ලසන්තගේ කාලතුවක්‌කු ප්‍රහාරය
වළෙන් ගොඩඑන ලසන්ත ඝාතන අබිරහස 5

2016-11-09 12:30:00       570
feature-top
මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කරවු ජනාධිපතිවරණයට අවුරුද්දකට කලින්a එනම් වසර 2004 දෙසැම්බර් 19 වැනිදා ලසන්ත වික්‍රමතුංග තම ලීඩර් පත්‍රය ඔස්‌සේ ඉතා දරුණු බෝම්බයක්‌ පත්තු කළේය. ඒ වූ කලී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ අධ්‍යාපන සුදුසුකම් ගැන "නැවතත්" ප්‍රශ්න කිරීමය. නැවතත් ප්‍රශ්න කිරීම යන යෙදුම අප විසින් යොදන ලද්දේ වසර 2000 දී ලීඩර් පත්‍රයටම ලියන ලද ලිපියක්‌ මගින්ද ලසන්ත එම ප්‍රශ්න කිරීම කර තිබූ නිසාය. එම දෙවැනිවර ප්‍රශ්න කිරීමට නිමිත්ත වූයේ ජනාධිපති පදවියේ දස වන සැමරුම සඳහා පවත්වන ලද රැලියකදී ජී. එල්. පීරිස්‌ මහතාගේ මහාචාර්යකමත්, මහින්ද විඡේසේකරගේ නීතිඥ උපාධියත් ගැන සැක පහළ කරමින් චන්ද්‍රිකා ප්‍රකාශයක්‌ කිරීමය. ජී. එල්. පීරිස්‌ට ඇත්තටම මහාචාර්යකමක්‌ තිබේද යන්න සෙවීම සඳහා සී. අයි. ඩී. යට නියෝග කළ බවද ඇය සඳහන් කළාය.

ජනාධිපති චන්ද්‍රිකා මේ ප්‍රකාශය කරන කාලය වන විට ලසන්ත සහ ඇය අතර හටගෙන තිබූ අර්බුදය ඉහළම අවස්‌ථාවට පිවිස තිබිණ. 1994 සිට නාඳුනන කල්ලි විසින් තමාට එල්ල කෙරුණු සියලු ප්‍රහාරවල වගකීම චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව භාරගත යුතු බව ඒ වනවිටත් ලසන්ත තැන් කිහිපයකදී කියා තිබිණá ලියා තිබිණ. ඒa අනුව ජී. එල්. පීරිස්‌ සහ මහින්ද විඡේසේකර සම්බන්ධයෙන් චන්ද්‍රිකා ජනාධිපතිතුමිය කළ ප්‍රකාශවලට උත්තර බැඳීම තම යුතුකමක්‌ ලෙස ලසන්ත සැලකූ බව පෙනෙන්නට තිබිණ. චන්ද්‍රිකාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන හෙළි කරමින් වසර 2000 දී පළ කෙරුණ ලිපිය නැවත පළකිරීම එම සිතුවිල්ලේ ප්‍රතිඵලයකි. මෙතැන් සිට පළ වන්නේ එම ලිපියෙන් උපුටා ගත් කොටස්‌ කිහිපයකි.

ලසන්තගේ ලිපිය

"එඩ්මන්ඩ් ජයසිංහ යනු ලේක්‌හවුස්‌ ආයතනයේ හිටපු සභාපති මෙන්ම මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කළ අයෙකි. ඔහු එයාර් ලංකා ගුවන් සේවයේ (පසුව ශ්‍රී ලංකන්) අධ්‍යක්‍ෂවරයෙක්‌ ද විය. එහෙත් දැන හෝ නොදැන සිය උපන්දිනය සම්බන්ධයෙන් ඔහු දුන්a වැරදි තොරතුරු නිසා තනතුරින් ඉල්ලා අස්‌වීමට ඔහුට සිදු විය. එසේ තිබියදී කිසියම් කෙනකු සිය අධ්‍යාපන සුදුසුකම් ගැන ව්‍යාජ තොරතුරු සැපයීම වඩා ලොකු වරදක්‌ විය හැකිය.

වසර 2000 මාර්තු 14 වැනිදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය වෙත ලිපියක්‌ යෑවූ ලීඩර් පුවත්පත ඇගේ අධ්‍යාපන සුදුසුකම් ගැන විමසීමක්‌ කළේය. ජනාධිපතිතුමියගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ලීඩර් පුවත්පත සතුව පවත්නා තොරතුරුත් එම සුදුසුකම් පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබෙන රජයේ නිල වාර්තාවත් අතර පවත්නා නොසැසඳීම් එයට හේතුව ය.

එවකට ජනාධිපති ලේකම් කාර්යාල අනුගමනය කළේ "පණුවන්ට" උත්තර නොදෙන ප්‍රතිපත්තියකි. මේ අතර දවසක සන්ඩේ ලීඩර් පුවත්පත, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති නිල තොරතුරු පිළිබඳ සම්පූර්ණ පිටුවක ලිපියක්‌ පළ කළේය. ජනාධිපතිතුමිය තමාට අයිති නැති අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශයට පත් කළේ අනුදැනුමකින් තොරව ද යන ප්‍රශ්නය ද එම ලිපිය මගින් නගන ලදී.

එහෙත් ජනාධිපතිතුමිය එම ඉල්ලීමට පිළිතුරු දුන්නේ නැත. ඒ බැවින් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, එතුමියගේ අධ්‍යාපන සුදුසුකම් ලේඛනය සත්‍ය සහ නිවැරැදි බව අපි සිතන්නෙමු.

"ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව යනුවෙන් ග්‍රන්ථයක්‌ ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. එහි පළ කර තිබෙන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අධ්‍යාපන සුදුසුකම් මෙසේය,

ෆ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය (පැරිස්‌ විශ්වවිද්‍යාලය)

ෆ සංවර්ධන ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධිය (පැරිස්‌ විශ්වවිද්‍යාලය)

ෆ කණ්‌ඩායම් නායකත්ව (Eඡ්‍යE) ඩිප්ලෝමාව (පැරිස්‌ විශ්වවිද්‍යාලය)

ෆ එල්. එල්. බී. නීති උපාධිය

ෆ ප්‍රංශයේ පැරිස්‌ නගරයේ ඛෑ-ඵධභෘ පුවත්පත් කාර්යාලයේදී දේශපාලන පුවත්පත් කලාව පිළිබඳ පුහුණුව

ෆ කොළඹ සාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයේ අධ්‍යාපනය

"1994 නොවැම්බර් 11 වැනිදා රජයේ පාලනය යටතේ පවතින ඉංගී්‍රසි පුවත්පතක පළ වූ පරිදි ප්‍රංශ භාෂාව සහ සංස්‌කෘතික පාඨමාලාවන්ට සහභාගිවීමෙන් පසු එවකට 22 හැවිරිදි වියේ පසු වූ චන්ද්‍රිකා පැරිසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ඇත. මෙය ප්‍රංශයේ පැරණිතම අධ්‍යාපන ආයතනයකි. සෝaබෝන් විශ්වවිද්‍යාලයේදී ඇය දේශපාලනය ආර්ථික විද්‍යාව සහ දර්ශනවාදය යන විෂයයන් සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ඇත.

ඉන් දෙදිනකට පසු එනම් 1994 නොවැම්බර් 13 වැනිදා රජයේ පාලනය යටතේ තිබෙන සති අන්ත පුවත්පතක ද ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සම්බන්ධයෙන් ලිපියක්‌ පළ විය. චන්ද්‍රිකාගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූපයක්‌ ද සමග සම්පූර්ණ පිටුවක්‌ පුරා පළ වූ එම ලිපියේ සඳහන් වූ ආකාරයට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යා උපාධියක්‌ද, එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධියක්‌ ද ඊට අමතරව නායකත්ව ඩිප්ලෝමාවක්‌a ද ලැබී ඇත.a

1999 දෙසැම්බර් 15 වැනිදා ඉන්දියානු කාන්තා සඟරාවක්‌ වූ Feපසබ් සඟරාවේ ජනාධිපති චන්ද්‍රිකා සමග කළ සාකච්ඡාවක්‌ පළ විය. මෙය එම සඟරාවේ වැඩකළ සත්‍ය සරන්a නමැති පත්‍රකලාවේදියා සමග ජනාධිපති චන්ද්‍රිකා කළ සාකච්ඡාවකි. එතුමියගේ ආචාර්ය උපාධිය ගැන සඳහනක්‌ ඒ ලිපියෙහි ද විය. 1995 පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේදී ද මෙම ආචාර්ය උපාධිය ගැන සඳහන් කර තිබිණ.

තව කොටසක්‌ ලබන සතියේ

divaina.com



More News »