සුරා දගයෙන් ආතුරයා කපෝති කපුවා රිමාන්ඩ්
දුම්මලසූරියේ රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය

2017-01-16 11:21:00       582
feature-top
මිථ්‍යා මත පසුපස නොපෙනෙන බලවේගයන් හඹා ගොස්‌ තම ධනය බින්දුවටම හිඳගන්නා බොහෝ පිරිස්‌ සමාජයේ ඕනෑ තරම් හමුවන අතර ඇතැම් අවස්‌ථාවල එAවා පසුපස ගොස්‌ ඇතැමෙක්‌ ජීවිත පවා අහිමි කරගත් අවස්‌ථා පිළිබඳව ද අසන්නට දකින්නට පුවතක්‌ ඇත.

එවන් අවාසනාවන්ත මරණයක්‌ පිළිබඳව දුම්මලසූරිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන එවන් දේවාලයක්‌ මුලකරගෙන දුරුතු පුන් පොහෝදින අලුයම වාර්තා විය.

තම නිවුන් දරුවන් දෙදෙනා සමග හලාවත ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක්‌ පවත්වාගෙන යමින් දිවි සරිකර ඉශාරා උමයංගනී ප්‍රනාන්දු සැමියා අත්හැරගිය පසු දරු දෙදෙනා යහමින් පෝෂණය කරමින් දිවිගෙවා ඇත්තේ ඉලිප්පදෙනිය ප්‍රදේශයේය.

සැමියා හැරයාම ඇතුළු සිත්වේදනා රැසකින් දිවිගෙවා ඇති ඉශාරා ආරංචිමාර්ගයෙන් දැන කියාගත් දුම්මලසූරිය පිහිටි දේවාලයකට කිහිපවිටක්‌ පැමිණ ඇත්තේ තමන් වි`දින සිත්තැවුල් ආදියට පිහිට පතාගෙනය.

පසුගිය 11 වැනිදා කපුවා විසින් කලින් දැනුම්වත් කර තිබූ පරිදි තමාට වැළ`දී ඇතැයි කියන දෝෂ කිහිපයක්‌ හැරීමට දෙන ලද භාණ්‌ඩ වට්‌ටෝරුවක්‌ද රැගෙන ඉශාරා පැමිණ ඇත්තේ දහසක්‌ බලාපොරොත්තු සහිතවයි. තනිව මෙම ගමන සුදුසු නොවන බව තීරණය කළ ඉශාරා තම ඥාති සොහොයුරියක්‌ මෙ ගමනට සහභාගී කරවාගෙන ඇත.

පියා අහිමි නිවුන් පුතුන් කිසිවිටකත් තම අම්මාද අහිමිවන මේ ගමන පිළිබ`දවනම් අල්පමාත්‍ර දැනුමක්‌ නොමැතිව ගමනට එක්‌ව ඇති බව පොලිසිය පැවසීය.

වැළ`දුන භූත දෝෂ ඉවත්කරවා ගැනීම එකම අරමුණ කරගත් ඉශාරා කපුවා විසින් ලබාදුන් වට්‌ටෝරුව එකක්‌ නෑරම රැගෙන එන්නේද එම අධිෂ්ඨානය පෙරදැරිවයි.

කපුවා සිය යාතිකා ආරම්භකර දේවාරූඪයට පත්වන්නට ප්‍රථම සකසාගත් මල් බුලත් තටුවට පිසින ලද බත් සහ ඉශාරා විසින් සපයාදුන් භාණ්‌ඩ වට්‌ටෝරුව තබා මායම්වන්නට වී ඇත. එහිදී ඉශාරා දොහොත් මුදුන් දී ආශිර්වාද ලබාගත් බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිකරගෙන ඇත. සැළකියයුතු වේලාවක්‌ ගතවූවායින් පසුව කෙසේහෝ ඉශාරා හ`ඩනඟා කෑගසනු ඇසී ඥාතිවරිය විපරම්කර ඇති විට ඉශාරා යටිබඩ ප්‍රදේශය අල්ලාගෙන විලාප තබනු දැක ඇත.

එහිදී එA පිළිබ`දව විමසීමෙදී කපුවා මායමින් ලබාදුන් ඉශාරා විසින් සපයා තිබූ "යක්‍ෂපත්‍ර තෛලය" කුප්පියක්‌ ඉශාරා අත තිබූ බවත් එම කුප්පියද සමග කපුවාගේත් ආවතේවකරුවන්ගේත් ආධාර ඇතිව ඇයව දුනකදෙණිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති බවත් දැනගන්නට ඇත. එහෙත් එAවන විටත් මිථ්‍යාව පසුපස යැමේ ආදීනව සමාජයට පෙන්වමින් ඇය දිවියෙන් සමු අරන් තිබිණ.

කපුවා ලබාදුන් දේව දියරය "සුරා ද`ග" නම් පානයකි. එය ඇතැම් වෙළෝදසල්වල ඕනෑ තරම් ඇත. එහෙත් මින් පෙර ඒවා පානය කර මිනිස්‌ ජීවිත අහිමිවූ වාර්තා නොමැති වුවත් එහිදී කපුවා විසින් එයට වෙනත් ආශිර්වාද පානයක්‌ කලවම් කළාද යන්න ගැන සැකය පොලිසියට පමණක්‌ නොව වෛද්‍යවරුන්ට පවා ඇති හෙයින් එA පිළිබ`දවද පරීක්‍ෂණ පවත්වන බව පොලිසිය ස`දහන් කරයි.

වැලිපැන්න කූතාරිප්පුව පාලියාගාර වැව අසළ දේවාලය පවත්වාගෙන යන 45 හැවිරිදි කපුවාගේ ඉතිහාසය පිළිබ`දව එම ප්‍රදේශයේ පිරිස දක්‌වන්නේ එතරම් සුබදායක ආකල්ප නොවේ. කෙසේ වෙතත් මෙවන් මිථ්‍යා මත දරන්නන්ට පින් සිදුවන්නට ඔහු මේ වනවිට මහල් දෙකකිsන් යුක්‌ත සුවිසල් මන්දිරයක සාඩම්බර හිමිකරුවෙකි. එමෙන්ම සුවිසල් දේවමන්දිර 5 කින් සමන්විත දේවාලයේ මැද එම මිථ්‍යාව සාධාරණීකරණය කරගන්නට මන්දිරයක්‌ නැතත් බුද්ධ ප්‍රතිමාවක්‌ ස්‌ථාපනය කර තිබේ. තතු දත් අය පවසන්නේ කපුවාගෙන් දේව කටයුතු සිදුකරගන්නට පැමිණෙන මිථ්‍යා මත දරන්නන් එA ස`දහා දායකත්වය සපයන බවයි.

එA ආසන්නයේ දිගු වේලාවක්‌ ගත කළ අපට පසක්‌ වූයේ එම ස්‌ථානයට පැමිණෙන බොහෝ දෙනෙකු නීති විරෝධී නිධන් ගොඩලෑම ඇතුළු ජාවාරම් ස`දහා ආශිර්වාද පතා එන බවයි. දෙවියන් එවන් පාපතරයින්ට සේවාව සපයනවාද නැද්ද යන්න උසස්‌ මනසකින් සිතිය යුතු වුවත් අපට ලද තොරතුරු අනුව නිතර එම දේවාලයේ එවන් පිරිස්‌ පුද පූජා කටයුතුවල නිරත වන ස්‌ථානයක්‌ය.

එවන් බල සම්පන්න දේවාලයේ දේව නියෝජිතයා වූ කපුවා මේ වනවිට දුම්මලසූරිය පොලිස්‌ අත්අඩංගුවේය. කපුවා හෙට සිට නැවතත් දේව රාජකාරියේ නිරතවනවාද නැද්ද යන්න තීරණය කිරීම මේ වනවිට දෙවියන්ට පවා තීරණය කිරීමට නොහැකි වී ඇතත් ඒ පිළිබ`දව විනිශ්චය කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් තීරණය කරනු ඇත.

කෙසේවෙතත් එළඹෙන 24 දක්‌වා කපුවා ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ පවතින බව සැලවන්නේ නිධන් හාරා කොබෙයිගනේ පොලිසිය මගින් ගොනුqකොට තිබූ නඩුවක වරදකරු වී ඇති බවට තොරතුරු දුම්මලසූරිය පොලිසියට අනාවරණය වූවොත් පමණයි. මේ වන විට ප්‍රදේශයේ මහජන කැළඹීමක්‌ වර්ධනය වෙමින් ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

පියා අහිමි සුරතලූන් දෙදෙනාට මව අහිමිකරන්නට තරමි මිථ්‍යා ඇදහිලි විශ්වාස එA මොහොතේ බලවත්ව ඇත. පසුගිය දින කිහිපයකම දිවයින මගින් පවා අනාවරණය කළ කුලියාපිටිය නයි හාමුදුරුවන්ගේ සිදුවීමත් මීට දෙවැනි නැත.

එම චීවරධාරියාද චීවරයට මුවාවී දරුවන් අපයෝජනය කර ඇති හැම වාරයකම අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරිණ. එමෙන්ම ඉශාරාට මරු කැ`දවූ දේවාලයේ කපුවාටද තත්ත්වය එසේම විය හැක.

සමීක්‍ෂණයක්‌ කළහොත් දිවයිනේ සෑම දේවාලයකම කපුවන් වැඩිදුර අධ්‍යාපනය ලැබූවන් නොවුණත් එA දේවාල ස`දහා පිහිට පතා යන්නවුන් ඇතැම්විට මහා උගතුන්යෑයි සම්මත පිරිසකි. ශ්‍රද්ධාව ඇති ඔවුනට ප්‍රඥාව පිහිටා තිබුණි නම් ඒ දේවාල පසුපස යාමට හැකියාවක්‌ නොමැත.

දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නංවාගැනීමට නූගත් කපුවන් පසුපස යන ඇතැම් දෙමාපියන් කපුවාගේ දරුවාගේ අධ්‍යාපනය පිළිබ`දව සොයා බැලූවානම් නැවතත් ඒවා පසුපස නොයනු ඇත. ඇතැම් දෙමාපියන් කපුවන් හරහා දරුවන් නව පාසල්වලට ඇතුළත් කර ගැනීමට කන්නලව් කරවා ගනිතත් කපුවන් පසුපස එන දේශපාලනඥයින් ලවා කපුවන් දෙවියන්ටත් හොරා එම කටයුතු කරවාගනී.

අද වන විට අස්‌සක්‌a මුල්ලක්‌ නෑරම පවත්වාගන යනු ලබන දේවාල නියාමනය කළ යුතු කාලය එළැඹ ඇත. රජය මැදහත් නොවී මේ පිළිබ`දව විමසන තාක්‌ කල් නීති පනවනතාක්‌ කල් මෙවන් අකල් මරණ පිළිබ`දව සමාජය තුළින් ඇසෙන්නට ලැබෙනු ඇත.

divaina.com


More News »