කසළ කඳු යට සැඟවුණු පාතාලය

2017-04-26 10:59:00       659
feature-top
මීතොටමුල්ල කුණු කන්දේ ඛිෙදවාචකය මේ වන විට රටේම මාතෘකාවක් බවට පත් වී හමාරය.

දේශපාලකයන්ගේ කඹ ඇදිල්ලක් නිසා කුණු කන්ද ජනතාවගේ හිස මත කඩා වැටෙන තුරුම එය මීතොටමුල්ල ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නොහැකි වූ බවටද මේ වන විට විවිධ පැතිවලින් අසන්නට ලැබේ.

මේ සියල්ල අතරේ මීතොටමුල්ල කුණු කන්දේ බ්ලූමැන්ඩල් කුණු කන්දේ පසුපස සිටිමින් ඒවා රැක ගන්නට ක්‍රියා කළ පාතාල කණ්ඩායම් මෙන්ම පාතාල කල්ලිවලට උඩ ගෙඩි දුන් දේශපාලනඥයන් ගැන තොරතුරුද දැන් කරළියට එමින් තිබේ.

කුණු කඳු කේන්ද්‍ර කරගෙන බිහිවූ පාතාලය ගැන විමසා බලද්දී පාතාල ලෝකයේ ප්‍රකට පාතාලයකු වූ ප්‍රින්ස් කොලම් කරළියට එන්නේ බ්ලූමැන්ඩල් කුණු කන්ද හරහාය.

බ්ලූමැන්ඩල් කුණු කන්ද ධන උල්පතක් කරගත් ප්‍රින්ස් කොලම් මීට වසර ගණනාවකට ඉහතදීත් දිනකට රුපියල් ලක්ෂ තුනහතරක ආදායමක් ඉපැයූ බවද කියැවේ.

හෙරොයින්වලට ඇබ්බැහි වූ කුඩුකාරයන් යොදවා යකඩ, ටින්, කාඩ්බෝඩ් ඇතුළු සියලු දේ වෙන් වෙන්ව එක් රැස් කර ගන්නට නායකත්වය දෙමින් පාතාල නායකයන් ලෙසින් ලෝකය හමුවට එන්නේ මුදල්ද සමගය.

කුණු පාතාලයෝ කුණු කඳු මුදල් ඉල්ලමක් කර ගත්හ. ඔවුහු එම පළාත්වල සිටි කුඩුවලට ඇබ්බැහි වූ තරුණයෝ කුණු කඳුවල කුණු තෝරන්නට යෙදවූහ. මෙසේ කුණු කන්දෙන් කුණු තෝරන ඔවුන් දිනකට තුන් හතර දහසක මුදලක් උපයති. එහෙත් ඒ මුදල එහෙම් පිටින්ම කුඩු ඉරීමට යොදවති. කුඩු ජාවාරම කරන්නේද කසළ කන්ද අත්පත් කරගත් පාතාලයෝමය. ඒ අනුව ඔවුන් කුණු කන්දෙන් මෙන්ම කුඩු විකිණීමෙන්ද දිනකට ලක්ෂ ගණනක මුදලක් ඉපැයූහ. ප්‍රින්ස් කොලම් ඝාතනය වීමෙන් පසුව බ්ලූමැන්ඩල් කුණු කන්දේ බලය පතුරවන්නේ බ්ලූමැන්ඩල් සංඛ, බ්ලූමැන්ඩල් සංජීව වැනි පාතාලයන්ය.

මීතොටමුල්‍ලේ ඛිෙදවාචකය සිදුවූ කුණු කන්ද පසුපසින් සිටින්නේද එවැනිම දේශපාලන බලය හා පාතාල බලය වපුරවන පාතාල ප්‍රබලයන්ය. මීතොටමුල්‍ලේ කන්ද පසුපස සිටින ප්‍රධානම චරිතය සුද්දාය.

මීතොටමුල්ලට කොළඹ හා අවට කුණු රැගෙන විත් මීතොටමුල්ල පරිසරය විනාශ කරද්දී ඊට එරෙහිව නැගී සිටි කීර්තිරත්න, බණ්ඩාර ඇතුළු පිරිස්වල හඬ යටපත් කරන්නට මැර ප්‍රහාර එල්ල වන්නේද මෙකී සුද්දාගේ කල්ලියේ මෙහෙයවීමෙනි.

කුඩු ලාල්, ප්‍රින්ස් කොලම් වැනි පාතාලයන් යටතේ කුඩු ජාවරමට බසින සුද්දා මීතොටමුල්ල කුණු කන්දේ බලය වපුරන්නේ කොළොන්නාවේ දේශපාලනඥයන්ගේ හයියෙනි. එතැන් පටන් පාතාල බලය වපුරවමින් කුණු කන්ද ඉල්ලමක් කර ගන්නටත් කුඩු ජාවාරම ව්‍යාප්ත කරන්නටත් මෙය තෝතැන්නක් වී තිබුණේය.

කුණුකන්ද ආශ්‍රිත පරිසරයද කුඩු ජාවාරමට උචිත පරිසරයක් වූයෙන් ‍පොලිසියේ නෙත ගැටුණේද නැත. 101 වත්ත, 23 වත්ත, නාගහමුල්ල පැතිවල දරුණුවට කුඩු ඇබ්බැහිවූවන් ව්‍යාප්ත වන්නට වූයේත් කුණු කන්ද ආශ්‍රිතව සිදු කෙරුණු කුඩු ජාවාරම නිසාය.

පාතාලයට කිරි පෙවූ දේශපාලනඥයන්ගේ ලොරි, එක්ස්කැවේටර් ඇතුළු වාහන විශාල ප්‍රමාණයක් දිනපතා මීතොටමුල්ල කන්දෙන් ලක්ෂ ගණනක මුදලක් උපයා දෙන හොඳ ආදායම් මාර්ගයක් වූයේය. මේ නිසාම මෙකී ධන උල්පත වසා දමන්නට කිසිවෙක් අවංකවම ඉදිරිපත් නොවූයේ මෙම කසළ ඉල්ලමෙන් මුදල් මත පීනන්නට හැකි බව හොඳින් අවබෝධ කරගෙන සිටි නිසාය.

කොළොන්නාව ප්‍රදේශයේ විවිධ ආයතනවලින් ඉවත් කෙරෙන කුණු මෙකී ප්‍රාදේශීය දේශපාලුවන්ගේ ලොරිවලින් ගෙනැවිත් දමද්දී එක් ලොරියක එක් ගමන් වාරයකදී රුපියල් හාරදහසක් පමණ දිනකට ලැබුණේය. කොළඹ කුණු එකතු කරන පුද්ගලික සමාගමකද නගර සභාවේ බොහෝ දේශපාලනඥයන්ගේ කටවල් වසන්නට මුදල් විසි කළ බවට චෝදනා එල්ල වන්නේය.

කඩුවෙල, කෝට්ටේ, කැස්බෑව ප්‍රදේශවල කුණු ලොරි පවා සුද්දාගේ බල ප්‍රදේශයට ගෙන්වාගෙන සල්ලි මවන්නට ජාවාරම්කරුවන් පුරුදු වී සිටියහ. පිටතින් එන කුණු ලොරියක් පාතාල කල්ලි වෙත රුපියල් හාරදහස් පන්සියය බැගින් ගෙවිය යුතු විය.

ලෝ ලෙවල් පාරෙන් ඇවිත් මීතොටමුල්ල කුණු කන්දට හරවද්දීම මුංට කප්පම් දෙන්න ඕනෑ. ඔය කියන කුඩු කෙරුමන්ට සල්ලි එකතු කරපු එකෙක් පසුගිය ආණ්ඩුව කා‍ලේ සුදු වෑන්වලින් අරන් ගිහින් තිබ්බා. ඊට පස්සේ ඔය කෙරුමව උස්සන්න ආවා කියලා හමුදාවේ එස්.එෆ්. එකේ වාහනයක් කොළොන්නාවේ ග්‍රවුන්ඩ් එකේදී ‍පොලිසියේ දන්න එස්.අයි. කෙනෙකු ලවා අල්ලලා ලොකු සංදර්ශනයක් දැම්මා. මුල් කා‍ලේ කොළොන්නාවේ අධීක්ෂණ මන්ත්‍රීවරයකුත් මේ පාතාල කල්ලිවලට සහායට හිටියා.

පස්සේ පාතාල හා දේශපාලන බලයෙන් ඔය කෙරුමෝ තනිවම නැගිට්ටා. අන්තිමට සල්ලි උල්පතකින් ගලාගෙන එනවා වගේ කුණු කන්දෙන් දවසට ලක්ෂ ගණන් සල්ලි එන්න ගත්තා. බෝතල් පවා එකතු කළේ මුන්ගේම එවුන්. දවසකට කුණු කන්දෙන් බෝතල්ම ලොරි ගණනක් එකතු කරනවා. මේ ආදායම් මැද්දේ කුණු කන්ද මුල් කරගෙන කුඩු ජාවාරමත් ජයටම කරගෙන යනවා. මේ සල්ලි උල්පත්වලින් පාතාලයෝ මන්දිර ගැහුවා. බලකොටු හදලා සී.සී.ටී.වී. කැමරා දාලා හන්දියක් ගාණේ ඔත්තු බලන්න සෙන්ට්රි ‍පොයින්ට් පවා දැම්මා. මුන්ගේ මැර බලයට විරුද්ධ සටන් කටපු වැල්ලම්පිටියේ හිටපු ඕ.අයි.සී. ලුඩවයිඩ් මහත්තයාවත් මාරු කෙරෙව්වා. ලුඩවයිඩ් මහත්තයා කියන්නේ එයාගේ තාත්තාටත් දඩ ගහපු කෙනෙක්. නීතිගරුක නිලධාරියෙක් යවලා නීතියට පටහැනිව හැම දෙයක්ම මේ අය කරගෙන ගියා. අන්තිමට මේ තිරිසන්නු අපේ අහිංසක මිනින්සුන්ගේ ජීවිතත් නැති කළා.” යැයි විපතට පත් වූ ප්‍රදේශවල ජනතාව දොස් නගන්නේ.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ජනතා බලවේග කරළියට එද්දී ඒවා පාලනය කළේද පාතාල කණ්ඩායම්වල මැර බලයෙන්.

විවිධ අවස්ථාවල කුණු කන්දට එරෙහිව හඬ නගමින් ප්‍රදේශවාසීන් ඉදිරියට එන්නේ කුණු කන්ද නිසා දහම්පුර, නාගහමුල්ල, පන්සල් හේන ඇතුළු ප්‍රදේශවලට වන පාරිසරික හානිය සහ සාමාන්‍ය ජන ජීවිතයට එරෙහිව එන බාධකවලට විරුද්ධවයි. පානීය ජල උල්පත් විනාශ කරමින් ජීවත්වීමට නොහැකි පරිසරයක් දිනෙන් දින ගොඩනැගෙද්දී මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා බලවේගයක්ද ගොඩනැගුණේය.

මීතොටමුල්‍ලේ කුණු කන්ද කේන්ද්‍ර කරගත් පාතාලයට එරෙහි සටනට ප්‍රවිෂ්ට වන නීතිඥ නුවන් බෝපගේ, කීර්තිරත්න, හේමපාල ඇතුළු ගම්වාසීන්ද දිගින් දිගටම තර්ජන ආවාද ඔවුන්ද සටන අත්හැර තිබුණේ ද නැත.

2015 දෙසැම්බරයේදී පාතාල බලයට එරෙහිව නැගී සිටින ගම්වාසීන් මීතොටමුල්ලට කුණු ලොරි ගෙන ඒමට නොදී උද්ඝෝෂණය කරමින් මාර්ග අවහිර කරන්නේද තමන්ට නිදහසේ ජීවත් වන්නට වටපිටාවක් ඉල්ලමිනි.

මෙකී උද්ඝෝෂණය ‍පොලිසියටවත් නතර කරන්නට බැරි තැන රාත්‍රී 8.00 වන විට ‍පොලිසිය ඉවත්ව යන්නේ ජීවත්වීමට ඉඩක් ඉල්ලා හඬක් නගන ගම්වාසීන්ව අවනීතියෙන් ඉවත් කිරීමට ඉඩ සලසා දෙමිනි.

රාත්‍රී 10.00ට පමණ මීතොටමුල්‍ලේ පාතාල හා දේශපාලන බලය පෙන්වමින් පාතාල කෙරුමන් සමග විසි දෙනකු පමණ පැමිණ ගම්වාසීන්ට පහර දී අතපය කඩන්නේ මැර බලය පෙන්වමිනි. “උඹලා මගෙන් අහන්නේ නැතිව කොහොමද උද්ඝෝෂණ කරන්නේ? මේක මගේ ඒරියා එක්” යැයි කියමින් පාතාලයට පණ පෙවූ කෙරුම්කාරයා දියත් කළ ප්‍රහාරයෙන් නීතිඥ නුවන් බෝපගේ, කීර්තිරත්න, හේමපාල ඇතුළු උද්ඝෝෂණයට නායකත්වය දුන් අයවලුන්ට රෝහල්ගත වන්නටද සිදුවිය.

අවනීතිය රජ කෙරවූ මීතොටමුල්‍ලේ පාතාලයන් ඉන් පසුව උද්ඝෝෂණයට එක්වූ විමලාරාමවත්ත ඇතුළු අවට පදිංචිකරුවන්ගේ නිවෙස්වලට ගොස් යළි උද්ඝෝෂණවලට එක් වුවහොත් නිවෙස්වල සිටින ඔවුන්ගේ දියණියන් පැහැරගෙන යන බවටද තර්ජනය කළහ.

පාතාල බලය, මැර බලය තවත් රජ කරවන්නට ඉඩ නොදී ජනතා අයිතීන්ට ඉඩදීමට දැන්වත් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. නැතිනම් තවත් කුණු කඳු පසුපස පාතාලය හිස ඔසවා පාතාලයේ කර මතින් දූෂිතයන් වැජඹෙනු ඇත

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »