර අඩදබර ටිකෙන් ටික වැඩි වෙන්න ගත්තා.

කේතකීගෙ අම්මා එයාගෙ වංශවත් කුලයයි අධ්‍යාපනයයි ඉස්සරහට දාලා කේතකීගෙ තාත්තව හෑල්ලූවට ලක්කළා. ඒ වෙනකොට ඇගේ අනියම් පේ‍්‍රමය දළුලා වැඩෙමින් තිබුණ නිසා පුංචි කේතකී ගැනවත් ඇයට සොයා බලන්න වෙලාවක් තිබුණෙ නැහැ.

කේතකීගෙ තාත්තගෙ රැුකියාව, රූපය කේතකීගෙ අම්මගෙ උසස්වීම් එක්ක ගැළපුනේ නැහැ. මේ නිසා කේතකීගෙ ගෙදර අඩදබර පරුෂ වචන නැති දවසක් නැති තරම්.

පුංචි කාලෙ ඉඳලම අම්මාට වඩා මං කිට්ටු වුණේ තාත්තට. අම්මා හැමදාම ගතකළේ කාර්ය බහුල ජීවිතයක්. මම දැනුම් තේරුම් තියෙන අවදියේ ඉඳලම අම්මයි තාත්තයි අතර පොඩි පොඩි අඬදබර තිබුණා. ප‍්‍රධාන හේතුව අම්මා ගෙදර ගැන, තාත්තා, මම මේ කිසිම දෙයක් ගැන හෙව්වෙ බැලූවෙ නැහැ. තාත්තා නිතරම රණ්ඩු වුණේ ඒක. අම්මා ටිකෙන් ටික රැුකියාවෙන් ඉහළට යද්දි තාත්තගෙ රස්සාව, රූපය අඩුපාඩුකම් ගොඩක් අම්මට මදිකමක් වුණා. තාත්තා මේ ප‍්‍රශ්න නිසා බොන්න පටන් ගත්තා.

අවසානයේ තාත්තා අම්මගෙන් නීතියෙන් වෙන්වුණා. වෙන් වෙලා අම්මා වෙන විවාහයක් කරගත්තා.

තාත්තා අම්මගෙන් වෙන් වුණාට පස්සෙ මට පාසල් ගමන පවා එපා වුණා. ගුරුවරු පවා මාව අම්මා දාලා ගිය ළමයෙක් කියලා අනෙක් අයට පෙන්නන්න ගත්තා. ගෙදර ජීවත් වුණේ තාත්තයි මමයි විතරයි. ජීවිතේ ඉතින් සුපුරුදු විදිහට ගලාගෙන ගියා. අම්මා නැහැ කියලා මට ලොකු දුකක් දැනුණෙ නැහැ. සමහර විට එයා මගේ ළඟ වැඩිය රැුඳුණෙ නැති නිසා වෙන්නත් ඇති. මගේ තාත්තා හරිම අහිංසකයි. මට උගන්නන්න තාත්තා ගොඩක් දුක් මහන්සි වුණා. අම්මගෙ කොච්චර වැරදි තිබුණත්, තාත්තට නොසැලකුවත් මම නිසා තාත්තා නිතරම බැලූවෙ හොඳින් ඉන්න.

ඒත් අම්මගෙ වෙන්වීම තාත්තා පුදුම විදිහට දරාගෙන හිටපු මනුස්සයෙක්. අම්මා වෙනම ජීවත් වුණත් මං ගැන ඉඳලා හිටලා සොයලා බැලූවා. ඒත් අම්මගෙ දෙවෙනි විවාහයෙන් පස්සෙ ඉඳලා හිටලවත් කථා කරලා සොයලා බැලූවේ නැහැ.

ජීවිතේ කියන්නෙ කසාද බැඳලා දරුවො හම්බ වුණාට පස්සෙ මහත්තයගෙ වැරදි කප්පරක් සොය සොයා ඒ විවාහයෙන් වෙන් වෙලා තව කෙනෙක් බඳින එක නෙමෙයි. අද දික්කසාදෙ විලාසිතාවක් වෙලා. දරුවො ලොකු වුණාම තමයි මතක් වෙන්නෙ දෙන්න දෙමහල්ලන්ගෙ නොගැළපීම්. අවසානයේ අහිංසක දරුවො අසරණ වෙලා පාරට වැටෙනවා.

කේතකීගෙ තාත්තා තමන්ගෙ බිරිඳගෙ වෙන්වීම දරා ගත්තෙ පුළුවන් කමකට නෙමේ. තමන්ගෙ දරුවා ගැන හිතලා වෙන විවාහයකට වඩා පුංචි කේතකීට හොඳ අනාගතයක් දෙන්න  ඕන කියන සිහිනය කේතකීගෙ තාත්තගෙ හිතේ තදින්ම තිබුණ නිසා.

තාත්තා වැඩට ගියහම ගොඩක් වෙලාවට මම හිටියෙ තනියම. මේ අතරතුරේ නිතරම වගේ බාප්පත් අපේ ගෙදර නිතර ඇවිත් ගියා. බාප්පා රැුකියාව කළෙත් පෞද්ගලික ආයතනයක. බාප්පා ගෙදර ඉන්න දවසට තාත්තා බය නැතුව රැුකියාවට ගියේ බාප්ප මාව හොඳට බලාගිනිවි කියලා හිතලා. ඒත් බාප්පා මගේ මුළු ජීවිතේම විනාශ කළා. ඒ ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ. මට මං ගැනම මහා පිළිකුලක් දැනෙනවා.

ඇගේ හඬ එකවරම නිහඬ වුණේ හරියට විදුලි අකුණක් වැදුණ වගේ. එතනින් එහාට කිසිවක් අහන්න තරම් ශක්තියත් මට තිබුණෙ නැහැ.

කේතකීගෙ තාත්තා තමන්ගෙ සහෝදරයව මහා මෙරක් තරම් විශ්වාස තියලා තමන්ගෙ බිරිඳගෙන් පස්සෙ ජීවත් වෙන්න  ඕන කියලා ඉතුරු වුණ එකම මැණික කේතකී තමන්ගෙ එකම සහෝදරයා ළඟ තියලා රැුකියාවට ගියේ බියක් සැකක් නැතුව. අනේ... මගේ සහෝදරයට වඩා විශ්වාසවන්ත පුද්ගලයෙක් තවත් ඉන්නවද කියන අදහසත් එක්ක. ඒත් කේතකීගෙ තාත්තගෙ සහෝදරයා වුණාට ඒ තාත්තගෙ ගතිගුණ ඒ සහෝදරයගෙ කෙස් ගසකවත් ගෑවිලා තිබුණෙ නැහැ. තමන්ගෙ එකම අයියගෙ දුව මේ විදිහට තලාපෙලා දැම්මෙ ඒකයි.

තාත්තගෙ සෙනෙහසට පස්සෙ බාප්පා කියන්නෙ හරියට දෙවැනි තාත්ත වගේ. හැබැයි ඒ විශ්වාසය තිබුණෙ අතීතයේ. ඒත් අද තමන්ගෙ තාත්තා, සහෝදරයවත් විශ්වාස නැති කාලයක් බවට පත්වෙලා. තමන්ගෙ ලෙයින් උපන් දියණියව දූෂණයට ලක් කරන තාත්තලා ඉන්න සමාජයෙ තමන්ගෙ සහෝදරයා, බාප්පා, මාමා විශ්වාස කරන්නෙ කොහොමද? පුංචි දරුවන්ගෙ ජීවිත එතරම්ම අද අනාරක්‍ෂිත වෙලා.

නිවෙසේ තනි වෙච්ච කේතකීව තාත්තගෙම සහෝදරයා වෙච්ච තමන්ගෙ බාප්පා අතින් වරින්වර දූෂණයට ලක් වුණා. පුංචි මල තලාපෙලා දැම්ම විතරක් නෙමෙයි තර්ජන පවා කරල කේතකීගෙ අහිංසකකමින් ප‍්‍රයෝජන ගත්තා.

��උඹ හැමදාම මාත් එක්ක ඉන්න  ඕන. කාට හරි කියලා තිබුණොත් තෝව මරනවා.��

මේ විදිහට ඒ තිරිසන් මනුෂ්‍යා කේතකීව බිය වද්දලා තමන්ගෙ ආසාවන් ඉටුකරගත්තා. හිතක් පපුවක් නැතිව අහිංසක මල් කැකුළ තලාපෙළා දැම්මා විතරක් නෙමෙයි බිය වද්දලා මානසිකව වධ හිංසා කළා. මරන බියටම ඇය මේ පිළිබඳ කිසිවෙකුටත් පැවසුවෙ නැහැ.. කේතකීගෙ අහිංසකකමින් ප‍්‍රයෝජන ගත්තා. ඒ තිරිසන් බාප්පා කිහිපවරක්ම ඇයව දූෂණය කළා.

මම හැමදේම දරාගෙන හිටියෙ බයට. ජීවිතේ නැති කරගන්න මම විවිධ දේවල් කරගත්තා. ඒත් හවසට ගෙදර එන තාත්තගෙ මූණ දැක්කම දුකක් දෙන්න හිත දුන්නෙ නැහැ. පස්සෙ බැරිම තැන  ඕන දෙයක් වෙද්දෙන් කියලා තාත්තට කිව්වා.

පණටත් වඩා ආදරෙන් රැුක බලාගත්ත තමන්ගෙ දරුවාට මේ විනාශය කළේ තමන්ගෙම සහෝදරයා කියලා මතක් වෙනකොට කේතකීගෙ තාත්තගෙ ඉවසීම ඉහවහා ගිහින් තිබුණේ.

ඒ වෙනකොට කේතකීගෙ තාත්තා හිටියෙ මාරයාගෙ වේසයෙන්. දෛවය කියන දේ හැමදේටම ඉඩ දුන්නා. කේතකීගෙ බාප්පා පොලිස් භාරයට පත්වුණා. ඔහු ඒ වෙනකොටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීමකට පොලිස් ඇස යොමු වෙලා තිබුණු පුද්ගලයෙක්. බාල වයස්කාර දැරියක් නිසා ඇය පුනරුත්ථාපනයට යොමු කෙරුණා.

මේ කථාව තවත් එක් පුංචි මල් කැකුළකගේ අවාසනාවන්ත කථාවක් විතරයි. ඒ ලියපු හැම වචනයකම ගැබ්වෙලා තියෙන්නෙ කේතකීගේ අසරණකම. මේ කථාව රටක් බලාවි, අනේ අපොයි! කියාවී. ඒත් පුංචි කේතකීගෙ අසරණ වෙච්ච ජීවිතේ මේ වචනවලට ගන්න බැහැ. පොඞ්ඩක් හිතන්න, මේ දේ හෙට ඔබේ දරුවට වෙන්න පුළුවන්.

කොයිතරම් ලොකු රැකියාවක් කරන, කොයි තරම් ඉහළට ඉගෙන ගත්තත් තමන්ගෙ දරුවා, සැමියා පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් වටින්නෙ නැත්නම් ඒ මව් පදවියෙන් වැඩක් තියෙනවද? අද කේතකීගෙ තාත්තා මේ දේවල් දරාගත නොහැකිව මානසික රෝගියෙක් වෙලා.

අද ඒ අම්මා බොහොම ඉහළින් මේ සමාජයේ වැජඹෙනව ඇති. මොහොතක් හිතන්න අම්මගෙ අරක්‍ෂාව දරුවට සෙවණැල්ල වගේ. ඔයාලගෙ ජීවිත ඇතුළේ ප‍්‍රශ්න, ගහ බැණ ගැනීම්  ඕන තරම් තියෙන්න පුළුවන්. සමහර විට උසාවි පොලිසි ඉසේ කෙස් ගාණට තියෙන්න ඇති. ඒත් ඔයාලගෙ විරසක වීම් පුංචි දරුවන්ගෙ ජීවිත විනාශ කරන මහ පාරට ඇද දාන තෝතැන්න බව හොඳට මතක තියාගන්න.

කේතකීගෙ අනුවේදනීය කථාවත් එක්ක එක්තරා පුවත්පතක තිබුණ පුංචි කවියක් මතක් වුණා.

ලෝක තලයට කුසුමක් වී ඉපදුනද
කුඩා වියේදීම දරදඬු දෑතට පොඩි වුණ ඔබ
නෙතට ගින්දරක් ගනු බැරිව හඬමින් කල් ගෙවන
මක් කරන්නද නිහඬයි තවම සමාජය.... 


More News »