සේපාලගේ පුත්  'ෆී' ගේ බිරිය
පැහැරගත් යානයේ නියමුවාගේ දියණියද?

2016-12-26 10:10:00       594
feature-top
අප්‍රමාණ දරු ස්‌නේහය නිසා ඔහු අවුරුදු 6 කුත් මාස
10 ක්‌ සිර බත් කෑවේය

මගේ පුතා හා භාර්යාව වෙනුවෙන් මා ඉල්ලන්නේ මෙපමණයි. ඇමරිකානු ඩොලර් තුන් ලක්‍ෂයක්‌. ඉක්‌මනින්ම මගේ පුතණුවන් හා බිරිඳ මා වෙත ලබාදීම.

ඒ මීට වසර 38 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1978 දෙසැම්බර් 10 වැනිදාය. ඉතාලියේ රෝහලක පළමු මහලේ ප්‍රසූතිකාගාරයක ඉතාලි ජාතික අන්නා තම කුළුඳුල් දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටියාය. ඇගේ සැමියා වූයේ ශ්‍රී ලාංකිකයෙකි. විසිනව වැනි වියේ පසුවූ ඔහු ලංකාවේ හක්‌මන ඉපදී තිබුණේ 1949 ජුනි 3 වැනිදා. ඔහු නමින් සේපාල ඒකනායක විය. අන්නා දරු ප්‍රසූතියට සූදානම් වූ විට සේපාලට ඇය සිටි කාමරයෙන් ඉවත් වන ලෙස දොස්‌තරවරයා දන්වා සිටින ලදී.

සේපාල කෙළින්ම ගියේ රෝහලේ යටි මහලේ වූ පුස්‌තකාලයටය. ඔහු තම ඉතාලි ජාතික බිරිඳ තම කුළුඳුල් දරුවා ප්‍රසූත කරන තුරු පොතක්‌ කියවන්නට වූයේ සිතුවිලි සයුරේ කිමිදෙමිනි. µයිල් කර තිබූ පත්තර, රෙක්‌සින් බැම්මෙන් බැඳ තිබූ තඩි පොත් අතරින් සේපාලගේ සිත් ගත්තේ පිටු 100 ක්‌ වත් නැති කුඩා පොතකි. පොතේ නම වූයේ .ඛෂඪෑ. ය. උරුගුවේනියන් ගුවන් යානයක්‌ කාලගුණය අයහපත් වීම නිසා කඳුගැටයකට ගොඩබා දැඩි සීතල නිසා ඇති වූ ෙ€දවාචකයක්‌ ගැන එහි සඳහන් විය. ගුවන් යානයක්‌ කීවාට එය ඉදිරිපස හුළං පෙති දෙකක්‌ තිබූ පරණ තාලේ එකකි. ගුවන් යානය ගැන කියන විට ඛෂඪෑ කතාවට පාදක වූ කාල වකවානු ගැන ඔබට ද සිතාගත හැකිවනු නියතය. මේ ගුවන් යානයේ ගමන් කළේ ක්‍රීඩා කටයුත්තකට ගමන් කළ හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ පුතුන් පිරිසකි. මේ ක්‍රීඩා පිරිසට අමතරව ඔවුන්ගේ ගමනට 'ගර්ල් ෙµ්‍රන්ඩ්ස්‌ලා' එක්‌වී සිටියහ. ගර්ල් ෙµ්‍රන්ඩ්ස්‌ලාගේ ගාඩ් එකට හමුදා ලොක්‌කන්ගේ ඇඹෙණියන්ද එක්‌වීම නිසා යානයේ ගමන් ගත් පිරිස 40 ක්‌ පමණ විය. මේ අතර වෛද්‍ය ශිෂ්‍යයන්ද විය. අධික සීතල නිසා පාර සොයාගත නොහැකිව යානය කඳු යායට බාද්දිම අධික සීතල නිසා දහදෙනකු පමණ පරලොව ගොස්‌ හමාරය. යානයේ නියමුවා තම හිසට වෙඩි තබාගෙන මෙලොවින් චුත විය. ඉතිරි වූ වයින් සහ ආහාර සුරැකිව පරිභෝජනය කරමින් පිරිස බයාදු ලෙස අහස දෙස බලාගෙන සිටියේ උඩුගුවනෙන් විත් තමන්ව බේරාගන්නා තුරුය. එහෙත් උඩුගුවනත් ගුවන් යානය ගොඩබෑ කඳුවැටියත් අතර වූ අධික සීතල නිසා වූ මීදුම සියල්ලන්ගේ ජීවිත ගැන තීරණ ගන්නා සාධකය වී හමාරය.

දින කීපයක්‌ යන විට ඉතිරිව තිබුණු වයින් සහ බිස්‌කට්‌ ද හමාර විය. කිටි කිටියේ සීතලේ ගැහෙමින් මළ සිරුරු 11 කුත් සමඟ අතරමං වුණ මේ ක්‍රීඩකයන් අතරින් එක්‌ වෛද්‍ය සිසුවකු ආහාර සොයා ගන්නා ක්‍රමයක්‌ පහදා දුන්නද සමහරු ඊට කැමති නොවීය. ඔහු කළේ මියගිය පුද්ගලයන්ගේ කුස පලා කැවුත්ත කපා එළියට ගැනීමය. එය සියුම් තීරුවලට කපා ගුවන් යානයේ තටු මත තබා මඳක්‌ වේළා ගන්නා ලදී. පිරිසගේ ආහාරය බවට ඊළඟට පත්වූයේ මේ 'මිනී මස්‌ය' දින ගණනාවකදී ඉතිරි වූයේ එක්‌ ක්‍රීඩකයකුගේ කැවුත්ත පමණි. ඔහුගේ මව ද ගමන් ගත් පිරිස අතර විය.

"අනේ මගේ කුසින් වදපු දරුවා මගේ ඇඟේ ලේ කිරි දීල හදපු දරුවා. මගේ ඇස්‌ පනාපිට නම් ඒ දරුවගේ කැවුත්ත කන්න එපා. මට නම් ඒක කීයටවත් කරන්න බෑ, මට නම් ඒක බලාගෙන ඉන්න බැරි මහා වේදනාත්මක අත්දැකීමක්‌ වෙන්න පුළුවන්" යෑයි කියූ ඈ අප්‍රමාණ දරු ස්‌නේහයකින් හඬා වැටුණාය.

බඩගින්නේ ඉන්නම බැරි තැන කන්දෙන් බැස ගොස්‌ ආහාරයක්‌ සොයා ගැනීමට දෙතුන් දෙනකු කඳු බසින්නට තීරණය කරන්නේ මේ අතරය. ගුවන් අනතුර සිදුවූ වේලාවේ සිට ජීවිතය රැකගත් බොහෝ දෙනා මිමිණූ කාරණය වූයේ මෙතැනින් නිදහස්‌ වන්නේ (FREEDOM) කෙසේද යන්නයි. සියල්ලන්ගේ මුවග නිතර රැඳුණු එක්‌ වදනක්‌ විය.

FREE Free!! Free!!!
කඳු බැස ගිය පිරිසට මුලින්ම දැකගත හැකි වූයේ තණකොළ ගසකි. තවත් දුරක්‌ යන විට තණකොළ යායක්‌ දැකගත හැකි විය. ඉන්පසු ඔවුනගේ පිහිටට ආවේ එෙŒරෙකි. ඉන්පසු එෙŒරා ඇතුළු පිරිසක්‌ යානයේ අතරමං වූ පිරිස මිනිස්‌ බිමකට ගෙන එන ලදී. මිනිස්‌ වාසය තෙක්‌ කැඳවාගෙන එනතුරුත් ඔවුන් මිමිණුවේ එක්‌ වදනක්‌ පමණි.

Free! Free!! Free!!!

නිදහස· නිදහස·· නිදහස··· ඔවුනගේ එකම අරමුණ විය. මුදාගත් පිරිස යළිත් සාමාන්‍ය ජන ජීවිතයට පුහුණු කිරීම රජයට මහත් අභියෝගයක්‌ විය. ඒ මේ පිරිස මිනීමස්‌ කෑ පිරිසක්‌ ලෙස ජනතාව ප්‍රතික්‍ෂේප කිරීම නිසාය. ඔවුන් සියල්ලට ඕනෑ වූයේ මේ සියල්ල තුළින් නිදහස්‌ වීමටය. මේ ඛෂඪෑ පොතේ වැඩිපුරම වූ වචනය වූයේ Fරුe නොහොත් නිදහසය. පුස්‌තකාලයට සේපාලව සොයා රෝහල් සේවකයකු එන්නේ මේ අතරය. සේපාල තම ඉතාලි ජාතික බිරිඳ පුතෙකු ප්‍රසූත කරන ලද බව අසා අමන්දානන්දයට පත් විය. මිටෙන් මුදාහළ 'නිදහස්‌' වූවෙකු මෙන්ම සේපාල තම බිරිඳ අන්නා සොයා ඉගිලුණාක්‌ මෙනි. තම පුතු අතට ගත් සේපාල තමන් කියවූ පොතේ හැම තැනම තිබූ Fරුe වචනය මුමුණන්නට විය. අවසානයේ කුළුඳුලේ උපන් පුතුට 'µS්‍ර' යන නම තැබීමට සේපාලත් අන්නාත් එකඟතාවට එන්නේ එය අමුතුම නමක්‌ වන නිසාය.

ලංකා ඉතිහාසයේ ඈතට යද්දී අපට රාවණා චරිතය හමුවේ. රාවණා ප්‍රසිද්ධ වූයේ දඬුමොනරය නිසාය. ලංකාවේ රාවණා දඬුමොනරයෙන් ගුවන් මගින් ඉන්දියාවට ගොස්‌ සීතා පැහැරගෙන ආ බව ඉතිහාසයේ සඳහන්ය. රාවණාගේ වාසගම ඒකනායක දැයි ඉතිහාසයෙන් වහන් වී ඇති නිසා අපේ මේ සේපාල රාවණාගේ ඥතියකු දැයි නිශ්චිතව තීරණය කර ගැනීමට හැකියාවක්‌ නැතිමුත් රාවණාගෙන් පසු ඉතිහාසගත වූ එකම පුද්ගලයා ඔහු බව නම් නොකියා බැරිය. සේපාල ඒකනායක ඉතිහාසගත වන්නේ රාවණාගෙන් පසු තම බිරිඳ සහ දරුවා වෙනුවෙන් අප්‍රමාණ දරු ස්‌නේහයෙන් ගුවන් යානයක්‌ පැහැර ගත්තකු ලෙසය.

දැන් සේපාල ඒකනායක නැවත කරලියට ඇවිත් ඇත්තේ ඔහුගේ පුත් 'µS්‍ර'ගේ විවාහයත් සමඟය. µS්‍ර ගැන කීමට පෙර සේපාල ඒකනායක ඉතාලියට ගියේ කෙසේ දැයි යට ගියාව සොයා බැලීමට පාඨක ඔබ මට 'µS්‍රඩම්' එක නොහොත් නිදහස දෙනු ඇතැයි සිතමි.

මේ කතාන්දරය ඇරඹෙන්නේ 1971 කැරැල්ලෙන් පසුවය. සේපාලගේ මිතුරකු ඒ වකවානුවේ ජර්මනියේ වාසය කළේය. සේපාලව ජර්මනියට ගෙන්වා ගැනීමට කටයුතු කළේ ඔහුය. අවුරුදු 6 ක්‌ පමණ ජර්මනියේ ගත කළ සේපාල විවිධ රැකියා කොට ඇත. වරක්‌ පත්තර විකුණූ ඔහු තව විටෙක ගොවිපළවල වැඩ කළේය. ඉනුත් නොනැවතී කර්මාන්තශාලාවල වැඩ කළේය.

සේපාලට ඉතාලි ජාතික අන්නා හමුවන්නේ මේ අතරය. ජර්මනියේ සිට ඉතාලියට වැඩි දුරක්‌ නැත. දෙදෙනා හඳුනාගත් යුගයේ ඈ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූවාය. පසුව ඈ ගුරුවරියක ලෙස පත්වීමක්‌ ලැබුවාය. දෙදෙනාගේ අවසන් තීරණය වූයේ ඉතාලියට ගොස්‌ විවාහ වීමය. නව යුවළ සංගීතයට, නාට්‍යවලට චිත්‍රපටවලට මෙන්ම තරුණ තරුණියන්ගේ හමුවීම්වලටත් ප්‍රිය කරන්නට විය. ඇමරිකාවේ නිව්යෝර්ක්‌වල සංගීත කණ්‌ඩායම්වල ප්‍රසංග අතහැරියේ මේ යුවළ නොවේ. බිට්‌ල්ස්‌, රොල්ස්‌ටෝන්, සන්තානා වැනි කණ්‌ඩායම්වල සජීවී ප්‍රසංග නැරඹීම එකල සුන්දර අත්දැකීමක්‌ විය.

තම පුතාත් සමඟ ලංකාවට සේපාල එන්නේ මේ අතරය. පුතා ලංකාවට එක්‌කං ආවිට ඔහුට බොහෝ විට සිදු වූයේ පුතා කර මත තබාගෙන සිටීමටය. µS්‍ර එතරම් දඟකාරයකු විය. සේපාලගේ කකුල් දෙක අස්‌සෙන් යැම පාරේ එන වාහනවලට පැනීමට යැම මෙන්ම පාරේ එන බස්‌රථවලට අත දැමීම µS්‍රගේ කෙලිලොල් ළමා කාලය දෙස සේපාල බැලුවේ උපේක්‍ෂා සහගත ලෙසය.

අනපේක්‍ෂිත ලෙස 'µS්‍ර'ව ඉතාලි තානාපති කාර්යාලය තම භාරයට ගන්නා ලදී. ඉන්පසු ඔහු ඉතාලියට යවන ලදී. තානාපති කාර්යාලයත් සේපාලත් සමඟ සිද්ධිය දිග්ගැස්‌සී අවසානයේ දරු දුක නිසා සේපාල දැඩි ප්‍රකෝපකාරී තත්ත්වයට පත්වන්නේ මේ නිසාමය.

තම දරුවා වෙනුවෙන් එළඹෙන ඕනෑම අභියෝගයක්‌ භාරගන්නට සේපාල පසුබට වූයේ නැත. 1982 ජුනි 30 වැනිදා එළඹෙන්නේ මේ අතරය. නවදිල්ලි ගුවන් තොටුපළේ වූ බෝයිං 747 අලිතාලිය ගුවන් යානයට ගොඩවූ සේපාල යානය තම අණසකට ගන්නා ලදී. මීට පෙර ගුවන් යානා පැහැරගත් පුද්ගලයන්ගේ සාම්ප්‍රදායික ක්‍රම ඔහු අනුගමනය කරන්නට විය. ගුවන් නියමුවා වූයේ ජොර්ජියෝය. යානයේ සිටි මගීන් ගණන 261 කි. ගුවන් සේවිකාවකට ලිපියක්‌ දුන් සේපාල එය වහාම ගුවන් නියමුවාට දෙන ලෙස දන්වන ලදී. සේපාල දුන් ලියුම කියවූ ගුවන් නියමුවා යානය බැංකොක්‌ ගුවන් තොටට ගොඩබාන ලදී, සේපාල ගුවන් නියමුවාට දුන් ලිපියේ මෙසේ සඳහන් විය.

"මගේ බිරිඳ අන්නා. මගේ පුතා µS්‍ර. මම සේපාල ඒකනායක. මීට වසර එක හමාරකට ඉහත 1980 දී මගේ භාර්යාව හා පුතා සමඟ ඉතාලියේ වාසය කළෙමි. මගේ වීසා බලපත්‍රය එහිදී නැති විණි. මම අලුත් වීසා බලපත්‍රයක්‌ ඉල්ලුවෙමි. ආපසු ශ්‍රී ලංකාවට ගොස්‌ අලුත් වීසා බලපත්‍රයක්‌ ගෙනෙන ලෙස පොලිසිය මට කීවේය. මම ශ්‍රී ලංකාවට ගොස්‌ එහි පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ගියෙමි. අවුරුදු 6 ක කාලයක්‌ සිටින ලෙස ඒ අය මට පැවසුවා. මගේ පුතා අවුරුදු ගණනාවක්‌ යන තුරු හෝ සදහටම මට දකින්නට නොලැබේවි යෑයි මට තේරුම් ගොස්‌ ඇත. මටත් මගේ පුතාටත් මගේ බිරිඳටත් ඔවුන් මෙසේ කළේ ඇයි? ඉතාලි රජයෙන් මට හරි පිළිතුරක්‌ අවශ්‍යයි. මම ත්‍රස්‌තවාදියෙක්‌ නොවෙමි. එසේම අපරාධකරුවෙක්‌ ද නොවෙමි. ඉතාලි රජයට හෝ ජනතාවට මා කිසිදු වරදක්‌ කර නැත. මගේ භාර්යාව හා පුතා දැකබලා ගැනීමට මා කරන අන්තිම ක්‍රියාව මෙයයි. මෙම ප්‍රශ්නයට එක්‌ පුද්ගලයකු හෝ පුද්ගලයන් දෙදෙනකු වගකිව යුතුයි. ඒ දෙදෙනා නම් කරිස්‌ටිනා ප්‍රදේශයේ විදේශ බලපත්‍ර නියෝජිතයා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ වීසා බලපත් නිලධාරියා. මගේ පුතා හා භාර්යාව වෙනුවෙන් මා ඉල්ලන්නේ මෙපමණයි. ඇමරිකානු ඩොලර් තුන් ලක්‍ෂයක්‌. ඉක්‌මනින්ම මගේ පුතණුවන් හා බිරිඳ මා වෙත ලබාදීම.

තමන් අත්අඩංගුවට පත්වූ බව ඇසූ එක්‌ ජපන් මහාචාර්යවරයකු සහ තවත් මගියකු ඩොලර් ලක්‍ෂ තුන තමන්ට ලබාදිය හැකි බැවින් තමන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටින ලදී. එහෙත් එය සේපාල ප්‍රතික්‍ෂේප කරන ලදී. තමන්ට ගනුදෙනුව ඇත්තේ ඉතාලි රජය සමඟ පමණක්‌ බවත් තව ටික වේලාවකින් ප්‍රශ්නය සමථයකට පත්වන බවත් සේපාල දන්වන ලදී.

අවසානයේ සේපාලගේ ඉල්ලීම් හමුවේ දණ ගසන්නට ඉතාලි ආණ්‌ඩුවට සිදු විය.

සේපාලට තම බිරිඳ මෙන්ම පුතණුවන් ද ලැබිණි. ඉල්ලීම් ලබාගැනීමෙන් පසු සේපාල නැවත ලංකාවට ඒමට සිතා සිටියේ නැත. අවස්‌ථාවාදී දේශපාලනඥයන්ගේ දිරච්ච ලණුවක්‌ සේපාල ගිලින්නේ මේ අතරය. ලංකාවට එන ලෙසත් කිසි ලෙසකත් අත්අඩංගුවට නොගන්නා බවටත් ඔහුට පොරොන්දු රොත්තක්‌ම ලැබිණි. කොළඹ පැමිණි සේපාල ඇතුළු පවුල ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ දින කීපයක්‌ ගතකොට ගාල්ලට යද්දී තම උපන් ගමට යද්දී ගාල්ලේදී අත්අඩංගුවට ගන්නා ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් පැමිණුවත් අභියාචනයෙන් එය වසර පහකට ලිහිල් කරන ලදී, තම පුත්‍රයාට ඇති අප්‍රමාණ දරු ස්‌නේහය නිසා ඔහු අවුරුදු 6 කුත් මාස 10 ක්‌ සිර බත් කෑවේය.

සිරගෙදර ජීවිතයේදී 1984 දී හිර ගෙදරට ඉතාලි තානාපති කාර්යාලයෙන් ලිපියක්‌ ලැබුණේ අදහාගත නොහැකි ලෙසට. එම ලිපිය එවා තිබුණේ සේපාලගේ බිරිඳ අන්නා විසිනි. "අප දෙදෙනා නීත්‍යනුකූලව වෙන් වී ඇත. මින් ඉදිරියට අප දෙදෙනා අතර කිසිදු සබඳතාවක්‌ නැත" යනුවෙන් එම ලිපියේ සඳහන් වී තිබිණි.

සේපාල ඒකනායකට දඬුවම් පැමිණවීමට ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව අතීතයට බලපාන අයුරින් පවා නීති ගෙන එන ලදී. ඔහු වෙනුවෙන් කතා කළ නීතිවේදීන් දෙදෙනා කොල්වින් ආර්. ද සිල්වා සහ රංබණ්‌ඩා සෙනෙවිරත්නය. රන්බණ්‌ඩා සෙනෙවිරත්න මේ ගැන උසාවියේ අවධානය යොමු කළේ මේ ලෙසය.

යමකු වරදක්‌ කරන විට එය වරදක්‌ නොවේ නම් පසුව නීතියක්‌ පනවා ඔහු වරදකරුවකු නොකළ යුතු බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13(6 කොටසේ සඳහන් වෙනවා. එහෙත් යම් හෙයකින් ජාතීන්ගේ සම්මුතියෙන් පිළිගත් නීතියක්‌ කඩන අවස්‌ථාවක දඬුවම් කළ හැකි බව එහි දක්‌වා තිබෙනවා. ගුවන් යානා පැහැර ගැනීම සඳහා වන දඬුවම් පැමිණවිය යුත්තේ පුවත්පත්වල පළ වූ හෝ රූපවාහිනියේ දිස්‌ වූ දේවල් පදනම් කරගෙන නොවෙයි. ශ්‍රී ලංකාවට පමණක්‌ සීමා වන අධිකරණ බලය හා අනෙක්‌ රටවල් අතර පවත්නා අධිකරණ බලය විමසිය යුතුයි.

මේ අතර කලක්‌ ගිය විට ඉතාලියත් ලංකාවත් අතර සදාතනික සංකේතයක්‌ බදු 'µS්‍ර' තම පියා වන සේපාල ඒකනායක සොයා ලංකාවට එන්නේ මේ අතරය. දීර්ඝ කාලයකින් තම පුතා දැකගත නොහැකි වීම නිසා සේපාලට තම පුතාව අඳුරාගැනීමට ද නොහැකි විණි.

මේ අතර පසුගියදා සමාජජාල වෙබ් අඩවි සහ ජාත්‍යන්තරව කසුකුසුවක්‌ ඇති වූයේ සේපාලගේ ඉතාලි පුත් 'µS්‍ර' ගැනයි. සේපාල පැහැරගත් අලිතාලියා ගුවන්යානයේ නියමුවා වූයේ ජෝර්ජියෝය. සේපාල ඉතාලියේ ජීවත් වූ යුගයේ ඔහු අසල්වැසියකු ද විය. කටකතාවෙන් කියවුණේ 'µS්‍ර' ගේ ජීවන සහකාරිය බවට ජොර්ජියෝගේ දියණිය තෝරාගෙන දෙදෙනා දැන් ජර්මනියේ දැහැමින් සෙමින් ඛෂඪෂභඨ ඔධඨෑඔHERභ ලෙස සිටින බවය. අප මේ ගැන සේපාල ඒකනායක මහතාගෙන් විමසා සිටියෙමු.

"මටත් ඕක කවුද එවල තිබුණා. අමූලික බොරු. ජොර්ජියෝගේ දුවල දැන් ගොඩක්‌ වයසයි. ඕක අමූලික බොරුවක්‌ ඕවට උත්තර දෙන්න තරම් මට අවශ්‍යතාවක්‌ නැහැ" යි ඔහු අපට කීය.

අප මේ අතීත තොරතුරු විමසන විට අපට බොහෝ උදව් පදව් කළේ ඒකනායක මහතාගේ වත්මන් බිරිඳ සසංගනී මයුපාලිය. "සේපාල අයියා ගැන නීතිය උගන්වන තැන්වල උගන්වන්නේ අමූලික බොරු. අයියට ඉතාලියට නෙවෙයි ඕනම රටකට වීසා ලැබෙනවා. ඉතාලිය අයියගෙන් වීසා ගාස්‌තුවක්‌වත් ගත්තේ නෑ. එයාපෝර්ට්‌ එකේදි පාස්‌පෝට්‌ බලල අයියව ඇතුල්කර ගන්නවා. මාව පෙන්වල අහනවා මේ කවුද කියලා. ගොඩක්‌ අය මං ගැන වත් සේපාල අයියා බැඳල කියලවත් දන්නේ නැහැ. අපි දෙන්නගේ පුතා දැන් ජර්මනියේ, දුව විවාහවෙලා ප්‍රංශයේ ඉන්නේ"යි සේපාල ඒකනායක නම් සාර්ථක මිනිසා පිටුපස සිටින කාන්තාව අප සමඟ පවසා සිටියාය.


divaina.com


More News »