චණ්‌ඩින්ට චණ්‌ඩියෙක්‌ වී උණ්‌ඩයෙන් අවසන් ගමන් ගිය
අම්බලන්ගොඩ පලතුරු වෙළෙන්දා

2016-12-20 09:54:00       575
feature-top
cටියාගොඩ හන්දියේ පලතුරු කඩයක්‌ පවත්වාගෙන ගියේය. තම දරු පවුලේ බඩවියත සරිකරගනු ලැබුවේ මෙකී පලතුරු වෙළෙඳසලෙන් ලැබෙන ආදායමෙනි. විපුල ප්‍රියන්ත අසාධාරණයට විරුද්ධව නිතරම කතා කළ අයෙකි. හේ කිසිවකුටවත් බිය වූයේ නැත. මොහු රණ්‌ඩු සරුවල්වලට නොගියත් කිසිවකුටවත් හිස පහත් කළේ නැත. කොටින්ම කිවහොත් මොහු නාහෙට නාහන පුද්ගලයෙකි.

කරන්දෙණිය හිතහොඳ දොස්‌තරගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ගේ නිවස පිහිටා තිබුණේ මොහුගේ නිවසට යාබදව වන අතර මේ දෙපාර්ශ්වය අතර කලක පටන් ඉඩම් ආරවුලක්‌ ද පැවතුණි. මෙකී ඉඩම් ආරවුල දුරදිගගොස්‌ එක්‌ අවස්‌ථාවකදී පලතුරු වෙළෙන්දා විසින් දොස්‌තර හිතහොඳ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගේ පියාට පහරදීමක්‌ සිදු කළේය. එම පහරදීමට එකට එක කිරීමක්‌ ලෙස පලතු=රු වෙළෙන්දාගේ දියණියගේ අතකට තුවාල සිදු කළාය.

මේ අයුරින් කාලය ගෙවී යන්නට විය. පලතුරු වෙළෙන්දා විසින් පොලිසියට ඔත්තු ලබා දෙන බවට ද මොවුන් තුළ සැකයක්‌ තිබුණි. මෙම වසරේ පෙබරවාරි මාසයේ පලතුරු වෙළෙන්දා වෙළෙඳසැලේ සිටියදී වෙඩි ප්‍රහාරයක්‌ එල්ලවූ අතර එදා ඔහු තම ජීවිතය බේරාගනු ලැබුවේ පූරුවේ වාසනාවකටය. එදා වෙඩි ප්‍රහාරයට ලක්‌වීමෙන් පලතුරු වෙළෙන්දාගේ උදරයට බරපතළ හානි සිදුවිය. ශල්‍යකර්මයක්‌ කිරීමෙන් පසු එක්‌ වෙඩි උණ්‌ඩයක්‌ ඉවත්කොට ඇත. ඔහු සති කිහිපයක්‌ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලැබීය. මෙම වෙඩි තැබීමට හිතහොඳ දොස්‌තර ඝාතනය සම්බන්ධයෙන් ඇප මත සිටි සැකකරුවන් දෙදෙනකු මිටියාගොඩ පොලිසිය මඟිsන් යළිs අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

විපුල ප්‍රියන්ත පුරුදු පරිදි යළි පසුගිය 12 දින ද පෙරවරුවේ පලතුරු කඩයට වී වෙළෙඳාමේ නිරතව සිටියේය. වේලාව උදෑසන 10.30 ට පමණ වන්නට ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පලතුරු වෙළෙන්දාගේ පපුවට වෙඩි ප්‍රහාරයක්‌ එල්ලකොට පලාගොස්‌ තිබිණි. මේ වර වෙඩික්‌කරුවන්ගේ ඉලක්‌කයක්‌ හරිගොස්‌ තිබිණි.

ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා තිබූ අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ තිබිණි. එම වෙඩි පහරවලින් පලතුරු වෙළෙන්දාගේ උදරය පසාරු කරගෙන ගොස්‌ තිබුණි. මීට පෙර වෙඩි වැදිමෙන් උදරයේ තිබු වෙඩි උණ්‌ඩයක්‌ ද පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී සොයාගෙන තිබුණි. මෙකි ඝාතනය සම්බන්ධයෙන් මෙම ලිපිය ලියන මොහොත වන විටත් කිසිවකු තවමත් අත්අඩංගුවට ගෙන නැති අතර මිටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

.divaina.com


More News »