සිරකරු සංහාරයේ ඇත්ත නැත්ත මෙන්න

2016-06-16 11:47:00       580
feature-top
වැලිකඩ සිරකරුවන් සංහාරය කිරීමේ සිදුවීම ලොව පුරා පිළිගෙන ඇති සිරකරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව 2012 නොවැම්බර් 9දා වැලිකඩ සිරමැදිරියේ සිදුවූ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ කමිටුව සිය වාර්තාවේ සඳහන් කරයි.
එම විමර්ශන කමිටුව හමුවේ හෙළිවූ කරුණු මත පදනම්ව සිය වාර්තාව ඉදිරිපත් කරන කමිටුව සත්‍ය මතුකර ගැනීම සඳහා අපරාධ චෝදනාවන්ට අදාළව අලුත් ස්වාධීන අපරාධ පරීක්‍ෂණයක් ආරම්භ කිරීමටද, ප්‍රමාණවත් සාක්‍ෂි මඟින් තහවුරු වන අපරාධකරුවන්ට එරෙහිව අපරාධ නීති විධිවිධාන ක්‍රියාත්මක කරන ලෙසද නිර්දේශ කරයි.
මෙම කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ගාමිණී නම්බුවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහි අනෙකුත් සාමාජිකයන් වූයේ හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අතිරේක ලේකම්වරයකු ලෙස විශ්‍රාම ලැබූ එස්.කේ. ලියනගේ යන මහත්වරුන්ය.


නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ජානක බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී තම්බුවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සම්පූර්ණ කෙරුණු නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව ඉකුත් වසරේ (2015) ජුනි මාසයේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා වෙත භාරදී ඇතත් මෙතෙක් එම නිර්දේශයන් ක්‍රියාත්මක කොට නැත.


මේ අතරතුර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් එකී වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
කමිටුව සිරකරුවන්ගේ, බන්ධනාගාර නිලධාරීන්ගේ, හමුදාවේ හා විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ගේ සාක්‍ෂි සටහන් කරගෙන තිබේ. එසේම ඉහළ නිලතල හොබවන පුද්ගලයන් කිහිපදෙනකුගේද සාක්‍ෂි ලබාගෙන තිබේ. ඔවුන් අතර රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, එවකට හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී කපිල හෙන්දවිතාරණ, ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ චන්ද්‍රා වාකිෂ්ට හා බස්නාහිර පළාතේ හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි අනුර සේනානායක යන අයද වේ.
එකී වාර්තාවෙන් හෙළි කරන තවත් කම්පනයට පත්කෙරෙන කාරණයක් වන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (ඛ්ධ්ච්) මඟින් උත්සාහයන් ගනු ලැබුවද ඔවුනට ඉඊජ් භට කණ්ඩායම් හා හමුදා කණ්ඩායම් වෙත නිකුත් කරන ලද ආයුධ අත්පත් කරගෙන ඒවා භාවිත කිරීම පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීම ඛ්ධ්ච්ය අපොහොසත් වී තිබීමය.


"කනගාටුදායක ලෙස තුවාල ලැබූවන්ගේ නෛතික වෛද්‍ය වාර්තාවන් ප්‍රදේශයට අදාළ පොලිසිය හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ නොමැත. විමර්ශන කමිටුව මෙම කරුණු හා කමිටුව ඉදිරියේ හෙළි වූ සාක්‍ෂි රැස මත පදනම්ව අලුතින් විමර්ශනයක් ඇරැඹීමේ වැදගත්කම හා වටිනාකම අවධාරණය කරයි" යනුවෙන් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.
තවදුරටත් කමිටුව අවධාරණය කරන්නේ එවැනි ස්වාධීන පරීක්‍ෂණයක් මඟින් අපරාධකරුවන් අධිකරණය වෙත පැමිණවීම සඳහා කරුණු තහවුරු කිරීමට සාක්‍ෂිකරුවන්ට නිදහස ලැබෙන බවයි.


වැලිකඩ සිදුවීම සම්බන්ධයෙන් කරනු ලබන නව විමර්ශනයකදී නීතියට අනුකූල නොවන ආකාරයට කටයුතු කරමින් සිරකරුවන්ට තුවාල සිදුකළ රජයේ නිලධාරීන් හඳුනාගෙන ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 162 වැනි වගන්තිය යටතේ වරදකරුවන් කළ යුතු බවට විමර්ශන කමිටුව දැඩිව නිර්දේශ කර සිටී.
රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරද්දී චේතනාන්විතව නීතියේ යම් ප්‍රතිපාදනයකට අවනත නොවී හෝ එවැනි අවනත නොවීමක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ ආණ්ඩුවට යම් හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් කිසිවකු වරදකරු වූ විට අවුරුද්දක් දක්වා වන කාල සීමාවක සිරදඬුවම් ලැබීමට හෝ දඩයකට යටත් වීමට හෝ එම දඬුවම් දෙකටම යටත් වීමට සිදුවන බව දණ්ඩ නීති සංග්‍රහයේ 162 වගන්තියෙ දක්වා තිබේ.
පහත දැක්වෙන නිලධාරීන් විසින් දුන් සාක්‍ෂි අනුව කමිටුව ඉදිරියේ ප්‍රබල සාක්‍ෂි අනාවරණය වී ඇති හෙයින් ඉහත නිර්දේශයන් ඉතා වැදගත් ලෙස කමිටුව සලකයි.
(අ). 2012 නොවැම්බර් 9දා වැලිකඩ බන්ධනාගාරය පරීක්‍ෂා කිරීම සඳහා විශේෂ කාර්ය
බළකාය (ඉඊජ්) විහිදුවා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය මතය.

(ආ). විශේෂ කාර්ය බළකාය (ඉඊජ්) සමඟ සහසම්බන්ධතාව හා කල්තබා සූදානම් වීමෙන් මෙන්ම සැලැසුම් ඇති කර ගැනීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා එවකට හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා හා බන්ධනාගාර බුද්ධි ඒකක ජේලර් ඉන්දික සම්පත් ක්‍රියාකොට ඇති අතර ඔවුන් මෙහෙයවීම සම්පූර්ණයෙන්ම කර ඇත්තේ එවකට සිටි රාජ්‍ය ආරක්‍ෂාව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ඊධ්ච්) භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ චන්ද්‍රා වාකිෂ්ට විසිනි. එසේ කිරීම සඳහා අදාළ බල ප්‍රදේශයේ අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගැනීමට හා එවැනි සෝදිසි වරෙන්තුවක් මත සෝදිසි මෙහෙයුම කිරීමට ඔහු අසමත් වී තිබේ.

(ඇ). වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළු වී 2012 නොවැම්බර් 9දා එහි සෝදිසි කිරීම සඳහා සන්නද්ධ ඉඊජ් භටයන්ට බලය සහ අනුමැතිය ලබාදී ඇත්තේ එවකට බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ පී.ඩබ්ලිව්. කොඩිප්පිලි විසිනි.

(අෑ). බන්ධනාගාර කාර්ය මණ්ඩලය මඟින් කෙරුණු විරෝධතා නොතකා එදින වැලිකඩ බන්ධනාගාරය තුළට පිවිසි සන්නද්ධ විශේෂ කාර්ය බළකායට බන්ධනාගාර බුද්ධි ඒකකයේ ජේලර් ඉන්දික සම්පත් විසින් පහසුකම් සලසා තිබේ.

(ඉ). එදින දහවල් 2ට පමණ සිදුවූ ඉඊජ් සෝදිසියට පෙර වැලිකඩට ආසන්නයේ හමුදා කඳවුරක සිට හමුදා භටයන් කල්තියා කැඳවීමට සූදානම් කර තිබීම සලකන කල මෙම කටයුත්ත කල්තබා මනාව සැලැසුම් කළ දෙයක් බව පෙනී යයි.
2012.11.09 දා මධ්‍යම රාත්‍රියේදී එවකට හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාගේ හෝ බස්නාහිර පළාතේ හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ නිල කැඳවීමක් නොමැතිව වැලිකඩ බන්ධනාගාරය තුළට හමුදාව කැඳවීම සිදුවූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බි්‍රගේඩියර් ශාන්ත දිසානායක විසිනි.
(ඊ). බලාධිකාරයක් නොමැතිව ටී-56 ස්වයංක්‍රිය රයිෆල් ජේලර් නානායක්කාරගේ භාරයෙන් 2012.11.10 දින මහ රෑ ලබාගැනීම (මියගිය සිරකරුවන් සමහරකුගේ මෘත ශරීර අසලින් පසුව හමුවූ අවි) එවකට හිටි බන්ධනාගාර කොමසාරිස් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි සමඟ එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරිව සිටි එමිල් රන්ජන් සමඟ එක්ව කළ බව කමිටුව නිරීක්‍ෂණය කර තිබේ.


ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සිරකරුවන්ට සලකන අවම ප්‍රමිතිය පිළිබඳ නීති ඇතුළත් උව් ඉබපචදඤචපඤ ර්ඪදඪථභථ අභතඥඵ ධද බඩඥ ඊපඥචබථඥදබ ධට ර්ථීපඪඵධදඥපඵ ප්‍රඥප්තිය අස්සන් තබා ඇති අතර එහි ඇතුළත් සම්මුතීන්වලින් බැඳී සිටී. අවම රීතිවල "දැඩි ලෙස විධාන හා විනය ක්‍රියාත්මක කළ යුතු අතර කිසිදු බාධාවකින් තොරව මනා ලෙස සංවිධානාත්මක සමාජ ජීවිතයක් සඳහා ආරක්‍ෂිත රැකවල් ලබාදිය යුතු වේ" යැයි සඳහන්ය.
යුරෝපීය බන්ධනාගාර රීතීන්ගේ රීති අංක 64.1 ඇතුළත් කර ඇත්තේ ඉහත කී එක්සත් ජාතීන්ගේ අවම රීතීන්ගේ පුළුල් විකාශනයක් වන අතර එහි සඳහන් වන්නේ "ආත්ම ආරක්‍ෂාව හෝ බේරී පලායෑමට තැත් දරන අවස්ථාවක හෝ නීත්‍යනුකූල විධානයකට ශාරීරිකව අවනත නොවන අවස්ථාවක හැම විටම අවසානාත්මක වශයෙන් මිස සිරකරුවන් මත බලය යෙදීමට බන්ධනාගාර කාර්ය මණ්ඩලයට නොහැකිය" යනුවෙනි.


තවදුරටත් එමඟින් කියා සිටින්නේ "එසේ යොදන බලයේ ප්‍රමාණය අවශ්‍ය අවම ප්‍රමාණය විය යුතු අතර එය යොදාගත යුත්තේද අවශ්‍ය වන අවම කාල පරාසයකට පමණකි" යනුවෙනි.
මෙම රීති මඟින් එම බලයේ ආකාරයන් හා එසේ බලය භාවිත කළ හැකි අවස්ථාවන් ගැනද දක්වා තිබේ. කාර්ය මණ්ඩල සාමාජිකයන්ට විවිධාකාරයේ බලයන් යොදාගත හැකි අතර එවැනි බලයක් භාවිත කිරීමට පළමුව අවශ්‍යතාව හා අවශ්‍ය වන බලයේ ප්‍රමාණය වාර්තා විය යුතුව තිබේ.



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »