නල්ලූර් හන්දියේ සැරයන් ඝාතනය සහ දෙමළ විනිසුරුගේ මනුස්සකම

2017-08-01 12:28:00       213
feature-top
යාපනය, නල්ලූර් වීදියේදී සිදුවූ වෙඩි තැබිමෙන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංච්ෙලියන් මහතාගේ ආරක්ෂාවට ගිය ‍පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ මරණය මේ දිනවල රටේ කාගේත් කතාබහට ලක්වූ කාරණාවක් බවට පත්වී ඇත්තේය.

මෙය විනිසුරුවරයා ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයක් බව මුලදී කියැවුණු අතර විනිසුරුවරයා කියා සිටියේද මෙය තමා ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයක් බවය.

කොටි ත්‍රස්තවාදයෙන් උතුර වෙලාගත් තිස් වසර තිස්සේම මරණය යනු උතුරේ ඉතාමත් සුලබ දෙයක් විය. උතුරේ ජනතාව මරණ හැටිත්, මැරෙන හැටිත් හොඳ හැටි දැක තිබේ. ඒවා ඔවුනට හොඳහැටි හුරු පුරුදුය. එසේ තිබියදීත් ආරක්ෂකයාගේ වියෝවෙදී සංවේදී වී හඬා වැටෙන විනිසුරුවරයාගේ හැසිරීම කාගේත් කතාබහට ලක්වූයේය. ඒ උතුරේ දෙමළ විනිසුරුවරයකු තමාගේ ආරක්ෂාවට සිටි සිංහල ජාතික ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ඒ තරම් සංවේදී වීමත් සමගය. මෙම හැසිරීම විනිසුරු සදාචාරයේදී ප්‍රශ්නයක් වුවද තම ආරක්ෂකයාගේ වියෝව දරාගත නොහැකිව මිනිස්කම එළියට එන්නේ උතුරේ දකුණේ අයගේද හදවත් කම්පා කරවමිනි.

රටේම කතාබහට ලක්වූ මෙම සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 22දාය. යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලෙන්ච්ෙලියන් මහතා උසාවියට ගොස් එන අතරේ මෙම වෙඩි තැබිමේ සිද්ධියට මුහුණ දෙන්නේය. එදින ඔහු අධිකරණයේ නඩු විභාග කළ දිනයක් නොවීය.

රාජකාරි කටයුතු අවසන් කර තම නිල නිවස වෙත යමින් සිටින අතරතුරේ ඉලන්ච්ෙලියන් මහතාගේ වාහනයට ආරක්ෂාව සපයමින් සැරයන් සරත් හේමචන්ද්‍ර (24330) යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියේය. ඔහු වසර පහළොවක් පමණ ඉලංච්ෙලියන් විනිසුරුවරයාගේ ආරක්ෂකයකු ලෙස සිත දිනාගෙන සිටි අයෙකි.

එදා විනිසුරුවරයා නල්ලූර් හන්දියට එනවිට එම හන්දියේ ත්‍රිරෝද රථ ගා‍ලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම ප්‍රදේශයේ මාර්ගයේ තදබදයක් තිබුණේය. නල්ලූර් හන්දියේ ත්‍රිරෝද රථ ගාලට වැඩිපුර ත්‍රිරෝද රථයක් ඇතුළු කිරීමට යාම මෙම කලහකාරී තත්ත්වය හටගෙන තිබුණේය.

නල්ලූර් හන්දිය වෙත ළඟාවෙද්දී කලහකාරී ලෙස හැසිරෙන පිරිසක් ඈත තියා දුටු සැරයන් හේමචන්ද්‍ර එතැනට ගොස් ඔවුන්ව ඉවත් කර ඉලංච්ෙලියන් මහතාගේ වාහනයට මාර්ගයේ ඉඩකඩ ලබාදීමට කටයුතු කළේය.

කලහකාරීන් අතරේ සිටි සෙල්වරාජසා ජෙයන්දන් (38) එක්වරම පැමිණ සැරයන් හේමචන්ද්‍ර හට තට්ටුවක් දමා ගැටුමකට මුල පුරන්නේ තමාගේ චණ්ඩිකම පෙන්වන්නටය. සෙල්වරාසාගේ තට්ටුවෙන් කලබල වූ සැරයන් හේමචන්ද්‍ර තම ඉණෙහි වූ පිස්තෝලය අතට ගෙන කලහකාරීන් පාලනය කරන්නට උත්සාහ ගත්තේ මහාධිකරණ විනිසුරුවරයා අනාරක්ෂිත තත්ත්වයට පත්වීමට නොදී එතැනින් ඉවත් කරගෙන යාම සඳහාය.

නමුත් සිදුවන්නේ නොසිතූ දෙයකි. කලහකාරීන් බියවද්දන්ට පිස්තෝලය අතට ගත් සැරයන් හේමචන්ද්‍රගේ ඇඟට සෙල්වරාසා නමැත්තා එක්වරම කඩා පනින්නේය. ඒ සැරයන්වරයා තමාට වෙඩි තබාවි යැයි බියෙනි.

පසුව දුන් කටඋත්තරයකදී ඔහු එසේ කියා තිබුණි. එසේ සැරයන් හේමචන්ද්‍ර සමග ‍පොර බදන අතරේ තමා අතට පිස්තෝලය ගන්නට සටන් කරන්නේය. අවසානයේ සෙල්වරාසා අතට පිස්තෝලය හිමිවන අතර එහි උණ්ඩයක් සැරයන්වරයාගේ ළය පසාරු කර යන්නේ සැරයන්වරයා බිම හෙළමිනි.

මාර්ගයේ ඉඩ සලසා දෙන්නට යතුරුපැදියෙන් බැසගත් සැරයන් හේමචන්ද්‍රගේ පිස්තෝලය උදුරාගෙන  හේමචන්ද්‍රට වෙඩි තබනවා මෝටර් රථයේ සිට දැකගත් විනිසුරු ඉලංච්ෙලියන් මහතා හා ඔහුගේ අනෙක් ආරක්ෂකයා වූ ‍පොලිස් කොස්තාපල්වරයා වාහනයෙන් පිටතට බසින්නේ සැරයන් හේමචන්ද්‍ර ගලවා ගන්නටය.

විනිසුරුවරයා සමග සිටි කොස්තාපල්වරයා තමා අතෙහි වූ පිස්තෝලය ගෙන සෙල්වරාසාට වෙඩි තබන්නට උත්සාහ කළත් සෙල්වරාසාගේ අත වූ පිස්තෝලය ඊට වඩා ඉක්මන් වූයේය. ඒ ප්‍රහාරයෙන් විනිසුරුවරයා බේරා ගැනීමට ඉදිරියට පැන්නේ විනිසුරුවරයාට සේවය සැපයූ අනික් ‍පොලිස් නිලධාරියාය. ඔහු වහාම විනිසුරුවරයා පසෙකට ඇද දැමුවේය. එසේ විනිසුරුවරයා පසෙකට ඇද නොදැම්මා නම් ඔහුගේ ජීවිතයටද අනතුරක් වීමට ඉඩ තිබුණේය. එහිදී විනිසුරුවරයාට කිසිදු හානියක් සිදු නොවූවත්  එම වෙඩි උණ්ඩය කොස්තාපල්වරයාගේ අතට වැදී තුවාල ලබන්නේය.

මෙහිදී කොස්තාපල්වරයා තමා අත වූ පිස්තෝලයේ උණ්ඩ අවසන් වනතුරු වෙඩි තබන්නේත් ජීවිත අවදානමින් විනිසුරුවරයා රැක ගන්නටය.

එම වෙඩි ප්‍රහාරයෙන් බියට පත්වූ සෙල්වරාසා මාර්ගයේ ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ යතුරුපැදියක් බලහත්කාරයෙන් රැගෙන අරියා‍ලේ දෙසට පලා යන්නේ පිස්තෝලයද අතරමග විසිකර දමාය. ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි කොස්තාපල් හා බරපතළ තුවාල ලබා සිටි සැරයන් හේමචන්ද්‍ර වහාම රෝහල්ගත කෙරෙන අතර බරපතළ තුවාල ලබා සිටින සැරයන් හේමචන්ද්‍ර රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතයට සමු දෙන්නේය.

මෙම සිද්ධියත් සමග යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්ච්ෙලියන් මහතා පවසන්නේ මෙය සෘජුවම තමා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් බවය. කයිට්ස්, පුංගුඩුතිව් දූපතේදී අමානුෂික ලෙස දූෂණය කර මරා දමා සිටි විද්‍යා දැරියගේ ඝාතන නඩුව විභාග කෙරෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්‍ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරන නිසා ඉලංච්ෙලියන් මහතා ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වූ බවද කියැවෙන්නට විය. විද්‍යා ඝාතන නඩුව සම්බන්ධව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මගින් විද්‍යා ඝාතන නඩුව නිසි මගකට ගෙනඒමත් සමග කාගේත් කතාබහට ලක්වූ කාරණාවක්ද වූයේය.

මෙම කතාබහ යන අතරේ සැරයන් හේමචන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මූලික ‍පොලිස් විමර්ශනවලදී ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින තැනැත්තාගේ සොහොයුරා හා මස්සිනා ‍පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේය. තවත් තිස්දෙනකුගෙන් පමණ ප්‍රශ්න කෙරෙන්නේය. ඝාතකයා විසින් පැහැරගත් යතුරුපැදිය අරියා‍ලේ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමුවන්නේය.

‍පොලිස් විමර්ශනවලට අනුව තහවුරු වන්නේ නල්ලූර් හන්දියේ ත්‍රිරෝද රථ නැවතුම්‍පොළට අලුතෙන් ත්‍රිරෝද රථයක් ඇතුළත් කිරීමට යාමෙන් මෙම ස්ථානයේ කලහකාරී තත්ත්වය ඇතිවී තිබෙන බවයි.

සෙල්වරාසාගේ වැඩිමහල් සොහොයුරාට අයත් ත්‍රිරෝද රථය නල්ලූර් ත්‍රිරෝද රථ ගා‍ලේ ත්‍රිරෝද රථ හිමියන් විසින් තම රථගාලට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සෙල්වරාසා ඒ පිළිබඳව කතාබහ කිරීමට එහි ගොස් තිබුණ අතර එහිදී දෙපාර්ශ්වය අතර කතාබහ දුරදිග ගොස් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණු බවද විමර්ශනවලදී හෙළිවී ඇත්තේය.

තම බාල සොයුරාට මත්පැන් ගෙනැවිත් දී පසුව පලතුරු වෙළෙන්දකු හා මස්සිනාද කැටුව ත්‍රිරෝද රථගාලට ගොස් එහි ත්‍රිරෝද රථකරුවන් සමග කලහකාරී තත්ත්වයක් ඇතිකර ගන්නේ ඒ අනුවය.

මහාධිකරණ විනිසුරුවරයා රැගත් වාහනය හා ‍පොලිස් යතුරුපැදිය එම ස්ථානය වෙත එන්නේ එම කලහකාරී තත්ත්වය මධ්‍යයේය.

‍පොලිස් සැරයන් හේමචන්ද්‍ර එතැනදී යතුරුපැදියෙන් බැස මාර්ගයේ සිටි පිරිස් ඉවත් කරන්නට යුහුසුලු වෙද්දී සෙල්වරාසාගේ සොහොයුරා සෙල්වරාසාට අභියෝගයක් කරන්නේය.

“උඹ චණ්ඩියෙක් නම් ‍පොලිසියේ එකාට අත තියලා පෙන්වපන්” සෙල්වරාසාගේ අයියා සිය බාල සොයුරාට දුන් අභියෝගය විය. මත් වතුරින් හොඳහැටි මත්ව සිටි සෙල්වරාසා, එම අභියෝගය භාරගෙන සැරයන් හේමචන්ද්‍රගේ පිටට තට්ටුවක් දමන්නේ සොයුරාගේ අභියෝගය භාර ගනිමිනි. එසේ පිටට තට්ටු කළ සැණින් සෙල්වරාසාට සැරයන්වරයාගෙන් ප්‍රති ප්‍රහාරයක් එල්ල වන්නේය. සැරයන්වරයා සිය ඉණෙහි වූ පිස්තෝලය අතට ගන්නේද ඒ සමගිනි.

මෙහිදී පිස්තෝලය උදුරා ගන්නට ‍පොර බදින සෙල්වරාසා ‍පොලිස් සැරයන්වරයාටත් වෙඩි තබා යාපනයම භීතියට පත් කරමින් සැඟවී යන්නේය.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකුු වන එම්.කේ. ශිවාජිලිංගම් ‍පොලිසියට මෙම විමර්ශන ගැනද චෝදනා නැගුවේය.

“යාපනයේදී එල්ල කළ ප්‍රහාරය විනිසුරු ඉලන්ච්ෙලියන් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයක් නොවන බවට ‍පොලිසිය හදිසියේ ප්‍රකාශ කර තිබිම ප්‍රබල සැකයක් ඇති කරවා ඇත” යනුවෙන් එම්.කේ. සිවාජිලිංගම් සැකයක් මතුකළේය.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගිය සැරයන් හේමචන්ද්‍රට යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිටදී ගෞරව දැක්වීමේ වැඩසටහනක් යාපනයේ තරුණ කණ්ඩායම් සූදානම් කර තිබුණි.

කොටි මහා විරු සැමරුම් වෙනුවෙන් පමණක් පුෂ්‍පෝපහාර දක්වා ඉටිපන්දම් දැල්වූ යාපනය විශ්වවිද්‍යාලයේ එසේ සැරයන් හේමචන්ද්‍රගේ ඡායාරූපයකට පුෂ්‍පෝපහාර දක්වා ගෞරව දැක්වීම විශේෂ කරුණකි.

මහාධිකරණ විනිසුරු ඉලංච්ෙලියන් මහතාට එල්ල කළ වෙඩි ප්‍රහාරය හෙළා දකින බව කියමින් යාපනයේ සංවිධාන රැසක්ද විරෝධතා දැක්වූහ. මෙම සිදුවීම මගින් මහාධිකරණ විනිසුරුවරයා ඝාතනය කරන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන්නට උතුරේ දේශපාලනඥයන් උත්සාහ ගත්හ.

එසේ නමුදු මෙම සිද්ධියට අවශ්‍ය වූ වෙඩික්කරු වූ සෙල්වරාසා ජෙයන්දන් යාපනය ‍පොලිසිය වෙත පැමිණ භාරවීමෙන් පසුව තමන් සහෝදරයාගේ අභියෝගය ජයගන්නට තට්ටුවක් කිරීමට යෑමෙන් ඇතිවූ ‍පොර බැදීමෙන් පසුව බියට පත්වී වෙඩි තබා පලාගිය බව අනාවරණය විය.

සෙල්වරාසා ජෙයන්දන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු බවද මේ වනවිට ‍පොලිස් විමර්ශනවලදී අනාවරණය වන්නේය. 1994 සිට 1996 දක්වා ක්‍රියාකාරී කොටි සාමාජිකයකු ලෙස රිවිරැස හා ජයසිකුරු මෙහෙයුම්වලට පවා දායක වූ බවද ජෙයන්දන් හෙළි කරන්නේය. ඉන්පසුව යාපනයේ සැඟවී සිටින්නේ යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයකු ලෙසින්ය. 2012 වසරේදී මිනීමැරුමකට ‍පොලිසියට කොටුවුවද සෙල්වරාසාව ඒ මොහොතේවත් පුනරුත්ථාපන වැඩපිළිවෙළට හසුකරගෙන තිබුණේ නැත.

කෙසේ වුවද සෙල්වරාසා නමැති හිටපු කොටි සාමාජිකයා අහඹු ගැටුමකින් හෝ ‍පොලිස් කොස්තාපල්වරයාගේ පිස්තෝලය පැහැරගෙන කළ ඝාතනයෙන් මුළු යාපනයම තැති ගත්තේය. උතුරේ දේශපාලකයන්ට දේශපාලන වේදිකාවේ කතා කරන්නට මාතෘකාවක්ද නිර්මාණය විය.

කෙසේ වුවද මෙම සිද්ධියෙන් පසුව ඉලංච්ෙලියන් මහතා තමාගේ ජීවිතය රැක ගන්නට දිවිදුන් සැරයන් හේමචන්ද්‍රගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ‍පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ වැටී හඬා වැලපෙන ආකාරය දකුණටද සංවේදී දසුනක් විය.

එම සිද්ධියෙන් තුවාල ලැබූ ‍පොලිස් කොස්තාපල්වරයා හමුවීමට ගොස් එම ‍පොලිස් නිලධාරියා වැලඳගෙන ඔහු හඬා වැලපීය. එය කාගේත් කතාබහට ලක්වූ අතර, සැරයන්වරයාගේ අවසන් කටයුතු පැවැත්වෙන දිනයේද උතුරේ විනිසුරුවන් මෙන්ම උතුරේ මහ ඇමැතිවරයාද පැමිණ සිටියේය.

තමා ළඟ වසර පහළොවක් සේවය කරමින් තම පවුලටත් වඩා තමාගේ ජීවිතය රකින්නට කැපවූ හේමචන්ද්‍ර තමාගේ දෑස් ඉදිරිපිටම වෙඩි ප්‍රහාරයට ලක්වූ ආකාරය මතක් කරදුන් මහාධිකරණ විනිසුරු ඉලංච්ෙලියන් මහතා තමාගේ පුතුන් දෙදෙනා වගේම සැරයන්වරයාගේ දුව හා පුතාත් තමාගේ දරුවන් ලෙස භාරගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු දේට උදව් කරන බව හලාවතට පැමිණ කළ ප්‍රකාශයත් බලා සිටි අයගේ නෙතට කඳුළක් එක් කළ මොහොතක් වූයේය.

මේ වනවිට උප ‍පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති හේමචන්ද්‍ර මහතාට උතුරේත් දකුණේත් ගෞරවය හිමිවන්නේ ඔහු දිවි පරදුවට තබා කළ මෙහෙවර වෙනුවෙනි.

මෙකී ඝාතනයට අත්අඩංගුවට ගත් සෙල්වරාසා ජෙයන්දන් (38) නමැති හිටපු කොටි සාමාජිකයා කරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සොයන්නට යාපනය ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියමයෙන් විමර්ශන සිදුවන්නේය. රහස් ‍පොලිසියද විමර්ශන පවත්වාගෙන යන්නේය. ඒ උතුරේ ඇතිවූ මෙම සිද්ධිය අහඹු සිදුවීමක්ද යන්න පිළිබඳවය.

2005 වසරේදී යාපනය, ඉනුවිල්හිදී ඇතිවූ කලහකාරී සිද්ධියකදී ‍පොලිස් අධිකාරී චාල්ස් විජේවර්ධන මහතා පැහැරගෙන ගොස් කපා කොටා ඝාතනය කළ ම්‍ලේච්ඡ සිද්ධියෙන් පසුව මෙවැනි දරුණු සිදුවීමක් වාර්තා වන්නේ නැත.

එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්වූ පසුව 2014 වසරේදී යළි හිස ඔසවන්නට සූදානම් වූ ගෝපි තේවියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ගිය ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උප ‍පොලිස් පරීක්ෂක රත්නකුමාරට වෙඩි තැබූ සිද්ධියෙන් උප ‍පොලිස් පරීක්ෂකවරයා තුවාල ලැබිය.

‍පොලිස් අධිකාරී චාල්ස් විජේවර්ධන ඝාතනයත්, උප ‍පොලිස් පරීක්ෂක රත්නකුමාරට වෙඩි තැබිමත් දෙමළ ඩයස්‍පෝරාව හා කොටි ජාත්‍යන්තර ජාලයේ මැදිහත් වීම මත සිදුවූ බව කරුණු හෙළිවී ඇත්තේය.

මෙම වෙඩි තැබිමට හිටපු එල්ටීටීඊ සාමාජිකයකු සම්බන්ධ වුවද ඔහු පසුපස ක්‍රියාත්මක වූයේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »