කෙටි කළකින් දුරගමනක්‌ ගිය රුචිර
බුත්පිටිය කම්පා කළ ඛේදවාචකය

2016-08-08 11:25:00       583
feature-top
බුත්පිටිය ඌරුවල ග්‍රාමයේ ඉකුත් පළමුවැනිදා උදැසන පැතිර ගිය දුක්‌මුසු කනගාටුදායක ආරංචියෙන් ගම්වැසියන්ගේ හදවත් කම්පා විය. මොහොතකින් ගමක්‌ හැඬවූ ඒ දුක්‌මුසු පුවත කනවැකුණු ගැමියන් පිළිකුත්තුව මංසන්ධිය අසලට දිව ආවේ ඇත්තටම එය එසේ සිදුවීදැයි තම දැසින්ම දැක බලා ගැනීමටය. ඔවුන් පැමිණෙන විටත් ඒ සිදු නොවිය යුතුදේ සිදු වී හමාරය.

රුචිර දුල්ෂාන් 17 හැවිරිදිය. ගම්පහ යක්‌කල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. බුත්පිටිය මංසන්ධියට තම නිවසේ සිට කිලෝ මීටර් දෙක හමාරක්‌ පමණ පයින් පැමිණිය යුතුය. ඉකුත් පළමු වැනිදා බුත්පිටිය මංසන්ධියට පැමිණෙන විටත් මගීන්ගෙන් පිරී ගිය ජී. යූ. 3493 දරන පෞද්ගලික බස්‌ රථය එහි නවතා තිබුණි. කාර්මික විද්‍යාලයට යැම සඳහා ලහිලහියේ දිව ආ රුචිර බස්‌ රථයේ ඉදිරිපස පාපුරුවට ගොඩවූයේ බස්‌ රථයේ ඇතුළට කොහොම හරි රිංගා ගැනීමේ අදහසින් වුවද අතුරු සිදුරු නොමැතිව පිරී තිබූ බස්‌ රථයට "හෝල්ට්‌" එකක දුරක්‌ පසු කිරීමටවත් කාලයක්‌ ගත නොවුණි. ඉස්‌සරහ දොරෙන් කවුදොa වැටුණා. බස්‌ එක නවත්වන්න මගීන්ගේ කෑ කෝ ගැසීම නිසා රියෑදුරු බස්‌ රථය නවත්වන විටත් තවත් මාරක අනතුරක්‌ සිදුවී හමාරය. ඉදිරිපස දොරෙන් වැටුණු රුචිරගේ හිස පිටුපස රෝද දෙකට යටවී තිබුණි. බස්‌ රථයේ පිරිස බස්‌ රථයෙන් දුවවිත් දුටු දසුන දරාගත නොහැකිය. රුචිරගේ දේහය ඒ වනවිටත් නිසලය. රෝද දෙකට යටවූ හිසේ කොටස්‌ පාර පුරා විසිරී තිබුණි. සිද්ධිය වූ ස්‌ථානයට මල්වතුහිරිපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඒ. එස්‌. බී. මගලේගොඩ මහතා රථ වාහන අංශ ස්‌ථානාධිපති මදුරප්පෙරුම මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම පැමිණ වහා පොලිස්‌ පරීක්‍ෂණ මෙහෙයවීය. පොලිස්‌ ස්‌ථානාධිපති මගලේගොඩ මහතාගෙන් ලද තොරතුරු අනුව ඌරුවල පිහිටි රුචිර සිසුවාගේ නිවසට මම යන විටත් ගම්වාසීන් විශාල පිරිසක්‌ රැස්‌වී සිටින අයුරු දුටුවෙමි. සම වයසේ පසුවන මිතුරන් අකාලයේ මියගිය තම මිතුරා ගැන යමක්‌ කිව නොහැකිව නෙතගපිරි කඳුළින් යුතුව නිහඬව පසුවන අයුරු හදවත කම්පා කරවන සුලුය.

රුචිර සිසුවා වසර 17 ක්‌ වැනි හිරිමල් වියේ පසු වුවද ඌරුවල ගම් ප්‍රදේශයේ කා අතරත් ඔහු හොඳ හිත දිනාගත් සමාජශීලී පුද්ගලයකු බැව් ඔහුගේ අකල් වියෝවින් තැවෙන ගම්මුන්ගේ පිළිගැනීමය. ගමේ පොදු වැඩ කටයුතු සමිති සමාගම්වල සෙසු තරුණ වැඩිහිටි පිරිස්‌ සමගින් රුචිර බොහෝම ළෙන්ගතුව කටයුතු කළ නිසාම හෙතෙම ගමට අවශ්‍ය පුද්ගලයකු විය. ගමේ විහාරස්‌ථානය මූලික කරගත් වාර්ෂිකව පවත්වන පොසොන් කලාපය සාර්ථක කර ගැනීමට තරුණ පිරිස සමග සිදුකළ ඒ කැප කිරීම එම තරුණ පිරිස සිහිපත් කරන්නේ නෙතගට නැඟී කඳුළින් යුතුවය.

රුචිර සිසුවා තම උපන් ග්‍රාමය තුළ මෙතරම් ජනප්‍රිය ගුණගරුක ගමට අවශ්‍ය පුද්ගලයකු බවට පත් වුවද, දුක්‌ කරදර කම්කටොලු කන්දක්‌ උඩ ජීවත් වූ ඇත්තටම අහිංසක තවත් එක්‌ චරිතයක්‌ පමණි. සම වයසේ සෙසු මිතුරන්ට වඩා රුචිර හැඩි දැඩිය. නමුත් ඒ හැඩි දැඩිකම හමුවේ රුචිර දඩබ්බරකම් කළ චරිතයක්‌ නොවේ. කොලුකමට හෝ පාපුරුවේ යන කොලු ගැටයකුද නොවූ රුචිර ගැන විසිපස්‌ හැවිරිදි ඔහුගේ එකම සහෝදරිය එච්. පී. රුවනි අයේෂා පැවසූ කතාව ඇත්තටම හද කම්පා කරවන සුලුය.

මේ ඇය හඬ හඬා කී ඒ කතාවය. "මගේ අම්මත් රෝගියෙක්‌. මගේ මහත්තයාගෙත් රිය අනතුරක්‌ නිසා පාදයක්‌ ඉවත් කරලා. මමත් පිළිකා රෝගියෙක්‌. බෙහෙත් බලෙන් ජීවත් වෙන්නේ. අනේ අපේ පවුලම බලාගන්න හිටිය මගේ මල්ලියට මේ වගේ දෙයක්‌ වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. කුරා කුහුඹියෙකුටවත් කරදරයක්‌ හිංසාවක්‌ නොකරන මගේ මල්ලියගේ හිස මතින් ඔය බස්‌ එකේ රෝද දෙක යට කරගෙන ගිහින් අපේ පවුලම ගොඩදාගන්න හැමදාම හීන මැවූ මගේ මල්ලිය අද අපට නැහැ. අසරණ අපටම ඇයි... දෙවියනේ මෙහෙම වෙන්නේ...."

මල්ලී අපේ ගමේ පාසලෙන් ඉගෙනුම ලැබුවා. අදට සතියයි මල්ලි ටෙක්‌ එකට යන්න පටන් අරගෙන. අනේ ඉක්‌මනට යන්න හිතාගෙන වෙන්න ඇති ඔය බස්‌ එකේ යන්න ඇත්තේ. වයසට වඩා මල්ලිගේ ඇඟපත හැදිලා තිබුණා. අනේ ඒ වුණාට ඊයේ හවසත් පහළ වෙළේ යාළුවෝ එක්‌ක සරුංගල් යෑව්වා. අපි මේ වැටිල ඉන්න තැනින් ගොඩට ගන්න ලොකු බලාපොරොත්තු මල්ලක්‌ තිබුණා. තාත්තගේ රැකියාවෙන් තමයි මේ ඔක්‌කොම කරන්නේ. මේ හැම දෙයක්‌ ගැනම පුංචි වුණාට මල්ලී හරිම කල්පනාවෙන් හිටියේ. අනේ අපිට කියල මහ ආර්ථික හයියක්‌ නැහැ. පවුලේ අපිත් රෝගීන්. මගේ මල්ලිය අපට අහිමි වුණා. අපිට කියල නිම කරගන්න බැරි දුක්‌කරදර ගොඩක ආයේ අපි හිරවුණා. පවුලේ මේ මොන ප්‍රශ්න තිබුණත් මල්ලී මේ ගමේ හැම පොදු වැඩ කටයුත්තකදීම දුවල පැනල වැඩ කළා. කිසිම පංගු බේරුවක්‌ නැහැ. ඒ නිසා මල්ලිට මේ කොයි කවුරුත් පුදුම ආදරයක්‌ තිබුණා. අනේ ඒ නිසා තමයි මේ හැම කෙනාම මේක ආරංචි වුණ ගමන් අපේ ගෙදරට දුව එන්නේ.

රුචිරගේ අභාවය ගැන සොව පළ කරමින් බැනර් සහ තොරණ ගම පුරා ඔසවන ලදි. යක්‌කල කාර්මික විද්‍යාලයීය විදුහල්පති එච්. ඒ.සී. ජයවර්ධන මහතා ඇතුළු ආචාර්ය මණ්‌ඩලය සහ සිසු දරුවන් රුචිර වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු සඳහා මල් ශාලාවේ බැර පැන දරා එම අසරණ පවුල සඳහා සිය යුතුකම් ඉටුකර තිබුණි. රුචිරගේ පියාගේ සේවා ස්‌ථානයේ පිරිසද එම කනගාටුදායක අවස්‌ථාවට එක්‌ව කටයුතු කළාය.

රුචිර සිසුවාගේ මවද අසනීපයෙන් පසුවේ. තම එකම පුතණුවන්ට සිදුවූ අකල් වියෝව ඇයට දරා ගත නොහැකිය. සිද්ධිය සැළවූ මොහොතේ සිට කෑම බීමද ප්‍රතික්‍ෂේප කරමින් දුක්‌ අෙ¹aනා දෙයි. "ගහක්‌ ගලක්‌ වගේ හිටිය මගේ දරුවට මේ මොනවද වුණේ දෙවියනේ. කිසිම කෙනකුට නපුරක්‌ නොකරපු මගේ දරුවට ඇයි? මෙහෙම දෙයක්‌ වුණේ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ කට ගාලා මැරුණානම් මට හිත හදාගන්න තිබුණා. අම්මා කෙනෙක්‌ කොහොමද මේ දුක ඉවසන්නේ. අනේ ඔය බස්‌ එක නවත්වා ගන්නවත් බැරි වුණාද? ඔය රෝද දෙක මගේ දරුවාගේ හිස මතින් යද්දී අනේ මගේ රත්තරං පැටියට මොන දුකක්‌ වේදනාවක්‌ දැනෙන්න ඇද්ද මගේ බුදු පුතේ? මගේ පුතා හොරු අරන් ගියා වගේ. කොච්චරනම් අශාවකින්ද කාර්මික විද්‍යාලයට ගියේ. අපිව බලා හදාගන්න කොච්චර නම් ආශාවකින්ද මගේ පුතා හිටියේ. රුචිරගේ මව එළියේ විලාප නඟමින් හඬන දොඩන අයුරු දකින අසන කාට වුවද නෙතගට කඳුළක්‌ නැඟුණි.

මාර්ග අංක 205 කිරිඳිවැල, ගම්පහ මාර්ගයේ පෞද්ගලික බස්‌ රථ සේවය ගැන මගීන් තුළ කිසිදු ප්‍රසාදයක්‌ නැත. මේ වන විට අනතුරු රැසක්‌ සිදුවී ජීවිත හානිද සිදු වී ඇත. ඒ පිළිබඳව ගම්පහ, තක්‍ෂිලා විදුහලේ විදුහල්පති ගනේපොල මහතා "මුළු පවුලක බරක්‌ කරට ගන්න හිටිය මේ දරුවාගේ අභාවයෙන් මේ පවුල තවත් අසරණ වුණා. අනාගතයේ රටට දැයට විශාල සේවයක්‌ කළ හැකි දරුවෙක්‌ මේ අකාලයේ පරව ගියේ. මේ පාරට ලංගම බස්‌ රථයක්‌ දෙකක්‌ ධාවනයට යොදවන්න බැහැ. මේ අය වර්ජන තර්ජන කරනවා. පොල් පටවලා වගේ මිනිස්‌සු පුරවාගෙන යන්නයි මේ අයට ඕනි. මේ ප්‍රශ්නවලට බලධාරීන් ඉක්‌මන් තීන්දු නොගතහොත් මේවගේ වටිනා ජීවිත කීයක්‌ තව අහිමි වේවිද දන්නෑ. ඇයි වගකිවයුත්තෝ මේ ගැන මේ තරම්ම නිහඬ" යෑයි ඒ මහතා පැවැසීය.

රුචිර සිසුවාගේ අවසන් කටයුතු ඉකුත් 3 වැනිදා සවස ඌරුවල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.



Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

More News »