ගුවන් සෙබළා ජීවිතක්ෂයට පත් සිද්ධියේ බීමත් රියදුරු ඇප මත නිදහස්

2016-01-20 09:31:00       659
feature-top
බීමත් රියදුරෙකු පැදවූ බව පැවසෙන මෝටර් රථයක ගැටීමෙන්  ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ  රියදුරු ඇප මත මුදා හැර තිබෙනවා.

මීගමුව -කුරන විජය මාවත ප්‍රදේශයේදී  අනතුර සිදුවන්නේ පසුගිය 16 වෙනිදා රාත්‍රී 8.30 ට පමණය. අනතුර සිදුවන ආකාරය CCTV කැමරා පද්ධතියක සටහන් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූයේ කටුනායක ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවයකළ නායක ගුවන්  භට W.A. දිනෙල්ක වීරසිංහ.

සෙබළා  නිවාඩුවකින්  පසු තවත් අයෙකු සමග යළි කදවුර වෙත පැමිණෙමින් සිටියදී  අනතුරට මුහුණ දුන්නා. බරපතල තුවාල ලබා සිටි එම දෙදෙනා මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තා.

සෙබළ දිනෙල්ක වීරසිංහ කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණු අතර,ඔහු ජීවිතක්ෂයට පත්වුණා. දිනෙල්ක වීරසිංහ එක් දරු පියෙක්. රිදීගම මොරතිහ ලබුහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටියා.  

අනතුර ට සම්බන්ධ මෝටර් රථය  මීගමුව  පොලිස්භාරයට ගත්තා.  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රියදුරු ඊයේ  ඇප මත මුදා හැර තිබෙනවා.




Hirunews.lk


More News »