මහ දවල් රයන් ඉස්‌සූ 'යහ පාලන සුදු වෑන්'...

2017-07-28 11:04:00       525
feature-top
යහපාලන රජය බලයට පැමිණියේ පසුගිය රජයට චෝදනා රැසක්‌ එල්ල කරමින්ය. ඒ අතර සුදු වෑන් චෝදනාව බරපතළ එකක්‌ වූවා පමණක්‌ නොව එය රට තුළ මානව හිමිකම් කඩවීම් බරපතළ ලෙස දෙස්‌ විදෙස්‌ හි මාතෘකාවට මෙන්ම විවේචනයට ලක්‌ වූ සිදුවීමක්‌ විය.

මහින්ද රාජපක්‌ෂ රජයට සුදු වෑන් කල්ලි කණ්‌ඩායම් පිළිබඳ කොතෙකුත් චෝදනා එල්ල වුවත් එය ඔප්පු කිරීමට හැකි සිදුවීම් වූයේ කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සුදුවෑන් රියකින් පැමිණි පිරිසක්‌ පැහැරගෙන යැමට තැත් කළ සිදුවීමය.

එහිදී ප්‍රදේශවාසීන් විසින් එහි පැමිණි පිරිස අල්ලාගෙන පොලිසියට භාරදීමත් සමඟම ඔවුන්ගේ නම්, ගම් සහිත පැටිකිරියාව එළියට පැමිණියේය.

සඟවා ගත නොහැකි වූ සත්‍යය තුළ ඇති අරුත රටේ ජනතාව තේරුම් නොගත්තා නොවුණේa ඇතැම් කරුණු විය යුතු ඒවා වූ නිසාය.

ජනතාව එලෙස සිතුවත් එකල විපක්‌ෂය මෙය ආණ්‌ඩුවට ප්‍රබල පහරක්‌ එල්ල කළේ මානව හිමිකම් පිළිබඳ කතා කරමින්ය. එහිද සත්‍යයක්‌ නොතිබුණා නොවේය යන්න ද ජනතාව දැන සිටියේය.

අප මේ කරුණු කාරණා පෙළ ගැසුවේ පසුගිය බ්‍රහස්‌පතින්දා (20 දා) කවුරුත් ඕ.පී.ඒ. ලෙස හදුන්වන කොළඹ 07 ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ මූලස්‌ථානය ඉදිරිපිට පැවැති ජවනිකාව දැකීමෙන්ය.

කතාව කෙටියෙන් කියතොත් වෛද්‍ය පීඨ ශිෂ්‍යා ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක්‌ බලහත්කාරයෙන් රැගෙන යැමට තැත්කිරීමත් එය දේශපාලන පක්‌ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන ක්‍රියාකාරීන් එක්‌ව වළක්‌වා ගැනීමේ සිදුවීමත්ය.



සිසුන්ගේ ආරක්‌ෂාව යටතේ සිටි රයන් ශිෂ්‍යා දේශපාලන පක්‌ෂ නියෝජිතයින් පොලිසිය සමග වචන හරඹයක

ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්‌ෂක අංශ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් තවදුරටත් කරන බව එක්‌සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කර සතියක්‌ යැමටත් මත්තෙන් සිසු නායකයකු අත්අඩංගුවට ගැනීමට යැම පුදුම එලවන සුලුය.

සුදු වෑන් සංස්‌කෘතියට තිත යෑයි කියමින් බලයට පැමිණි රජයක්‌ මෙලෙස ක්‍රියා කිරීම යහපාලනයේ සුදු පිරුවට ගලවා ගැනීමක්‌ ලෙස ජනතාව දැකීම පුදුමයට කාරණයක්‌ නොවනු ඇත.

'දිවයින ඉරිදා සංග්‍රහයට' මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් රයන් ජයලත් පැවසුවේ "මේක අත්අඩංගුවට ගන්න ආපු ගමනක්‌ නෙමෙයි. මෙය තනිකරම පැහැර ගැනීමට උත්සාහ කිරීමක්‌. මොකද සිවිල් ඇඳුමින් ඇවිත් උසාවි නියෝගයක්‌වත් නැතුව අත්අඩංගුවට ගන්න ආවයි කියන්නේ විහිළුවක්‌. මීට පෙරත් මරදානේ පොලීසිය කියමින් අපේ ගාල්ලේ වඳුරඹ ගෙදරට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක්‌ ඇවිත් තිබුණා. ඒ අය රාත්‍රියේ ගෙදරට ගිහින් අපේ තාත්තාට තර්ජනය කර තිබුqණා. ඒ වගේම රයන් අද කැම්පස්‌ ආවද කිය කියා කිහිප වතාවක්‌ම විශ්වවිද්‍යාලයේ ආරක්‌ෂක අංශවලින් මේ වගේම පිරිසක්‌ විමසීම් කරල තිබුණා. අපේ තාත්තාට නොදන්නා අය දුරකථන ඇමතුම් ලබා දෙමින් තර්ජනය කරනවා. පුතාව මගදි හම්බවුණොත් කම්බස්‌කරලා තමයි උසාවි දාන්නේ කියලා කීප වරක්‌ තර්ජනය කර තිබුණා" යනුවෙනි.

මෙම පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 20 දෙනකු පමණ එක්‌ව ඇති බව සඳහන් අතර ඔවුන්ගේ අසාර්ථක මෙහෙයුම යහපාලන රජයට කළු පැල්ලමක්‌ එක්‌ කළේය.

මෙම ස්‌ථානයට පැමිණි මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකයකු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට පැමිණියේ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ බව එහි සිටි පිරිසට සඳහන් කරනු දක්‌නට ලැබුණු අතර එහිදී අත්අඩංගුවට ගැනීමට ගෙනා වරෙන්තුව කොහේදැයි ඔවුහු ප්‍රශ්න කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්‌ අනවශ්‍ය යෑයිද ඔවුහු පැවැසූ අතර පැමිණ සිටි පිරිස පොලිස්‌ නිලධාරීන් යෑයි සනාථ කිරීමට හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවුණි.


"රයන් ජයලත්" හොරෙක්‌, මංකොල්ලකරුවෙක්‌ නොමෙයි. ඔහු ශිෂ්‍ය නායකයෙක්‌. ගිය ආණ්‌ඩුව කළා වගේ තමයි මේ ආණ්‌ඩුවත් පැහැර ගන්න හදන්නේ මීට සති කිහිපයකට උඩ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්‌ මේ විදිහට පැහැර ගත්තා.

ඒ පැහැරගත් පිරිසත් පොලිසියේ බව පසුව ඔප්පු වුණා. රට තුළ වෙනසක්‌ නැති බව පැහැදිලියි. ත්‍රස්‌තවාදීන්ව අල්ලන විදිහට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගන්නවානම් මේ රටේ නීතිය කුමක්‌ද යෑයි පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලය සභික පුබුදු ජයගොඩ මහතා පැවැසීය.

"පැහැර ගැනීම් හා පොලිසිය අතර ඇති සම්බන්ධතාව පැහැදිලියි. මේ ආණ්‌ඩුව ඒකාලේ පැවැසූ දේ අවලංගුද? පොලිසිය තවමත් සුදු වෑන් කල්ලි ක්‍රියාත්මක කරනවාද යන්න නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා රටට පැවැසිය යුතු යෑයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

මෙම ජවනිකාව දුටු විට මර්දනය කුමන රජය යටතේත් පොදු කාරණාවක්‌ බවත් එය ක්‍රියාත්මක කිරීමේ හස්‌තයන් පමණක්‌ වෙනස්‌ වූවා යන්න රටේ ජනතාවට සිතෙන්නට පුළුවන. එසේම යහපාලන රජය තවත් ඇදගෙන නෑවා යන්නද ජනතාවට සිතෙන්න පුළුවන.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »