සෙල්ලම් ඉවරයි බයිලා ඉවරයි
එස්‌ එෆ් ලොක්‌කා ආයෙත් කූරු ගනියි...

2017-05-05 09:50:00       555
feature-top
අනුරාධපුර නගරයේ සිට කොළඹ බලා ධාවනය වන කැරියර් ලොරි රථයකි රුපියල් ලක්‍ෂ 150 කට අධික වටිනාකමෙන් යුත් අවුට්‌ ලෑන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ කැරියර්¨ ලොරි රථයේ පටවා තිබුණේය.

මෙම කැරියර්¨ රථය ප්‍රසිද්ධ ලීසිං සමාගමක්‌ විසින් කුලියට ලබාගත් එකකි. කැරියර්¨ රථය තුළ තිබූ අවුට්‌ ලෑන්ඩර් ජීප් රථය අනුරාධපුරයේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකුට අයත් වූ එකකි.

ලීසිං නොගෙවීම නිසා කල්බදු සමාගමේ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ ජීප් රථය අත්පත් කරගත්තේ ඉකුත් 21 වැනිදාය. ටියුෂන් ගුරුවරයා මේ ජීප් රථය සඟවා තිබුණේ අනුරාධපුර මල්වතු පටුමගේ නිවසකය. ලීසිං සමාගමේ නිලධාරීන් ජීප් රථය අත්පත් කර ගනිද්දී නිවසේ සිටි පුද්ගලයකු එහි යතුරු රැගෙන පලාගොස්‌ තිබුණේය.

එහෙත් ජීප් රථය තමන් භාරයට ගත් ලීසිං සමාගමේ නිලධාරීන් එය කොළඹට රැගෙන යැමේ ගැටලුවකට මුහුණපෑහ. යතුර නොමැතිවීම නිසා අවුට්‌ ලෑන්ඩර් ජීප් රථය පදවාගෙන යා නොහැකි විය.

කැරියර් ලොරියකට ජීප් රථය පටවාගෙන එය කොළඹට රැගෙන යන්නට ලීසිං සමාගමේ නිලධාරීන් කටයුතු කළේ ඒ නිසාය. කැරියර්¨ ලොරි රථය ඉදිරියෙන් ධාවනය කිරීමට ඉඩදුන් ලීසිං සමාගමේ නිලධාරීන් වෙනත් රථයකින් ඊට පසුපසින් පැමිණියහ. ඒ අතරතුර ඔවුන් තේ පානය සඳහා අතරමඟ නතර වූහ.

ජීප් රථය පටවාගත් කැරියර්¨ රථය අනුරාධපුර නගරය හරහා ඉදිරියට ධාවනය වුණේය. හිටි හැටියේම කැරියර්¨ රථය පසුපසින් වේගයෙන් ආ වෑන් රථයක්‌ එය පසුකර ගොස්‌ මඟ හරස්‌ වන ලෙස නතර කෙරිණි. කැරියර්¨ රථයේ රියෑදුරු තරමක්‌ කලබල විය. රථය තුළ සිටියේ රියෑදුරු සහ ලීසිං සමාගමේ සේවකයකු පමණි. මඟ හරස්‌ කළ වෑන් රථය සුදු පැහැති එකකි. අඳුරු වීදුරු යොදා තිබූ වෑන් රථය නවීන අංගෝපාංග සවි කළ එකක්‌ විය. වෑන් රථයෙන් බැසගත් සිහින් සිරුරක්‌ ඇති උස තරුණයා කැරියර්¨ රථය දෙසට ආවේ බොහොම සන්සුන් අන්දමින්ය. අනුරාධපුර නගරයේ මාර්ගය දෙපස රැස්‌ වූ ජනතාව තුෂ්නිම්භූතව බලා සිටිති. වෑන් රථයෙන් බැස යන පුද්ගලයා කවුදැයි නගරවාසීහු හොඳින් දනිති. කැරියර්¨ රථයේ රියෑදුරු ද මේ පුද්ගලයා කවුදැයි හඳුනා ගත්තේය. රියෑදුරු බියෙන් වෙව්ලන්නට පටන් ගත්තේය.

"මම තමයි එස්‌. එෆ් ලොක්‌කා" වෑන් රථයෙන් බැස කැරියර්¨ රථය දෙසට ආ තරුණයා කීවේය. හිස අඩක්‌ තඹ පැහැ ගන්වා තිබූ මේ පුද්ගලයාගෙන් දිස්‌වුණේ අමු මැරයකුගේ ස්‌වරූපයකි. එස්‌. එෆ්. ලොක්‌කා කවුදැයි රියෑදුරු හොඳින් දනියි. එස්‌. එෆ්. ලොක්‌කා යනු කිසිම අණක්‌ ගුණක්‌ නොමැති කාලකණ්‌ණි චරිතයක්‌ බව අනුරාධපුරය පමණක්‌ නොව මුළු ශ්‍රී ලංකාවම දැනගත්තේ කරාටේ ශූර වසන්ත සොයිසා සාහසික අන්දමින් ඝාතනය කළ සිදුවීමෙන් පසුවය.

"මෙතන කලබල කරන්නෙ නැතිව ජීප් එක බිමට බාපන්. මට ඕනෙ මේ ජීප් එක"

එස්‌. එෆ්. ලොක්‌කා රියෑදුරුගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කළේය. එස්‌. එෆ්. ලොක්‌කා සමඟ පැමිණි ඔහුගේ දංකුඩ බුක්‌ති විඳින බත්බැලයන් දෙදෙනකු ද ඒ අසලට ආහ.

"ජීප් එක බාපන් මැරුම් කන්නෙ නැතිව. නැත්නම් තියනව ඔළු කටු කුඩු වෙන්න.

මැරයන් කෑගසන්නට වූහ. රියෑදුරුට වෙන කරන්නට යමක්‌ නොමැත. පාතාල මැරයාගේ නියෝග අනුව ජීප් රථය කැරියර්¨ රථයෙන් බිමට බෑවේය. ජීප් රථයේ යතුර ඒ වන විට තිබුණේ එස්‌. එෆ්. ලොක්‌කා ළඟය. ලීසිං සමාගමේ නිලධාරියා ජීප් රථය තමන් භාරයට ගනිද්දී එහි යතුර කිසියම් පුද්ගලයකු පැහැරගෙන ගොස්‌ තිබුණේය.

ලීසිං සමාගමේ නිලධාරීන් භාරයේ තිබූ ජීප් රථය පැහැර ගැනීමේ කාර්යය එස්‌. එෆ්. ලොක්‌කා භාරගත්තේ ටියුෂන් ගුරුවරයාගෙන්ය. කොන්ත්‍රාත් ගාස්‌තුව වූයේ රුපියල් ලක්‍ෂයකි. ජීප් රථයේ යතුර එස්‌. එෆ් ලොක්‌කා අතට පත්වන්නේ ඒ අයුරින්ය.

කැරියර් රථයෙන් බිමට බා ගත් ජීප් රථය එස්‌. එෆ්. ලොක්‌කා වෙත භාරදුන් රියෑදුරු හිස්‌ අතින් පිටව ගියේය. ජීප් රථයට නැඟුණු එස්‌. එෆ්. ලොක්‌කා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයට ඉගිල ගියේය.

පසුගිය කාලය පුරාම රටේම කතාබහට ලක්‌වුණේ අංගොඩ ලොක්‌කා නමැති පාතාල මැරයා ගැනය. කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායකයකු වූ "රණාලේ සමයා" ඇතුළු හත්දෙනකු ඝාතනය කළ සන්නද්ධ කල්ලියට නායකත්වය දුන්නේ අංගොඩ ලොක්‌කාය.

අංගොඩ ලොක්‌කා නමැති පාතාල මැරයා පිළිබඳ මතකය කෙමින් කෙමින් වියෑකී යද්දී පාතාලයේ තවත් ලොක්‌කකු පිළිබඳව නැවතත් රටම කතා කරන්නට පටන් ගත්හ. ඒ එස්‌. එෆ්. ලොක්‌කා නමැති මැරයා ගැනය.

ලීසිං සමාගමක නිලධාරීන් විසින් රැගෙන යමින් තිබූ ජීප් රථයක්‌ අනුරාධපුර නගරයේදී පැහැර ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් එස්‌. එෆ්. ලොක්‌කා පසුගිය 25 වැනිදා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක්‌ බන්ධනාගාරගතව සිටි එස්‌. එෆ්. ලොක්‌කා අනුරාධපුර දහයියාගමට පැමිණ වැඩි දවසක්‌ ගතව තිබුණේ නැත. එස්‌. එෆ්. ලොක්‌කා නමැති මැරයා නැවත වැඩ පටන්ගෙන තිබුණේය.

ජීප් රථයක්‌ පැහැරගැනීමේ චෝදනාව මත පොලිසිය එස්‌. එෆ්. ලොක්‌කා අත්අඩංගුවට ගැනීමත් සමඟම මේ මැරයා පිළිබඳ මතකය නැවත අවදි වුණේය. රටම මේ මැරයා ගැන කතා කරන්නට පටන් ගත්තේ මේ සිදුවීමෙන් පසුවය.

ඉරෝන් රණසිංහ 29 හැවිරිදිය. පදිංචිව සිටියේ අනුරාධපුර දහයියාගමය. මුල්ම රැකියාව වුණේ යුද හමුදාවේ ජාතික ආරක්‍ෂක බලමුළුවේය. වසර කීපයක්‌ එහි සේවය කළ ඉරෝන් රණසිංහ ඉන් පලා ආවේය.

ඉවොන් රණසිංහ ගමේ තරුණයන්ට කීවේ තමන් යුද හමුදා විශේෂ බළකා (එස්‌ එෆ්) සේවය කළ බවය. ෙෆ්ස්‌බුක්‌, යූ ටියුබ් මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි නිතර පරිහරණය කළ ඉවෝන් රණසිංහ තමන් යුද හමුදා විශේෂ බළකායේ සේවය කළ අයකු බවට ප්‍රචාරය කළේය.

යුද හමුදා විශේෂ බළකාය පැත්තටවත් නොගිය ඉවෝන් රණසිංහ එස්‌ එෆ් ලොක්‌කා ලෙස දහයියාගම ගමේ ප්‍රසිද්ධ වන්නේ මොහු විසින්ම ගෙන ගිය මේ ප්‍රචාරයන් හරහාය.

අනුරාධපුර දහයියාගම ගමේ රස්‌තියාදුකාරයන් පිරිසක්‌ සමඟ එක්‌වූ එස්‌ එෆ්. ලොක්‌කා නමැති මැරයා විවිධ දඩබ්බර වැඩ කරමින් ප්‍රසිද්ධියක්‌ ලබා ගන්නට උත්සාහ කළේය. තමන් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින තරුණයකු ලෙස අන්තර් ජාල වෙබ් අඩවි ඔස්‌සේ ප්‍රචාරය කළ මේ මැරයා කරන තරමක්‌ කළේ අන්ත දහදුරා වැඩය.

එස්‌ එෆ් ලොක්‌කා නමැති මැරයා රටේම ප්‍රසිද්ධ චරිතයක්‌ වන්නේ කරාතේ ශූර වසන්ත සොයිසා සාහසික ලෙස ඝාතනය කිරීමත් සමඟය.

සාමාන්‍ය මිනිසකුට කිරීමට තබා සිතීමටවත් නොහැකි ආකාරයේ වීර වික්‍රම ක්‍රියාවන්වල නිරත වෙමින් වසන්ත සොයිසා සිය කාය ශක්‌තියෙන් මුළු රටම ආකර්ෂණය කරගත්තේය.

ගිනස්‌ වාර්තා එකක්‌ දෙකක්‌ නොව දහයක්‌ම පිහිටුවමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ගෙන ඒමට ඔහුට හැකිවුණේ ඔහු සතුව තිබූ අසහාය කාය ශක්‌තිය නිසාය.

එහෙත් ඒ අසහාය කාය ශක්‌තියෙන් හා ජවයෙන් යුතු මිනිසා නිකම්ම නිකන් පාතාල මැරයකු හමුවේ පරාජයට පත්වන්නේ දෛවයේ කිසියම් සරදමක්‌ නිසාය.

වීරවික්‍රමාන්විත ක්‍රීඩාවන්වල නිරතවී සිටි වසන්ත සොයිසා තම ජීවනෝපාය ලෙස ව්‍යාපාර කීපයක්‌ම කරගෙන ගියේය. අනුරාධපුර පූජා නගරයේ "පැනරාමා" නමින් කැරෝකේ සමාජ ශාලාවක්‌ පවත්වාගෙන ගිය වසන්ත සොයිසා ඉන් විශාල ධනයක්‌ උපයා ගත්තේය.

පැනරාමා සමාජ ශාලාව අනුරාධපුරයට පමණක්‌ නොව මුළු රටටම නොගැළපෙන නොහොබිනා වැඩ රාශියක්‌ සිදුවූ ස්‌ථානයකි. පැනරාමා සමාජ ශාලාව තුළ අනුරාධපුරයේ සුරූපී තැරුණියන් මුදලට විකිණුනේය. නීති විරෝධී මත්පැන් අලෙවිය ජයටම කෙරීගෙන ගියේය. මේ සියලු නීති විරෝධී ක්‍රියාවන් සිදුවන්නේ වසන්ත සොයිසා තුළ තිබූ අසහාය කාය ශක්‌තිය මෙන්ම ඊට නොදෙවෙනි වූ දේශපාලන ශක්‌තිය මතය. පැනරාමා සමාජ ශාලාව තුළ සිදුවන නීති විරෝධී ක්‍රියා නතර කිරීමට පොලිසිය පවා ඉදිරිපත් නොවූයේ මෙම වසන්ත සොයියා ගොඩනගාගෙන තිබූ මේ අසහාය දේශපාලන ශක්‌තිය නිසාය.

පැනරාමා සමාජ ශාලාව තුළ විවිධ අසාධාරණකම් රැසක්‌ සිදුව තිබුණේය. ඒ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි තොග පිටින් ලැබී තිබුණද ඒවා එදා නිසි අකාරයෙන් විභාග වුණේ නැත.

ඒ වනවිට එස්‌. එෆ් ලොක්‌කා කරදඬු උස්‌ මහත්වූ චණ්‌ඩියකු බවට පත්ව සිටියේය. මත්පැන් පානය කරමින් රාත්‍රි කාලය පුරා විනෝදවීම එස්‌ එෆ් ලොක්‌කාගේ දින චරියාවේ කොටසක්‌ විය.

අනුරාධපුරයේ විවිධ නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි එස්‌ එෆ් ලොක්‌කා පාතාල මැරයකුවීමට සිහින මැව්වේය. එස්‌, එෆ් ලොක්‌කා තම සහචරයන් සමඟ පැනරාමා හෝටයට ගොස්‌ මත්පැන් පානය කිරීමට පුරුදුව සිටියේය. මොවුන් පැනරාමා හෝටලයට ආවේ ඉඳහිටය.

පැනරාමා හෝටලයේදී මත්පැන් පානය කිරීමෙන් පසු අසීමිත මිල ගණන් ගෙවීමට සිදුවීම බොහෝ දෙනෙකුට අත්විඳීමට සිදුවූ අමිහිරි අත්දැකීමක්‌ විය. මෙවැනි අවස්‌ථාවන් හමුවේ නැගී සිටින අයට සිදුවන්නේ කරාතේ වසන්තගෙන් බඩකට පුරා ගැටි කෑමටය.

එස්‌ එෆ් ලොක්‌කා සහ ඔහුගේ ගෝලබාලයන්ටද "පැනරාමා" හෝටලයේදී මෙවැනිම අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. මේ සිදුවීම දුරගිය ආරවුලක්‌ බවට පත්වුණේය.

එස්‌. එෆ් ලොක්‌කා සමඟ ඇතිකර ගත් ආරවුල තම ජීවිතය නිමා කරන සිදුවීම බවට පත්වනු ඇතැයි වසන්ත සොයිසා සිහිනයකින් හෝ නොසිතූ දෙයකි. එහෙත් සිදුවුණේ එයමය.

2015 වර්ෂයේ ඔක්‌තෝබර් 24 වැනිදා රාත්‍රියේ එස්‌. එෆ් ලොක්‌කා තම සහචරයන් 28 දෙනකු සමඟ පැනරාමා සමාජ ශාලාවට කඩා වැදුණහ. ඔවුන්ගේ අරමුණවී තිබුණේ සමාජ ශාලාවේ දේපළවලට පහරදී ඒවා විනාශ කර වසන්ත සොයිසාට හොඳ පාඩමක්‌ ඉගැන්වීමය.

එහෙත් සිදුවන්නේ එස්‌ එෆ් ලොක්‌කා පවා නොසිතූ දෙයකි. සමාජ ශාලාවට කඩාවැදුණු මැර පිරිස එහි දේපළ විනාශ කරද්දී වසන්ත සොයිසා ඊට එරෙහිව සටන් කරන්නට ඉදිරිපත් වුණේය.

වසන්ත සොයිසා සතු අසහාය කාය ශක්‌තිය පිළිබඳව එස්‌ එෆ් ලොක්‌කා මෙන්ම ඔහුගේ ගෝලබාලයන්ද හොඳින් දැන සිටියහ. වසන්ත සොයිසාට ඉස්‌සරවීමට ඉඩකඩ ලබා දුන්නොත් සිදුවන්නේ තමන්ට මැරුම් කෑමට බව ඔවුන් හො¹කාරවම තේරුම් ගත්හ.

වසන්ත සොයිසාට පහරදීමට එස්‌ එෆ් ලොක්‌කාගේ ගෝලබාලයන් ක්‍රියාත්මක වූහ. අතින් පයින් පහරදී වසන්ත සොයිසාට දැනෙන්න යමක්‌ කළ නොහැකි බව එස්‌ එෆ් ලොක්‌කා මෙන්ම ඔහුගේ ගෝලබාලයන්ද හොඳින් දැන සිටියහ. වසන්ත සොයිසාගේ හිසට පොරෝ පහර කිහිපයක්‌ එල්ල කර ඔහු ඝාතනය කරන්නේ ඒ නිසාය.

අසහාය කාය ශක්‌තියෙන් මුළු රටම වසඟ කරගෙන සිටි වසන්ත සොයිසා නමැති ඒ අපූරු මිනිසා එස්‌ එෆ් ලොක්‌කා නමැති මැරයා අතින් අවසන් ගමන් ගියේ අනුරාධපුරයේ ජනතාව පමණක්‌ නොව මුළු රටම මොහොතකට තුෂ්ණිම්භූත කරමින්ය.

වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් එස්‌ එෆ් ලොක්‌කා සහ ඔහුගේ සහචරයන් 28 දෙනා අත්අඩංගුවට පත්වූහ. එස්‌ එෆ් ලොක්‌කා බන්ධනාගාර ගත කෙරිණි. වසරකට අධික කාලයක්‌ බන්ධනාගාරගතව සිටි මේ මැරයා අපරාධ විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක්‌ බන්ධනාගාරය තුළදී ලබා ගත්තේය. ඒ බන්ධනාගාරයේ සිටි තවත් අපරාධකාරයන්, මැරයන් ඇසුරු කරමින්ය.

එස්‌ එෆ් ලොක්‌කා ඇප මත මුදාහරින්නේ මීට ටික දිනකට උඩදීය. ඒ අධිකරණය ඔහු වෙත ලබා දුන් දැඩි ඇප කොන්දේසි සහිතවය.

එස්‌ එෆ් ලොක්‌කා නමැති මැරයා අනුරාධපුරයට පය ගැසූ දා පටන් එහි ජනතාව ජීවත් වුණේ දැඩි භීතියකින්ය. අනුරාධපුරයේ ව්‍යාපාරිකයන්ට මෙන්ම හෝටල් හිමියන්ට මේ මැරයාගෙන් ගැලවීමක්‌ නැත. මාසිකව මොහු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගත්තේය. අනුරාධපුරයේ ධනවතුන්ට තර්ජනය කළ එස්‌. එෆ්. ලොක්‌කා ඔවුන්ගෙන්ද කප්පම් මුදල් ලබාගත්හ.

කොටින්ම මේ පාතාල මැරයා මුළු අනුරාධපුරයටම හිසරදයක්‌ව සිටියේය. එස්‌ එෆ් ලොක්‌කාට ඇති බිය නිසා කිසිවකුත් ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිසිය වෙත ආවේ නැත.

ධනවතුන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගන්නා කප්පම් මුදල් වියදම් කර අසරණ පවුල්වලට ආධාර, උපකාර කිරීමේ වැඩපිළිවෙළක්‌ද එස්‌ එෆ් ලොක්‌කා කරගෙන ගියේ උතුවන්කන්දේ සරදියල්ගේ ක්‍රියාපිළිවෙළ අනුගමනය කරමිනි. අහිංසක ජනතාවට කෙරෙන ආධාර උපකාර පිළිබඳ ඡායාරූප තොග පිටින් සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය කරන්නට එස්‌ එෆ් ලොක්‌කා අමතක කළේ නැත.

මෙවැනි ක්‍රියාවන් හරහා මොහු කිසියම් වීරත්වයක්‌ ගොඩනඟාගන්නට උත්සාහ කළේය. එහෙත් රටේ නීතියට පිටින් කටයුතු කිරීමට ඉඩක්‌ නැත.

ලීසිං සමාගම රැගෙන යමින් තිබූ ජීප් රථය පැහැර ගැනීමේ චෝදනාව මත එස්‌ එෆ් ලොක්‌කා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සංජීව මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කළහ.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »