දකුණ හෙල්ලූ පාතාලයා වපර සුමුදු
අත්අඩංගුවට ගත් මෙහෙයුම

2016-10-14 11:34:00       700
feature-top
අම්බලන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත පුරා පසුගිය කාල සීමාවේදී මිනිස්‌ ඝාතන රැසක්‌ සිදු විණි. ප්‍රසිද්ධියේම සිදු වූ මිනීමැරුම් දිනෙන් දිනම ඉහළ යැම නිසා දකුණේ ජනතාව ජීවත් වුණේ දැඩිලෙස භීතියට පත් වෙමිනි. කොටින්ම දකුණු පළාත චිකාගෝවක්‌ බවට පත් වෙමින් තිබුණේය.

මුදල් කොන්ත්‍රාත් මත ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයන් මරා දැමීම පාතාල බලය ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම ඉහළ යමින් තිබුණේ පොලිසියට විශාල අභියෝගයක්‌ එල්ල කරමින් ය.



අම්බලන්ගොඩ ප්‍රදේශය ඇතුළු දකුණේ තවත් ප්‍රදේශ ගණනාවක කොන්ත්‍රාත් මිනිස්‌ ඝාතන රැසක්‌ සිදු කරනු ලැබුවේ කොස්‌ගොඩ සුජී නමැති පාතාල නරුමයා විසින් මෙහෙයවන පාතාල කල්ලිය විසින් බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණේය.

මිනිස්‌ ජීවිතයක වටිනාකම තඹදොයිතුවකට මායිම් නොකළ කොස්‌ගොඩ සුජී නමැති පාතාල නරුමයා තම කල්ලියේ පාපතරයන් එකා දෙන්නා යොදවා සිදුකළ මිනී මැරුම් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යන්නට විය.

මුදල් කොන්ත්‍රාත් මත මිනිස්‌ ඝාතන සිදු කිරීම, දකුණේ සංචාරක හෝටල්වලින් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබාගැනීම, හෙරොයින් ජාවාරම ඇතුළු තවත් ජාවාරම් රැසක්‌ කොස්‌ගොඩ සුජීගේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබුණේය.

කොස්‌ගොඩ සුජීගේ ඇති විශේෂත්වය වන්නේ මේ අපරාධකාරයා සිය පාතාල කල්ලිය මෙහෙයවන්නේ ඩුබායි දේශයේ සිටය. මොහු සිය පාතාල සගයන් දුරකථනයෙන් සම්බන්ධ කර ගන්නේ අන්තර්ජාලය හරහාය. ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කරන්නේ ද අන්තර් ජාලය හරහා කෙරෙන දුරකථන මාර්ග ඔස්‌සේය.

මේ පාතාල ගහලයා සිදුÊකරන අපරාධ මර්දනය කිරීම පහසු නැත. කොස්‌ගොඩ සුජී ඩුබායි දේශයේ සැඟවී සිටිමින් දකුණේa අපරාධ මෙහෙයවීම නිසා මොහු නතර කිරීම පොලිසියට ලෙහෙසි පහසු කටයුත්තක්‌ ද නොවේ.

කොස්‌ගොඩ සුජිගේ පාතාල කල්ලියේ වෙඩික්‌කරුවන් කිහිපදෙනෙකුම සිටියහ. දකුණේ මිනිස්‌ ඝාතනරැසකට වගකිවයුතු ඝාතකයන් දෙදෙනකු ඒ අතර ප්‍රමුඛස්‌ථානයට පත්ව සිටියහ. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ චාල්ස්‌ ඇන්තනි බළකායේ සේවය කර ඉන් ඉවත් වූ කොටි ත්‍රස්‌තවාදියකු කොස්‌ගොඩ සුජීගේ කල්ලියේ ප්‍රධානම අළුගෝසුවා බවට පත්ව සිටියේය.

බළපිටිය අධිකරණය ඉදිරිපිටදී පාතාලයේ ප්‍රබලයකු වූ පියරත්න නොහොත් මෝල් පියා ඝාතනය කළේ සුජීගේ කල්ලියේ ප්‍රධානම වෙඩික්‌කරුවා වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා විසින් ය. ඊට අමතරව මොහු සිදුකළ තවත් මිනීමැරුම් රැසකි. මාස ගණනක්‌ තිස්‌සේ පොලිසිය කළ මෙහෙයුම්වලින් පසු සුජීගේ කල්ලියේ ප්‍රධානම වෙඩික්‌කරුවා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ මීට මාස තුන හතරකට උඩදීය.

කොස්‌ගොඩ සුජීගේ පාතාල කල්ලියේ සිටි අනෙක්‌ අළුගෝසුවා වූයේ වපර සුමුදු යි. සුමුදු ප්‍රියංකර සිල්වා නොහොත් වපර සුමුදු කොස්‌ගොඩ සුජීවට ගැලපෙන ජාතියේ නරුමයෙකි. වපර සුමුදු කොස්‌ගොඩ සුජීගේ ළඟ ඥතියෙකි. සුජී මෙන්ම මිනිස්‌ ජීවිතයක වටිනාකමක්‌ නොදන්නා වපර සුමුදු ද හිත්පිත් නැති ලෙස මිනිස්‌ ඝාතන කිරීමට ඉදිරිපත්ව සිටියේය.

අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ ධීවර පවුලක ඉපද හැදී වැඩුණු සුමුදු හරිහමන් අධ්‍යාපනයක්‌ ලැබුවේ නැත. අටවැනි පන්තිය දක්‌වා අධ්‍යාපනය ලැබූ සුමුදු 2008 වර්ෂයේ දී යුද හමුදාට එක්‌ වුණේය.

සුමුදු යුද හමුදාවට එක්‌ වන්නේ රට ජාතිය වෙනුවෙන් සේවයක්‌ කිරීමට නොව කිසියම් රැකියාවක්‌ කර මුදල් උපයා ගැනීමේ ෙච්තනාව මතය.

හමුදා සේවයට එක්‌ වීමෙන් පසු සුමුදු උතුර - නැගෙනහිර ප්‍රදේශ ගණනාවක සේවය කළේය. ඔහු අවසන් වරට සේවය කළේ හලාවත ප්‍රදේශයේ කඳවුරකය. සුමුදුට හමුදා සේවය නීරස වන්නේ හලාවත ප්‍රදේශයේ රාජකාරි කරද්දීය. මෙම කඳවුරේ සිටි එක්‌තරා උසස්‌ නිලධාරියකු සමුදුට නිතර හිරිහැර කරන්නට වුණේය. ඒ හිරිහැර නිකම්ම නිකම් හිරිහැර නොව ලිංගික හිරිහැර වීම විශේෂත්වයකි.

සුමුදුට හමුදා සේවය එපා වී තිබුණේය. දිනක්‌ රාත්‍රියේ උසස්‌ හමුදා නිලධාරියා සුමුදු සොයා ආවේය. එදින ඔහු රාත්‍රි රාජකාරි කරමින් සිටියේය. හමුදා නිලධාරියා තම අවශ්‍යතාව ඉටුකර ගන්නට උත්සාහ කරද්දී සුමුදුට යක්‍ෂයා ආරූඪ වුණේය. හමුදා නිලධාරියාට වෙඩි තබා ඝාතනය කිරීමට තරම් ආවේගයක්‌ ඔහුගේ හිතට නැඟුණේය. එහෙත් එය මැඩගත් සුqමුදු හමුදා නිලධාරියාගේ මුහුණ පොඩි වන්නට රාජකාරි ගිනි අවියේ බඳෙන් පහර දුන්නේය.

එදින රාත්‍රියේම සුමුදු හමුදා කඳවුරෙන් පලා ගියේ යුද හමුදා සේවයට සදහටම සමු දෙමින් ය.

හමුදා සේවයෙන් ඉවත් වූ සුමුදු අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයට එන්නේ නිකමකු ලෙසය. ස්‌ථිර රැකියාවක්‌, හරිහමන් ආදායම් මාර්ගයක්‌ නොමැතිව නන්නත්තාර ජීවිතයක්‌ ගතකරමින් සිටි සුමුදු අවසානයේ නතර වන්නේ කොස්‌ගොඩ සුජීගේ සෙවණේ ය.

කුඩා කල සිට දන්නා හඳුනන තම ඥති සොහොයුරකු වූ කොස්‌ගොඩ සුජී සුමුදුට පෙනුනේ තමන් ගලවා ගැනීමට පැමිණ සිටින ඉෂ්ඨ දේවතාවකු ලෙස ය.

උඹ කිසි දේකට බය වෙන්න එපා. මම උඹේ ජීවිතය ගැන වගකීම භාර ගන්නවා. මගෙත් එක්‌ක හිටපං".

කොස්‌ගොඩ සුජී සුමුදුගේ ජීවිතයට නවමු බලාපොරොත්තු ඇති කළේය. ඒ වන විට කොස්‌ගොඩ සුජී දකුණේ පාතාලයේ මහ කෙරුම්කාරයකු බවට පත්ව සිටියේය. කොස්‌ගොඩ සුජීගේ පාතාල කල්ලියේ අළුගෝසුවන්ගේ ලැයිස්‌තුවට සුමුදුගේ නම එකතු වන්නේ එතැන් සිටය. සුමුදුගේ දැස්‌වල වපරයක්‌ තිබුණේය. සුමුදු ප්‍රියංකර සිල්වා වපර සුqමුදු ලෙස පාතාලයේ ප්‍රසිද්ධියට පත් වුණේය.

කොස්‌ගොඩ සුජී තමන් භාරගත් අපරාධ කොන්ත්‍රාත්වලින් කොටසක්‌ වපර සුමුදු වෙත භාරදුන්නේය. වපර සුමුදු සිදු කළ මුල්ම අපරාධය ලෙස පොලිස්‌ වාර්තාවලට එකතු වන්නේ ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා ඌරගස්‌මන්හංදිය ප්‍රදේශයේ දී සිදු කළ මිනිස්‌ ඝාතනයයි.

නන්දසිරි සමරසිංහ නොහොත් තිස්‌ස කොස්‌ගොඩ සුජීගේ විරුද්ධවාදියෙකි. පාතාල ලෝකයේ කිරුළ දිනා ගැනීමේ සටනට තිස්‌ස බලපෑමක්‌ වන බව සුජී තේරුම් ගෙන සිටියේය. කාලයක පටන් තිස්‌ස සහ සුජී අතර පැවතුනේ පාතාල බල අරගලයකි. කොස්‌ගොඩ සුජී තිස්‌සට මරණ වරෙන්තු නිකුත් කරන්නේ ඉන් පසුවය. තිස්‌ස ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර වූයේ වපර සුමුදුට සහ ඇල්පිටියේ මයිකල් වෙතය.

ඌරගස්‌මංහන්දිය ප්‍රධාන මාර්ගයක ත්‍රිරෝද රථයක යමින් සිටි තිස්‌ස පසුපස යතුරුපැදියකින් පන්නා ගෙන ගිය වපර සුමුදු සහ මයිකල් ඔහුට වෙඩිතබා ඝාතනය කළහ. තිස්‌ස ඝාතනය සදාකාලිකව වැළලී යන අපරාධයක්‌ වනු ඇතැයි සිතමින් වපර සුමුදු සහ මයිකල් පලා ගියහ. එහෙත් මේ ඝාතනය පිටුපස කොස්‌ගොඩ සුජී සිටින බව පොලිසිය සොයා ගත්තේය.

ඝාතනය සිදු කළේ වපර සුqමුදු සහ මයිකල් බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබුණ ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ලැබුණේa නැත.

අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු අතර කලක පටන් ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගතව තිබුණේය. ඒ ගැටුම අවසානයේදී එකිනෙකා මරා ගන්නා තරමට දරුණු තත්ත්වයකට පත් වුණේය.

අරලිය ගෙස්‌ට්‌ හෝටලයේ හිමිකරු වූ හැලඹගේ සරත් නොහොත් අරලිය සරත් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව කොස්‌ගොඩ සුජී වෙත ලැබුණේය. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු හරහා බවට ප්‍රසිද්ධ රහසක්‌ වී තිබුණේය. කොස්‌ගොඩ සුජී සිය කල්ලියේ ප්‍රධානම ගෝලයකු බවට පත්ව සිටි වපර සුමුදු කැඳෙව්වේය.

"අරලිය සරත් මාව මරන්න ප්ලෑන් කරනවා. මිනිහා ඒ වෙනුවෙන් සල්ලිත් වියදම් කරලා තියෙනවා. ඒ නිසා අපි මිනිහව අයින් කරන්න ඕනෙ. උඹ මේ වැඩේ භාරගනින්. දැන් මට ඉන්න විශ්වාසවන්තම හිතවතා උඹ. ඒ නිසා මේ වැඩේ හරියට කරපං........."

කොස්‌ගොඩ සුජී සිය ඥති සොහොයුරා වන වපර සුමුදුට කීවේ අරලිය සරත් ඝාතනයට තමන් කොන්ත්‍රාත් මුදලක්‌ ලබාගත් බව රහසක්‌ ලෙස තබා ගනිමින්ය.

කලක්‌ හමුදා සේවයේ යෙදී සිටි නිසා වපර සුqමුදු දක්‍ෂ වෙඩික්‌කරුවකු විය. ටී. 56 ගිනි අවි ඇතුළු ඕනෑම ස්‌වයංක්‍රීය ආයුධයක්‌ පරිහරණය කිරීමේ හැකියාව ඔහුට තිබුණේය. අරලිය සරත් මරා දැමීම සඳහා ටී. 56 ගිනි අවියක්‌ සුජී විසින් වපර සුමුදුට ලබා දුන්නේය.

"මේ වැඩේ හරියටම කරන්න ඕන නිසා උඹ අරලිය සරත්ට වෙඩි තියන වැඩේ භාර ගන්න ඕනේ. බයික්‌ එක පදින හොඳ වැඩකාරයෙක්‌ මම උඹට දෙන්නම්."

කොස්‌ගොඩ සුජී සිය සගයාට කීවේය. අරලිය සරත් ඝාතනය වන්නේ ඉකුත් ජුලි මස 18 වැනිදා ය. අරලිය සරත් සිය යතුරු පැදියේ නැගී හෝටලය බලා යමින් සිටියදී ඒ පසුපස තවත් යතුරුපැදියක පන්නා ගෙන ආ වපර සුමුදු ටී. 56 ගිනි අවියෙන් වෙඩි තබා ඔහුq ඝාතනය කළේය.

ධාවනය වෙමින් තිබූ යතුරු පැදියේ පිටුපස නැගී සිටිමින් වපර සුමුදු අරලිය සරත්ට වෙඩි තැබුවේ කලක්‌ යුද හමුදාවේ දී තමන් ලත් පුහුණුව ප්‍රයෝජනයට ගනිමින් ය.

අරලිය සරත් ඝාතනයෙන් අම්බලන්ගොඩ නගරය පමණක්‌ නොව මුළු දකුණු පළාතම හෙල්ලී ගියේය. පොලිසිය ඝාතකයන් සොයා මෙහෙයුම් කීපයක්‌ ක්‍රියාත්මක කළ ද කොස්‌ගොඩ සුජීගේ ප්‍රධාන ගෝලයා බවට පත්ව සිටි වපර සුමුදු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ නැත. ඒ වන විට කොස්‌ගොඩ සුජී හොර රහසේම ඩුබායි දේශයට පැන ගොස්‌ සිsටියේය.

සංජීව කොස්‌ගොඩ සුජීගේ පාතාල කල්ලියේ නිත්‍ය සාමාජිකයකු බවට පත් වුණේ මීට වසර ගණනකට උඩදීය. සුජීගේ පාතාල කල්ලියට සම්බන්ධ වී සංජීව විවිධ අපරාධ සිදු කළේය. විවිධ ජාවාරම්වල නිරත වෙමින් යහමින් මුදල් උපයා ගත්තේය.

පැවැත්වුණේ අති උත්කර්ෂවත් අන්දමින්ය. එහිද කොස්‌ගොඩ සුජී ඝාතනය කිරීමට සාජීව ඇතුළුÊසගයන් උත්සාහ කළහ.

කොස්‌ගොඩ සුජී සිය මනාලිය සමඟ ගමන්ගත් මෝටර් රථය පසුපසද සංජීව ඇතුළු පාdතාල සගයන්පන්නාගෙන ගිය ද සිය බලක්‌කය සාර්ථක කර ගැනිමටඉඩක්‌ලැබුණේ නැත.

දෙවුන්දර මධුෂ ප්‍රමුඛ පාතාල කල්ලියෙන් සහ සංජීවගෙන්එල්ල වන තර්ජනවලට මුහුණ දීමට සුජීට පහසු නොවීය. කොස්‌ගොඩ සුජී හොර රහසේම කලක්‌ ගතවෙද්දී කොස්‌ගොඩ සුජී සහ සංජීව අතර ආරවුල් ඇති වන්නට පටන් ගත්තේ පාතාල කල්ලිය තුළ ගැටුම් උද්ගත වෙමින් ය. සුජී සහ සංජීව අතර ආරවුල කෙළවර වන්නේ ඔවුන් දෙදෙනා වෛරක්‌කාරයන් බවට පත් කරමින් ය.

කොස්‌ගොඩ සුජීගේ කල්ලියෙන් ඉවත් වූ සංජීව අවසානයේ නතර වන්නේ දෙවුන්දර මධුෂ්ගේ පාතාල කල්ලිය හා අලුත් දීගයක්‌ ආරම්භ කරමින් ය.

දෙවුන්දර මධුෂ් සහ කොස්‌ගොඩ සුජී බද්ධ වෛරක්‌කාරයන් ය. මධුෂ්ගේ කල්ලියට එක්‌ වූ සංජීව සිය ප්‍රතිවාදියා වූ සුජී ඝාතනය කිරීමට සැලසුම් සකස්‌ කරන්නට පටන් ගත්තේය. ඒ සඳහා දෙවුන්දර මධුෂ්ගෙන් ලැබුණේ විශාල සහායකි. සංජීව අවස්‌ථා දෙකකදීම කොස්‌ගොඩ සුජී ඝාතනය කිරීමට ඔහු පසුපස පන්නා ගෙන ආවේය. ඒ අවස්‌ථා දෙකේදීම සුජීට සිය ජීවිතය බේරා ගැනීමට හැකි වුණේ පූරුවේ වාසනාවකට ය. වරක්‌ සංජීව කොස්‌ගොඩ පිහිටි සුජීගේ නිවසට පැන හතර අතට වෙඩි තැබුවේ ඔහු සදාකාලිකවම නිසොල්මන් කිරීම සඳහාය.

මීට මාස කීපයකට උඩදී කොස්‌ගොඩ සුජීගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ අති උත්කර්ෂවත් අන්දමින්ය. එදින කොස්‌ගොඩ සුජී ඝාතනය කිරීමට සංජීව ඇතුළු සගයන් උත්සාහ කළහ.

කොස්‌ගොඩ සුජී සිය මනාලිය සමඟÊගමන්ගත් මෝටර් රථය පසුපස සංජීව ඇතුළු පාතාල සගයන් පන්නාගෙන ගිය ද සිය ඉලක්‌කය සාර්ථක කර ගැනීමට ඉඩක්‌ ලැබුණේ නැත.

දෙවුන්දර මධුෂ් ප්‍රමුඛ පාතාල කල්ලියෙන් සහ සංජීවගෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට සුජීට පහසු නොවීය. කොස්‌ගොඩ සුජී හොර රහසේම ඩුබායි දේශයට පලා යන්නේ මේ තර්ජන ගර්ජන නිසාමය.

ඩුබායි දේශයට පලා ගිය කොස්‌ගොඩ සුජී එහි සිට සිය ප්‍රතිවාදියා වන සංජීව මරා දැමීමට සැලසුම් සකස්‌ කරන්නට පටන් ගත්තේය.

තම විශ්වාසවන්තම සගයා වන වපර සුමුදු ඒ සඳහා යොදා ගත් කොස්‌ගොඩ සුජී ඔහුට අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නේය.

"උඹ කොහොම හරි සංජීවයට වැඩක්‌ දෙන්න ඕන. එහෙම නොවුණොත් මට ආයේ කොස්‌ගොඩ බහින්න බැරි වෙනවා.

කොස්‌ගොඩ සුජී ඩුබායි දේශයේ සිට සිය ඥති සොහොයුරා වන වපර සුමුදු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සංජීව ඝාතනයට සැලසුමක්‌ සකස්‌ කළේය. මේ සියලු සංවාද සිදුවන්නේ අන්තර් ජාලය ඔස්‌සේය.

සංජීව වැලිපැන්න ප්‍රදේශයේ නිවසක්‌ ඉදිකරමින් සිටියේය. සිය බිරිඳ සහ දරුවන් පදිංචිව සිටියේ මේ නිවසේ ය. සංජීව වැලිපැන්නේ නිවසට නිතර යන එන බවට තොරතුරු වපර සමුදු වෙත ලැබී තිබුණේ සිය ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් ය.

"සංජීව ගෙදර ඉන්න වෙලාවක ඌට ගහලා දාන්න ඕනෙ.

වපර සුමුදු සිය බද්ධ වෛරක්‌කාරයා බවට පත්ව සිටි සංජීව ඝාතනය කිරීමට සැලසුම් කළේය.

ඉකුත් සැප්තැම්බර් මස 28 වැනිදා රාත්‍රියේ සංජීව වැලිපැන්නේ පිහිටි නිවසට පැමිණි බවට වපර සුqමුදුට තොරතුරක්‌ ලැබිණි. දෙවරක්‌ නොසිතාම ඔහු වහා ක්‍රියාත්මක වුණේය.

සිය කල්ලියේ ගෝලයකු සමඟ යතුරුපැදියකින් වැලිපැන්නට ගිය වපර සුqමුදු සංජීවගේ නිවස වෙත කඩා පැන්නේය.

ටී. 56 ගිනි අවි මැගසින් දෙකක්‌ නිමවන තුරු සංජීවගේ නිවස දෙවනත් වන ලෙස වෙඩි තැබූ වපර සුමුදු එදින රාත්‍රියේ පලා යන්නේ සිය ප්‍රතිවාදියා සදාකාලිකව නිසොල්මන් වී ඇතැයි සිතමින් ය.

එහෙත් වපර සුමුදුගේ ඉලක්‌කය වැරදී ගොස්‌ තිබිණි. වෙඩි ප්‍රහාර එල්ල වන අවස්‌ථාව වන විට සංජීව නිවසේ සිටියේ නැත. එදින නිවසේ සිටියේ සංජීවගේ බිරිඳ සහ දරුවන් පමණි. වෙඩි ප්‍රහාරයෙන් සංජීවගේ පුත්‍රයා තුවාල ලැබුවේය.

සංජීවගේ නිවසේ රූපවාහිනිය නැරඹීමට පැමිණ සිටි අසල්වැසි කාන්තාවක්‌ ද මෙම ප්‍රහාරයෙන් අවසන් ගමන් ගියේ ඉතාම ශෝචනීය ආකාරයට ය.

වැලිපැන්නේ සිදු වූ මෙම වෙඩි තැබීම මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක්‌ විය. ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසිය දැඩි පරිශ්‍රමයක නිරත වුවද එය සාර්ථක වුණේ නැත.

නවගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මංජුල සිල්වා මහතා පාතාල මර්දනය කිරීමේලා විශාල මෙහෙයක්‌ කළ නිලධාරියකු ලෙස ප්‍රසිද්ධය. වැලිපැන්නේ වෙඩි තැබීම පිළිබඳව මංජුල සිල්වා මහතා වෙත ඉතා වැදගත් තොරතුරක්‌ ලැබෙන්නේ සිය පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් ය.

සර්....... වැලිපැන්නේ වෙඩි තැබීමට සම්බන්ධ සුමුදු ප්‍රියංකර සිල්වා හොරෙන්ම රට පනින්න හදන්නෙ. මිනිහා නවගමුව පැත්තෙ ගෙදරකට එනවා. අද හෙටම අල්ල ගත්තෙ නැත්නම් මාරු වෙන්න පුළුවන්........"

මංජුල සිල්වා මහතාගේ ඔත්තුකරුවා ලබා දුන් තොරතුරු ඉතාම වැදගත් විය. මංජුල සිල්වා සිය ඉහළ නිලධාරීන් වන නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි සමන් පිගේරා යන නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් කළේය.

වැලිපැන්නේ ප්‍රහාරයට සම්බන්ධ පාතාල සාමාජිකයා වහාම අත්අඩංගුවට ගැනීමට ඉහළ නිලධාරීන්ගෙන් මංජුල සිල්වා මහතාට උපදෙස්‌ ලැබුණේය. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ද ලබා දීමට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු සහ සමන් සිගේරා මහත්වරුන් පියවර ගත්හ.

මංජුල සිල්වා මහතා උපාය දූතයකු යොදවා ඉතාම සූක්‍ෂම ලෙස පාතාලයේ වපර සුමුදු නවගමුව ප්‍රදේශයේ නිවසකට ගෙන්වා ගත්තේය. හොර රහසේම විදේශගතවීමටසැලසුම් කරමින් සිටි වපර සුමුදු නවගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ සැලසුමට හසු වුණේය.

අවසානයේදී වපර සුමුදු පොලිස්‌ අත්අඩංගුවට පත් විය. වසර තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ තමන් සිදුකළ අපරාධ සියල්ල වපර සුqමුදු පොලිස්‌ නිලධාරීන්a හමුවේ හෙළි කළේය.

"කොස්‌ගොඩ සුජී මාව රටෙන් පිටකරන්න හැදුවෙ කොයි වෙලාවක හරි මාව පොලිසියට මාට්‌ටු වෙයි කියලා හිතලා. තව සතියක්‌ සර්ලා පරක්‌කු වුණා නම් මගේ වලිගෙවත් අල්ල ගන්න ලැබෙන්නෙ නැහැ." වපර සුමුදු කීවේය. කොස්‌ගොඩ සුජීගේ පාතාල කල්ලියේ මහා කෙරුම්කාරයාව සිටි වපර සුqමුදු අත්අඩංගුවට පත් නොවන්නට ඔහු අතින් තවත් අපරාධ ගණනාවක්‌ සිදුÊවනු නොඅනුමානය.

කොස්‌ගොඩ සුජීගෙන් මාසිකව ලබන වැටුප වෙනුවෙන් මිනී මැරීමට ඉදිරිපත්ව සිටින මෙවැනි නරුමයන් අනාගත දිනයක නැවත සමාජගත වනු ඇත. මෙවැනි අපරාධකාරයන්ගෙන් සමාජයට සෙතක්‌ නැත. ඒ පිළිබඳව පොලිසිය දෙවරක්‌ සිතා බැලිය යුතුය.



Wmqgd .ekSu wo weiqfrks

More News »