උකුස්සා මරා ගමෙන් පැන්න සෙට් එක අල්ලන්න අලුත්ම මෙහෙයුමකට අවසර ලැබෙයි

2016-03-25 11:25:00       526
feature-top
ගාල්ල අකුරැස්‌ස ප්‍රධාන මාර්ගයේ බම්බගල පාලම අසලදී ඉකුත් 08දා පණපිටින් උකුස්‌සෙකු (මුහුදු රාජාලියකු) හම ගසා මරණ අයුරු වෙබ් අඩවිවල සහ පුවත්පත්වල පළවීමෙන් පසු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා  මේ වනවිට 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙහිදී පොලිසිය අධිකරණයට කියා සිටියේ අනෙක්‌ සැකකරුවන් පස්‌ දෙනා මේ වනවිට නිවාස පවා වසා දමා ප්‍රදේශයෙන් පිටට ගොස්‌ තිබෙන නිසා ඔවුන්ගේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක්‌ ලබා ගැනීමට අදාළ දුරකථන සමාගම්වලට නියෝගයක්‌ නිකුත් කරන ලෙසයි.

ඒ අනුව සැකකරුවන්ගේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක්‌ ලබා ගැනීමට ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »