බුදු තාත්තෙ වස දෙන්න එපා...!
දරුවන් දෙදෙනාට වස දී පියාත් දිවි නසාගත් කෙදවාචකය

2016-08-29 10:16:00       659
feature-top
ශිෂ්‍යත්වයට වාඩිවෙන්න ලොකු පුතාට තිබුණේ දවස්‌ දෙකයි

උපදින සෑම ආත්මයකම කිසිම පුද්ගලයකු නෑසිය යුතු හද කම්පා කරවන සුළු සිදුවීමක්‌ පසුගිය සතියේ සිකුරාදා දින කොටහේන ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණි. එම සිදුවීම කොතරම් ෙ€දජනකද කිවහොත් එය ඇසූ සියල්ලෝම දින ගණනක්‌ සෝ සුසුම් හෙළුවේ හදවතට දැණුනු දැඩි දුක දරාගත නොහැකි නිසාය. එලෙස රටම හැඬවූ සිදුවීම වූයේ පියෙකු සහ දරු දෙදෙනකු වස වර්ගයක්‌ ශරීරගත වීමෙන් මියයැමේ පුවතයි.

පියා විසින් දරු දෙදෙනාට වස පොවනු ලැබ පසුව ඔහුත් වස පානය කර මියගියාද, නැතිනම් වෙන කවුරුන් හෝ මෙම තිදෙනාට වස දුන්නාද යන්න තවමත් ගැටලුවකි. නමුත් සමහරු පවසන්නේ පියා විසින් දරු දෙදෙනාට වස පොවා ඔහුත් ජීවිතය හානිකර ගත් බවයි. ව්‍යාපාරිකයකු වන එම පියා එලෙස කර ඇත්තේ මූල්‍ය වංචාවකට හසුවී අධික ණය බරෙන් සිටි නිසා බව බොහෝ දෙනාගේ අදහසයි. එම ෙ€දජනක සිදුවීම මෙසේය.

ඡේසුදාසන් ව්‍යාපාරිකයෙකි. පදිංචිය කොටහේන ශාන්ත බෙනඩික්‌ ප්‍රදේශයේය. ඔහු විවාහ වූයේ දැනට වසර පහළොවකට පමණ ඉහතදීය. ඡේසුදාසන්ගේ බිරිඳ රැකියාවක්‌ නොකළ අතර සමහර අවස්‌ථාවල ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට උදව් කළේය. එලෙස දෙදෙනා සාමකාමීව කාටවත් කරදරයක්‌ නොවන ලෙස ජීවත් වූහ. කාලයාගේ ඇවෑමෙන් මෙම කැදැල්ලට දරු දෙදෙනෙක්‌ එකතු වූහ. ඉන් වැඩිමලා දියණියක වූ අතර ඇය නමින් කදර්ශනිය. බාලයා පුතෙකි. නමින් ඔහු කවීන්ද්‍රන්ය.

දරු දෙදෙනා ලැබීමත් සමඟ ඡේසුදාසන්ගේ කැදැල්ල අංගසම්පූර්ණ වූයේය. දැන් ඔහුගේ මුළු ජීවිතයම බිරිඳ සහ දරු දෙදෙනා ය. ඔහු තම බිරිඳ ව්‍යාපාර කටයුතුවලින් ඈත් කළේ ඇයගේ සම්පූර්ණ කාලයම දරු දෙදෙනා වෙනුවෙන් මිඩංගු කරවීම සඳහා යි. ව්‍යාපාරිකයකු වශයෙන් කොතරම් කාර්ය බහුල වුවත් සෑම මොහොතකම ඔහු තම ආදරණීය බිරිඳ සහ දරු දෙදෙනා ගැන සොයා බැලුවේය. ඔහු අංක එක ලෙස සැලකුවේ තම පවුලයි. එම නිසා හැකි සෑම මොහොතකම ඔවුන් සමඟ කාලය ගත කළේය.

සමහර ව්‍යාපාරිකයන්ට මෙන් කපටි දැඩි හදවතක්‌ ඡේසුදාසන්ට තිබුණේ නැත. ඔහුගේ හදවත ඉක්‌මනින් උණුවෙන සුළු විය. එය ඔහුගේ හිතමිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාම දනිතිs. කවුරුන් හෝ උදව්වක්‌ පදව්වක්‌ ඉල්ලුවොතින් අනිවාර්යෙන්ම ඔහු එය ඉටුකර දෙන්නේය. ඔහුට මොන ගැටලු තිබුණත් ඒ මොහොතේ අදාළ වන්නේ නැත. ඔහු අන්ත අසරණ මිනිසුන්ට අනන්තවත් උදව් උපකාර කළේය. එලෙස කරන උදව් ගැන දන්නේ ඔහුම පමණි. වෙන අය මෙන් තැනින් තැන ඒවා කියමින් ලකුණු දමා ගැනීමේ පුරුද්දක්‌ ඔහුට නැත. මෙවැනි උතුම් ගති ලක්‍ෂණ නිසා බොහෝ මිනිස්‌සු ඔහුට ආදරය කළෝය.

කුරා කුහඹුවකුටවත් වරදක්‌ නොමැතිව සාමකාමීව තම ව්‍යාපාර කටයුතු කරගෙන ගිය නිසා ව්‍යාපාරිකයන් අතරද ඔහුට ලොකු පිළිගැනීමක්‌ තිබුණි. අන් අයට වඩා තීක්‍ෂණ බුද්ධියක්‌ ඔහුට තිබුණි. සෑම දෙයක්‌ දෙසම බැලුවේ අමුතුම කෝණයකිනි. ඇතැම් අවස්‌ථාවල පැන නැගුණු ගැටලුවලට සමහර ව්‍යාපාරිකයෝ ඔහුගෙන් පිළිතුරු පැතූහ.

ඡේසුදාසන්ගේ ව්‍යාපාරය වූයේ පිටරටින් මෙරටට ජංගම දුරකථන ගෙන්වා විකිණීමයි. එම ව්‍යාපාරය ඔහු සාර්ථකව කරගෙන ගිය අතර මාසිකව සැලකිය යුතු තරමේ ආදායමක්‌ ඉන් ඉපැයුවේය. එලෙස ව්‍යාපාරික කටයුතු සහ පවුලේ අය සමඟ ඔහුගේ කාලය සතුටින් ගෙවී ගියේය.

ඡේසුදාසන්ගේ ව්‍යාපාරික සහකරුවෙක්‌ සිටියේය. අපි ඔහු නමින් ක්‍රිෂ්ණා ලෙස හඳුන්වන්නෙමු. ක්‍රිෂ්ණා ගැන කෙටියෙන්ම කිවහොත් වතුර යටින් ගින්දර පවා ගෙන යැමට හපනෙකි. ඔහු තරම් කට්‌ට කයිරාටිකයකු සොයා ගැනීමටවත් නොහැකි තරම්ය. ඔහු ඒ කිසිවක්‌ පිටතට පෙන්වන්නේ නැත. ජීවත් වන්නේ ලෝකයේම සිටින අහිංසක පුද්ගලයා ලෙසින්ය.

ව්‍යාපාර ඥණය කොතරම් තිබුණත් ඡේසුදාසන්ට පවා මෙම පුද්ගලයාගේ ඇත්ත ස්‌වරූපය හඳුනා ගැනීමට නොහැකි විය. එක්‌ දිනක ක්‍රිෂ්ණා සහ ඡේසුදාසන් අතර ව්‍යාපාරික සාකච්ඡාවක්‌ ඇති විය. පැය දෙකකට අධික කාලයක්‌ පැවැත්වූ එම සාකච්ඡාවේ කතාබහ වූ දේවල් දැන සිටියේ ඔවුන් දෙදෙනාම පමණි. අඩුම තරමේ ඡේසුදාසන්ගේ බිරිඳවත් ඒ ගැන හරි හැටි දැන සිටියේ නැත. ඇය දැන සිටියේ තම ස්‌වාමි පුරුෂයා ක්‍රිෂ්ණා සමඟ ව්‍යාපාරික ගණුදෙණුවක්‌ පවත්වාගෙන යන බව පමණි.

ක්‍රිෂ්ණා ඡේසුදාසන්ට පවසා ඇත්තේ (පසුව දැනගත් තොරතුරුවලට අනුව) සල්ලි ටිකක්‌ අරන් සිංගප්පූරුවට ගියහොත් ජංගම දුරකථන, විද්යුත් උපකරණ ආදී භාණ්‌ඩ අඩු මුදලට ගන්න පුළුවන් බවත්, එම උපකරණ මෙරට විකුණා විශාල ලාභයක්‌ උපයාගත හැකි බවත්ය. ඒ සඳහා ලක්‌ෂ හතළිහක පමණ මුදලක්‌ උවමනා වන බව ක්‍රිෂ්ණා පවසා තිබුණු අතර ඒ උවමනාවට ලක්‌ෂ හතළිහක මුදල ඡේසුදාසන් සොයා දීමට පොරොන්දු වී තිබුණි.

තමා සන්තකයේ තිබෙන සියලු මුදල් එකතු කර ගත්තත් ලක්‌ෂ හතළිහක මුදලක්‌ ඡේසුදාසන් ළඟ නොතිබුණි. ඔහු හිතමිතුරන් කිහිප දෙනකුගෙන් මුදල් ණයට ගෙන ලක්‌ෂ හතළිහක්‌ ක්‍රිෂ්ණාට ලබා දුන්නේ දහසක්‌ බලාපොරොත්තු සිතේ තබාගෙනය. මුදල් දෙන අවස්‌ථාවේ පවා ඔහු ක්‍රිෂ්ණාට පැවසුවේ "මේවා තනිකර මගේ සල්ලි නොවේ. ණයට ගත්ත ඒවත් තියෙනවා. ඒක නිසා හොඳට ඔළුව කල්පනා කරලා වැඩ ටික කරන්න කියාය..."

ලක්‌ෂ හතළිහක මුදල ලබා ගත් ක්‍රිෂ්ණා සිංගප්පූරු ගියේය. කටුනායක ගුවන් තොටුපළේ දී ඔහු අවසන් වරටත් ඡේසුදාසන්ට දුරකථන ඇමතුමක්‌ දී පැවසුවේ "බය නැතිව ඉන්න. බඩුත් අරන් ඉක්‌මණට එන

බව" යි. ඡේසුදාසන් එය ඉහ මුදුනින් පිළිගත්තේය. ක්‍රිෂ්ණා හොඳ එකා යෑයි යටි සිතින් සිතුවේය. එහෙත් ඔහුට වැරැදී තිබුණි. ක්‍රිෂ්ණා කළේ මාස ගණනක්‌ ඔහුගේ සිතේ තිබුණ කූට උපක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීම පමණි. ඒ ඡේසුදාසන්ගේ ලක්‍ෂ හතළිහක මුදලක්‌ අරන් පළා යැමයි. එම තිරිසන් මිනිසා අකුරටම එය සිදු කළේය.

දින සති ගත විය. ක්‍රිෂ්ණා ගැන කිසිදු තොරතුරක්‌ නොමැත. ඔහු නැවත එනවා කියූ දවසත් පසුවී සති ගණනක්‌ ගොහින්ය. එහෙත් ඔහු ගැන කිසිදු තොරතුරක්‌ නොමැත. වැඩේ වැරැදී ඇති බව

ඡේසුදාසන්ට තේරුණේ ඉන් පසුවයි. ඔහුගේ ඉහමොළ රත්විය. කරන්නේ කුමක්‌දැයි සිතා ගැනීමට නොහැකි විය.

දින සති ගණන් නොකා නොබී ඔහු ක්‍රිෂ්ණා ගැන තොරතුරු සෙව්වේය. එහෙත් සතුටුදායක දෙයක්‌ සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔහු ආර්ථික හා මානසික තත්ත්වයෙන් අන්තයටම වැටී සිටියේය. ඔහු ජීවත් වුවත් දිස්‌වූයේ මළමිනියක්‌ සේය.

දස දහස්‌වාරයක්‌ තමා කළ මෝඩකම ගැන දුක්‌ වූයේය. අවසානයේ මෙය දරා ගැනීමට නොහැකිව මානසිකව ඔහු ඇද වැටුණේය.

ණයට ගත් මුදල් ඉල්ලා මිතුරෝ නිතරම

ඡේසුදාසන්ට කරදර කළහ. එම ණය බේරීම කෙසේ වෙතත් තමාගේ ව්‍යාපාරය කරගෙන යැමටවත් ඔහුට මුදල් නොතිබුණි. අවසානයේ ඔහු ජීවත්ව සිටි නිවස කුලියට දී එම ප්‍රදේශයේම වෙනත් නිවසක්‌ අඩු මුදලකට කුලියට ගෙන එහි පදිංචියට ගියේය. කාටවත් කරදරයක්‌ නොවී තමන්ගේ පාඩුවේ ජීවත් වූ ඡේසුදාසන්ට අවසානයේ අත්වූයේ එවන් ඉරණමකි.

ණය කාරයන්ගේ කරදර සහ ව්‍යාපාරය දිනෙන් දිනම කඩාවැටීම ඔහුට කිසිසේත් ඉවසිය නොහැකි විය. පේනතෙක්‌ මානයක ගැලවීමක්‌ නොමැති බව ඔහුට අවබෝධ විය. ආදරණීය බිරිඳ, දරු දෙදෙනා ගැන ගැන සිතා ඔහු අනේක වාරයක්‌ සිතින් තැවුණේය. තමන් අදහන දෙවියන්ගෙන් පවා ඔහු උදව් ඉල්ලුවේය. එහෙත් කිසිවෙක්‌ ඔහුගේ දුකට පිහිට වූයේ නැත. එමනිසා එන්න එන්නම ඔහු මානසිකව ඇද වැටුණේය.

හතළිස්‌ හය හැවිරිදි ඡේසුදාසන් දැඩි තීරණයක්‌ ගෙන තිබුණි. ඔහු එය ක්‍රියාත්මක කිරීමට අවස්‌ථා කිහිපයකම සැරසුණේය. ඒ සමඟම තම ආදරණීය බිරිඳ සහ දරු දෙදෙනා මතක්‌ වී යළි එය වෙනස්‌ කර ගත්තේය. එන්න එන්නම ඔහු මානසිකව ඇද වැටුණේය. අහස තරම් උසට ආර්ථික ප්‍රශ්න වැඩිවිය. ඒ සමඟම ඔහුගේ ජීවත් වීමේ ආසාවද නැති විය. දරු දෙදෙනාද තමා සමඟ යා යුතු යෑයි ඔහු තීරණය කළේය.

දිනය විසිවැනි සිකුරාදාය. පාන්දරින් අවදි වූ

ඡේසුදාසන්ගේ බිරිඳ කොටහේන දෙමළ මහා විද්‍යාලයට යැමට සැරසුණාය. ඒ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින තම පුතාගේ රැස්‌වීමකට සහභාගි වීම සඳහායි. ඇය නිවසින් පිටවන මොහොත වන විටත් සැමියා සහ දරු දෙදෙනා නිදාගෙන සිටියහ. ඇය සැමියා අවදිකර පවසා ඇත්තේ තමා රැස්‌වීමට යන බවයි. එවිට ඔහු පවසා ඇත්තේ පරිස්‌සමින් ගිහින් එන ලෙසත්, උදෑසන කෑම තමා සහ දරු දෙදෙනා එළියෙන් රැගෙනවිත් කන බවත්ය.

ඇය පාසලේ සිටින අතරතුර ජංගම දුරකථනය නාද විය. එහා කොනෙන් කතා කළේ තම ආදරණීය පුතා ය. නමුත් ඔහු කියූ දේවල් පැහැදිලිව ඇයට ඇසුණේ නැත. ඇයගේ සිතට පොඩි බියක්‌ද දැනුණි. වහාම ඇය නිවස බලා යැමට පිටත් වූවාය. ඇය නිවසේ උඩුමහලට තරප්පු පෙළ නැග්ගා පමණි. තම දියණිය තරප්පු පෙළ අයිනේ වැටී සිටිනවා දුටුවාය. වහාම ඇය තම දියණිය සියතට ගෙන නිවස තුළට රැගෙන ගියාය. එවිට ඇය දුටුවේ සැමියා සහ පුතා සිහිසුන්ව වැටි සිටින අයුරුයි. ඇයගේ ගත සීතල වී වෙව්ලන්නට විය. මොහොතක්‌ ඇය ගල්ගැසී බලන් සිටියේ දුටු දසුන් පෙළ සිහිනෙකින්වත් දකින්නට නොසිතූ දෙයක්‌ නිසාය.

පියවි සිහියට පැමිණි ඇය පළාතම දෙවනත් වනසේ විලාප තැබුවාය. එම විලාපය ඇසී ප්‍රදේශවාසීහු රැසක්‌ එතැනට එක්‌රොක්‌ වූහ. පසුව ඔවුහු රෝගීන් තිදෙනාව රෝහල වෙත රැගෙන යැමට කටයුතු කළහ. ඒ වන විටත් පියා සහ දියණිය මරු තුරුළට ගොස්‌ය. සිහිසුන්ව සිටි පුතාද ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වෙමින් සිටියහ. ඔහු කිසිවක්‌ කීමට සැරසුණත් ඔහුගේ මුවින් වචන පිටවූයේ නැත. රෝහල් ගතකර පැය කිහිපයකට පසු ඔහුද මරු තුරුළට ගියේය.

කොටහේන පොලිසියේ නිලධාරීහු මෙම සිද්ධිය දැනගත් පසු වහාම එම නිවස පරීක්‍ෂා කළහ. එහිදී ඔවුන්ට නිවස ඇතුළේ පානය කළ කිරි පැකට්‌, ඉතිරි වූ කෑම පාර්සලයක්‌ සහ වතුර ජෝගු දෙකක්‌ සොයා ගැනීමට හැකිවිය. මොවුන්ගේ සිරුරට වස ඇතුළු වූයේ කිරි පැකට්‌වලින්ද, කෑමවලින්ද යන්න මේ ලිපිය ලියන මොහොත වන විටත් සොයාගෙන නොතිබුණි.

ව්‍යාපාරිකයා හිතාමතාම තම දරුවන්ටත් වසදී තමාත් වස පානය කළාද යන්න සොයා ගැනීමට නොහැකිවී ඇත. නමුත් බොහෝ දෙනාගේ මතය වන්නේ ව්‍යාපාරිකයා සතුව තිබූ ආර්ථික ප්‍රශ්න හමුවේ දරු දෙදෙනාටත් වස පොවා ඔහුත් වස පානය කළ බවයි. එම ව්‍යාපාරිකයාගේ බිරිඳ පවසන්නේ තම ස්‌වාමියාට එලෙස මැරෙන්නට තරම් බරපතළ ප්‍රශ්නයක්‌ නොතිබූ බවයි.

අවසානයේ කවුරු කෙසේ කීවත් මිනිස්‌ ජීවිත තුනක්‌ අවාසනාවන්ත ලෙස ලොවට අහිමි වී ගොසින්ය. මේ ආර්ථික ප්‍රශ්න හමුවේ එම ව්‍යාපාරිකයා තම දරු දෙදෙනාටත් වස පොවා තමාත් වස පානය කර සියදිවි නසා ගත්තා නම් එය මිහිතලය පවා නුහුලන අපරාධයකි. එම පියාගේ ආත්මයට පවා කිසිදාක සමාවක්‌ නොලැබෙනු ඇත. ඒ මන්ද යත් තමාගේ වැරැදිවලට අහිංසක දරුවන් පළි නොවන නිසාය.

More News »