සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

2016-02-19 11:50:00       661
feature-top
ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණයට හේතුව කැපීම් තුවාල වලින් ශිරා හා ධමනිවලට බරපතල හානි සිදුවී අධික ලෙස රුධිරය ගලා යාමෙන් ඇතිවූ කම්පනය බව රත්නපුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලක පවසා තිබේ.

ඒ බව සනාථ කරමින් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු අද  මේ බව අධිකරණයට දැන්වීය.

මේ අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අනතුරුව මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.

පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටි නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති මල්වර මගුලකදී ඇතිවූ ගැටුමකට පොලිසිය මැදිහත්වීමේදී එහි ඉහළ මහළින් වැටී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මිය ගියේය.

සුමිත්ගේ ඉහළ මහළින් බිමට තල්ලු කළේ ඇඹිලිපිටිය ඒ.එස්.පී ලෙස කටයුතු කළ ධර්මරත්න බව සුමිත්ගේ බිරිඳ උසාවියේ සාක්කි දෙමින් පැවසුවාය.

සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවේද දැක්වෙන්නේ පොලිස් ජංගම සංචාර කණ්ඩායම මෙම ස්ථානයට එක්වරක් පැමිණ කිසියම් හේතුවක් මත ජංගම සංචාර නිලධාරීන් ගොඩනැගිල්ලේ සිටි පිරිස සමග ගැටුමක් ගොඩනැගිල්ලෙන් පිටත සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.සී.ධර්මරත්න අත්අඩංගුවට ගනු ගෙන තිබේ.

Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »