පුංචි පුතුගේ ප්‍රකාශයෙන් මව තිස්වසරක් හිරේ

2016-07-21 11:29:00       610
feature-top
අජ් උසාවියේ සාක්කි කූඩුව ඉදිරිපස මේසය ළග වාඩිවී සිටියේ කිසිම චකිතයක් නැතිව. මුළු උසාවියම සෙනගින් පිරිලා ඉතිරිලා. හැමෝගෙම දෑස් යොමුවෙලා තිබුනේ ඒ වෙද්දී වයස අවුරුදු පහක් තරම් වූ මේ පුංචි කොලු පැටියා දෙසටයි. නීතිඥවරු අජ් ගෙන් අහන ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දෙන්නේ කිසිම පැකිළීමක් නැතිවයි.

ඒ 2007 අගෝස්තු මාසයයි. අජ් ඔහුගේ හත් හැවිදිරි සොයුරිය ඇඩ්‍රියානා සහ මව ඇමන්ඩා සමග පදිංචිවී සිටියේ ඇමෙරිකාවේ උතුරු ෆ්ලෝරිඩාවේ එස්මෝ ප්‍රදේශයේ. ඔවුන් පදිංචි පළාත ඇලබාමා ප්‍රාන්ත මායිමට බොහෝම කිට්ටුයි.

ඇඩ්‍රියානා ඇගේ පුංචි මල්ලිට වඩා ටිකක් වෙනස්. වයස අවුරුදු හතක් වෙලත් ඇය තවමත් ඇද තෙමා ගන්නවා. ඒත් අජ් එහෙම නැහැ. ඒ විතරක් නෙමෙයි. ඇඩ්‍රියානාට හරියට තරහ යනවා. කරන්නෙම දග වැඩ. ඒ නිසා ඇය නිතරම මව තරහ ගැස්සුවා.

මේ කියන දවසේ අජ් හිටියේ රූපවාහිනීය නරඹමින්. මිදුලේ ලොකු නාන බේසම වතුරින් පිරිලා. ඇඩ්‍රියානා එතන නැමිලා හිටියා. ඇමන්ඩාත් ඒ අසල ඉන්නවා අජ් ජනෙල් කවුළුවෙන් දැක්කා. මේ ප්ලාස්ටික් වතර බේසම අඩි 8ක් විතර පළලයි. සමහර දිනවල අජ් සහ ඇඩ්‍රියානා දෙදෙනාම මෙහි බැස නානවා. ඒත් එදා රූපවාහිනීය බලමින් සිටි නිසා අජ් එළියට ගියේ නැහැ.

ටික වෙලාවක් රූපවාහිනීය නරඹමින් සිටි අජ් ට එය බැලීමත් එපා වුණා. එයා ඔවුන්ගේ පවුලේ නිවහනින් එළියේ පිට්ටණියේ තිබූ නාන බේසම ළගට ගියේ අක්කාත් සමග එක්වී වතුරේ සෙල්ලම් කරන්න හිතාගෙනයි. ඒත් ඒ යද්දී දුටු දෙයින් පුංචි වුණත් අජ්ට කෑගැහුණා.

මමී. මමී.. එන්න..
අජ් කෑගැහුවා. ඇඩ්‍රියානා ඒ වෙනකොට නාන බේසමේ මුහුණ යටට සිටින සේ පාවෙමිනුයි හිටියේ. අජ් එයාගේ කුඩා දෑතින් අක්කා එළියට අදින්න උත්සහා කරනවා.

ඇමන්ඩා දුවගෙන විත් දියණිය උස්සා බේසමෙන් එළියට ගත්තා. ඒත් ඇඩ්‍රියානාගේ හැල හොල්මනක් නෑ. ඇග පණ නැතිව වගේ ඔහේ වැතිරිලා හිටියා. ඇය වහාම හදිසි වෛද්‍ය ඒකකයට කතා කළා. ඒ අතරම ඇය දියණියට කෘත්‍රිම ශ්වසනය දෙනනත් උත්සහ කළා.

ඇඩ්‍රි. ඇඩ්‍රි. නැගිටින්න අනේ අපට උදව් කරන්න.

ඇමන්ඩා දුරකථනය ඔස්සේ හිදිසි වෛද්‍ය ඒකකයට කතා කරන ගමන්ම අවට සිටින අයගෙන් උදව් ඉල්ලූවා.

මොහොතක් ගතවෙන්නත් පෙර හිදිසි ඇමතුම් ඒකක කිහිපයක්ම එතැනට ළගාවුණා. පළමුවෙන්ම පැමිණියේ හිදිසි ගිනි නිවීම් ඒකකයයි. එහි වෛද්‍යවරු ඇඩ්‍රියානාට කෘත්‍රිම ශ්වසනය දෙන අතරම ඇගේ නාඩි පරීක්ෂා කරද්දී යන්තම් නාඩි වැඩ කරන බව දැනුණා. වහාම හදිසි රෝගීන් ගෙනයන හෙළිකොප්ටරයෙන් ඇඩ්‍රියානා රෝහල්ගත කිරීමට වැඩිකාලයක් ගතවුණේ නැහැ.රෝහල් ගත කෙරුණු ඇඩ්‍රියානා සමග මව ඇමන්ඩා ද රෝහලට ගියේ දියණිය ළග සිටීමටයි.

වෛද්‍යවරුත් ඒ වන විටත් ජලය පෙවී අසාධ්‍ය තත්තවයේ සිටි ඇඩ්‍රියානාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තා.

මේ තඅර කාලයේ දී අජ් හිටියේ ඔහුගේ සීයා හා ආච්චි ළගයි. ඇමන්ඩාගේ මව වන බ්‍රෙන්ඩා සහ සුළු පියා වන චාල්ස් මේ මුනුබුරු මිනිබිරි දෙදෙනාට හරිම ආදරෙයි. ඔවුනුත් පදිංචිව සිටියේ ඇමන්ඩාගේ නිවෙස ආසන්නයේයි.

ඇඩ්‍රියානා රෝහල් සයනය මත ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙද්දී පුංචි අජ් ආච්චිත් සීයාත් සමග අමුතුම කතාවක් කියන්න ගත්තා. ඒ වෙනකොට ඇඩ්‍රියානා රෝහල් ගත කර පැයක්වත් ගතවෙලා නැති තරම්.

‍ග්‍රැන්ඩි මා, ඇඩ්‍රිව බාත් එකට එබුවේ මමා..

මොනවා අජ්, ඔයා මේ මොනවද කියන්නේ..?

පුංචි එකාගේ කතාවෙන් පුදුමයට පත් ඇමන්ඩාගේ මව බ්‍රෙන්ඩා විමසුවා.

ඔව්, මං ජනේලෙන් බලන් හිටියා

අජ් කියාගෙන ගියා.

අජ් , බොරු කියන්න එපා ඔයා දන්නවද ඔයා මොනවද ඔය කියන්නෙ කියලා.

ඇමන්ඩාගේ පියා අජ්ගෙන් විමසුවේ ඔහුට සැර කරමින්.

ඔව්, ඇඩ්‍රි නෝටි වැඩ කරනවා කියා මමීට තරහ ගියා.

ඇඩ්‍රි, මොනවද කරපු නෝටි වැඩේ අජ්?

බ්‍රෙන්ඩා ඇසුවා.

එදා ඇඩ්‍රි ජනෙල් හෝදන ස්ෆේ එක ටීවි එකට උඩින් සාලයට විද්දා, මමීට ඒකට තරහ ගියා.

පොඩි එකා තොරතෝංචියක් නැතිව කියාගෙන ගියා.

ඉතිං ඊට පස්සේ මොකද වුණේ?

අජ් පවසන දේ අදහාගත නොහැකිව බ්‍රෙන්ඩා විමසුවා.

මමී ඒකට දඩුවමක් විදියට ඇඩ්‍රි ටබ් එකේ වතුරේ ඔබාගෙන හිටියා.

මේක නම් අදහන්න බැරි දෙයක්. මේ පොඩි එකෙක් බොරු කියයිද..?

චාල්ස්ටයි, බ්‍රෙන්ඩාටයි අජ් කියන දේ අදහාගන්න බැහැ.

කොහොම වුණත් අපි මේක පොලිසියට කියමු..
ඒ වනතුරුත් පොලිසිය සිතා සිටියේ පුංචි ඇඩ්‍රියානා ටබ් එකේ සිහිනැතිව වැටී සිටියේ හදිසියේ ඇය ඊට ඇද වැටමෙන් විය හැකියැයි කියායි. ඒත් අජ් කින මේ කතාවෙන් පසු පොලිසිය ඇමන්ඩාගෙන් ප්‍රශ්න කළා.

නැහැ.. මං එහෙම කළේ නැහැ. ඇඩ්‍රියානා ඒ වෙලාවේ ටබ් එකේ හිටිය මැස්සො වයගක් අල්ලලා එළියට දමමින් හිටියේ. එයා එතකොට ලිස්සලා ගිහින් ටබ් එකට වැටෙන්න ඇති

ඇමන්ඩා පොලිසියේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දුන්නා.

ඇමන්ඩාගේ මවුපියන් අජ් පවසන දේ ගැන මුලින්ම පැවසූවේ තමන් පදිංචි පළාතේ පොලිස් ස්ථානයටයි. ඉන්පසු එහි නිලධාරීන් අජ්ගෙන් මේ ගැන ප්‍රශ්න කළා. ඒ වෙද්දිත් ඇඩ්‍රියානා ජීවතුන් අතර හිටියා. අජ් පවසන දේ ගැන සැක සිතූ නිලධාරින් දිනකට දෙවරක් ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කළා. අවසානයේ ළමා විශේෂඥයකු ද ඒ සදහා යෙදෙව්වා. ඒ සෑම අවස්ථාවකදීම අජ් පිළිතුරු දුන්නේ සමාන ලෙසින්.

මේ ප්‍රශ්න කිරීම සිදුවන අතරවාරයේ රෝහල්ගතව සිටි ඇඩ්‍රියානා මියගියා. ඇගේ මරණයට හේතුව වුනේ දියේ ගිලීම නිසා හුස්ම ගැනීම අවහිරවීම ලෙස සටහන් වුණා.ඉන්පසු පොලීසිය යළිත් අජ්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුවා.

අඩ්‍රි නෝටි වැඩ කරනවා දඩුවමක් විදිහට මමී එයා ටබ් එකේ වතුරේ ඔබාගෙන හිටියා

අජ් දිගින් දිගටම පැවසුවේ එයයි.

මමී කොහොමද ඒක කළේ

පොලීසිය ප්‍රශ්න කළා.

ඇඩ්‍රගේ මුහුණ වතුරට ඔබලා අතින් තද කරගෙන හිටියා මෙන්න මෙහෙම. යැයි අජ් සිය අත්ල මුහුණ මත තබමින් ඇමන්ඩා එය සිදුකළ ආකාරය පෙන්නුවා.

මමා මගේ අක්කා වතුරේ එබුවා අජ් එක දිගටම එයම පැවසුවා.

ඇඩ්‍රි මමා තරහ ගස්සන දෙවල් කරනවා. එතකොට මමාට තරහ යනවා

ඉන් නොතැවුණු අජ් මීට පෙර නිවසේ වූ සිදුවීම් ද විස්තර කරමින් මව ඇඩ්‍රියානාට දඩුවම් කරද්දී ඇය කෑගසන විට ඒ හැඩුම් පිටතට නොඇසෙන්න සේ සිය සොහොයුරියගේ මුව අතෙන් වසා තදකරන ආකාරය ද පොලිස් නිලධාරීන් හමුවේ විස්තර කළා.

ඇඩියානාගේ මරණයත් සමග පොලීසිය ඒ ගැන තවතවත් ප්‍රශ්න කිරීම් කළා. නිලධාරින් දිගින් දිගටම ඇමන්ඩාගෙන් මේ ගැන විමසීම් කරන අතරවාරයේ ඔවුන්ගේ නිවෙසද පරීක්ෂා කිරීමට අමතක කළේ නෑ.

එම නිවෙසේ දරුවන්ගේ නිදන කාමරය ඉතා අපිළිවෙලට තිබූ අතර ඉන් මුත්‍රා ගද හමා ආවා. දරුවන් සදහා කෙළි බඩු ද එහි වූයේ නැහැ. මේ දරුවන් දෙදනො කෙරෙහි මව එතරම් සැලකිලිමත්ව කටයුතු කර නොතිබූ බව ඉන් පෙනී ගියා.

ඇඩ්‍රියානාගේ මරණයෙන් දෙදිනකට පසුත් පොලීසියට අජ් පවසන දේ හරියාකාරව තේරුම්ගත නොහැකිව යළිත් අජ්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

අජ් ඔයා එදා බලපු ටීවී වැඩසටහන මොකකද්?

ආමි එකේ හෙළිකොප්ටර් පුහුණුවීම් කරන හැටි පෙන්වන වැඩ සටහනක්.

එම ප්‍රකාශයටද සත්‍ය බව නිලධාරීන් සොයා ගත්තා.

ඒ දවස්වල ඔයාගේ ගේ අවට මොනවද වුණේ

වැඩ කරන අය ඇවිත් ලයිට් වයර්වලට දික්වෙලා තිබුණු ගස්වල අතු කැපුවා

මේ තොරතුරු අනුව පරීක්ෂකයන්ට අජ් දින පටලවා නොගෙන සත්‍ය තොරතුරු පවසන බව හැගී ගියා.

මමි අඩ්‍රිගේ මුහුණ ටබ් එකේ වතුරේ ඔබාගෙන හිටියා.

අජ් කියූ ඒ ප්‍රකාශය මත ඇඩ්‍රියානාගේ මරණයෙන් මසකට පසු පොලීසිය මවට විරුද්ධව උසාවියේ නඩු දැම්මා.

මූලික නඩු විභාගයේදී තවත් අපූරු යමක් සාක්කියක් ලෙස උසාවියට ඉදිරිපත් කර තිබුණා. ඒ අජ් විසින් අදින ලද කළු සුදු චිත්‍රයක්. එහි මිදුලේ නාන බේසනමක් ඒ අසල ඇමන්ඩා සිටගෙන ඇඩ්‍රියානාගේ මුහුණ වතුරට ඔබාගෙන සිටින ආකාරයත් අජ් සිතුවම් කර තිබුණා.

මේ චිත්‍රයෙන් මොකක්ද ඔයා ඇන්දේ? නීතිඥයන් උසාවියේදී චිත්‍රය පෙන්වමින් අජ් ගෙන් ප්‍රශ්න කළා.

මමී අඩ්‍රීව මරන හැටි. අජ් පිළිතුරු දුන්නා.

අජ්ගේ කතාව සනාථ කරමින් මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියැවී තිබුණේ ඇඩ්‍රියානාගේ මුහුණේ එබී ගිය ඇගිලි සලකුණු තිබූ බවයි.

රෝහලේදී ඇඩ්‍රියානා බේරා ගැනීමට උත්සාහ දැරූ ලින්ඩා ෆොක්ස් වෛද්‍යවරියද මෙහිදී සාක්කි දුන්නා.

මේ මවට රෝහලේදී දියණිය ජීවිතයත් මරණයත් අතර සටහනක සිටින බවට වගක්වත් තිබුණේ නැහැ. ඇය මුදල් දමා බිම ගතහැකි යන්ත්‍රය ඇත්තේ කොහේදැයි විමසමින් ඇවිද්දා

එපමණක් නොවෙයි. ඇමන්ඩා සේවය කළ සාත්තු නිවාසයේ ඇය සමග එකට සේවය කරන සේවිකාවක්ද ඇමන්ඩා ගැන පොලීසියට කර උත්තරයක් දී තිබුණා.

අඩ්‍රි මගේ කාර් එකේ වීදුරුවේ කැත වචනයක් ලියලා. ඒක මැකුවට යන්නෙත් නැහැ. මට මේ කෙල්ල මරන්න හිතෙනවා.. ඇමන්ඩා ඇය හා පවසා තිබුණා. දින හතරක මූලික සාක්ෂි විභාගයකින් පසු ඇමන්ඩාට සිය දියණිය දියේ ඔබා ඝාතනය කිරීමේ චෝදනවා මත ‍ජූරියේ තීන්දුව මත 30 වසකර සමාව ඉල්ලීමට අවසර නොමැතිව සිර දඩුවම් නියම වුණා.



More News »