"මම හිටියෙ ජීවිතේ අවුල් වෙලා - එයා හිටියෙ හිත අවුල් වෙලා"

2015-08-28 02:05:00       662
feature-top
සමහරු සමහර දුෂ්කර අවස්ථාවල දී හරියටම කරන්න  ඕනෑ දේ දැනගෙන හිටියා වුණත් හරි දේ හරියට අමාරු බව දැනුණම වැරදි දේ වැරදි වැරදියෙන්ම කරන්න උත්සහ කරනවා. අවසානයේ සිදු කළ වැරදීම් ගොන්න නිසා ඔහු අපරාධකාරයෙක් වුණත් එදාටත් ඔහු හිතන්නේ වැරදි පාරකින් ලෙහෙසියෙන් ගැලවිලා යන්න. මෙන්න මේ ලෙහෙසිය පහසුවක් කරගැනීම නිසාම බොහොම දෙනා අපහසුවට ලක්වෙලා. අද කතාවේ තරුණයත් පහසුකම් ලැබෙන්න ලැබෙන්න ජීවිතේ වරද්ද ගත්තු මිනිහෙක්.

මොකද ඔහුට කිසිම දේක අමාරුව දැනුණේ නෑ. ඉල්ලන දේ ඉල්ලන පරක්කුවට ලැබුණ නිසාම ඔහු අද අමාරුවේ වැටිලා.

ඔහුට අපි අසංක යයි කියමු. අපි අහමු අසංකගේ කතාව.

මම උපන්නේ දික්වැල්ලෙ. අක්කර හයක පොල් ඉඩමක් තියෙන ලස්සන ගෙදරක තමයි මගේ ගෙදර වුණේ. පවුලේ එකම දරුවා වෙච්ච මම වාසනාවන්තයි කියලා හැමෝම කිව්වා. ඒක ඇත්ත. ඒත් ඒ වාසනාව අවාසනාවක් කරගත්ත මිනිහෙක් හැටියට මට අද මං ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්.

මගේ අම්මා කියන විදිහට මගේ තාත්තව මරලා දාලා තියෙන්නේ ජේ.වී.පී. කලබල කාලේ. ඒ නිසා මම මගේ තාත්තව දැකලා තියෙන්නේ ෆොටෝවලින් විතරයි.

අක්කර හයක පොල් ඉඩමක් මැද්දෙ තිබුණ අපේ ගෙදර ජීවත් වෙලා තිබුණේ අම්මයි තාත්තයි මමයි විතරයි. දවසක් අම්මා මාව අරං මහගෙදර ගිය දවසක තමයි තාත්තව ගෙදර පුච්චලා මරලා දාල තිබිලා තියෙන්නේ.

එක මෙට්ට‍්‍රස් එකක් බිමට දාලා ඊට මැද්දෙන් දාපු තාත්තගේ මිනියට උඩින් තව මෙට්ට‍්‍රස් එකක් දාලා තාත්තව පුච්චල දාලා තිබුණලූ. මගේ අම්මා තාත්තාගේ මිනිය හඳුනාගෙන තියෙන්නේ මෙට්ට‍්‍රස් දෙක අතරින් එළියට ඇවිත් තිබුණ බාගෙට පිච්චුණ අතෙන්ලූ. කොහොම වුණත් තාත්තා ගැන මට තියෙන්නේ ඒ වගේ මතකයක්. අම්මා කියන විදිහට තාත්තා මැරෙනකොට මම අවුරුදු එකහමාරක විතර දරුවෙක් කියලයි අම්මා කිව්වේ.

තාත්තාව ජේ.වී.පී. කලබල කාලේ ඒ විදිහට මරලා දැම්මට පස්සෙ මට ඉතිරි වුණේ අම්මා විතරයි. මගේ අම්මා රජයේ හොඳ රැුකියාවක් කරපු කෙනෙක්. දික්වැල්ල කියන ප‍්‍රදේශයෙන් වැලිගමට මාව අරගෙන ඇවිත් අම්මාගේ ගමේ අම්මා පදිංචි වෙලා තියෙන්නේ තාත්තාගේ මරණින් පස්සෙ.

එදා ඉඳලා අද වෙනතුරු තාත්තාගේ අඩුව නොදැනෙන්න අම්මා මාව බලා ගත්තා. මම ඉගෙන ගත්තේ දකුණු පළාතේ සුපිරි පාසලක. කොහොම වුණත් ඉස්කෝලේ යන කාලේ කොල්ලොත් එක්ක එකතු වෙලා පන්ති කට් කරලා ඇවිදින්න යන්න මට තිබුණේ මාර ආසාවක්.

මට හිටිය හොඳ මාමා කෙනෙක් ඒ කිව්වේ අම්මාගේ අයියා.... මගේ අම්මා මහගෙදර පදිංචියට ගියාට පස්සේ මාමගේ එකම සම්පත වෙලා තියෙන්නේ මම. ඇත්තටම කියනවා නම් මාමා කසාද බැන්දෙ නැත්තෙ මාවයි අම්මාවයි රැුකබලා ගන්න  ඕන නිසා කියලා මාමා කියනවා මට ඇහිලා තියෙනවා. කොහොම වුණත් මාමා මට බොහොම ආදරේ කළා.

පුංචි කාලේ ඉඳලා මාමා මං කරන කියන වැරදි වුණත් අහක දැම්මේ කිසිම තරවටුවක් නොකර. ඉතින් ඉස්කෝලේ කට් කරලා මම ගිය ගමන් බිමන්වලදිත් මාමා මාව බේරාගත්තා.

ඒත් එක දවසක් කොල්ලොත් එක්ක පංති කට් කරලා වැව්රුකන්නල පන්සල් ගිය මම පංසලේ පිස්සු නටලා අන්තිටම පන්සලේ හාමුදුරුවෝ ඉස්කෝලෙට කෝල් කරලා විදුහල්පතිගෙන් දඬුවම් විඳින්න මට සිද්ධ වුණා. ඇත්තමට පාසල් ශිෂ්‍යයෙක් විදිහට ගුරුවරයාගේ වචනයට අවනත වෙනවා වෙනුවට මට තිබුණේ මුරණ්ඩු කමක්. පංති කට් කරපු කොල්ලෝ සෙට් එක විදුහල්පතිට ඔලූව නවද්දි මම කටගහගෙන ගියා.

මට  ඕන වුණේ කරපු වැරැුද්දට දඬුවම් විඳලා ප‍්‍රශ්නේ එතැනින් ඉවර කරන්න නොවේ. විදුහල්පති එක්ක වලිය දාගෙන කොල්ලෝ ඉස්සරහා වීරයෙක් වෙන්න. අන්තිමේදී අනික් කොල්ලෝ ඒ පාසලේ ඉගෙන ගනිද්දී මාව ඉස්කෝලෙන්  අයින් කළේ මම විදුහල්පතිට කටගහගෙන ගිය නිසා.

ඇත්තටම එදා මගේ මුරණ්ඩුකම ඉස්සරහ මගේ අම්මත් ගොඩක් අසරණ වුණා. කොහොම වුණත් ඒ ලෙවල් විභාගයට මූණදෙන්න සූදානමෙන් හිටපු මාව ඉස්කෝලෙන් අයින් කිරීමත් එක්ක මට වඩා මානසිකව වැටුණේ අම්මා.

ඒත් මගේ අම්මා එයාගේ ජොබ් එකේ සම්බන්ධකම් වගේම සල්ලි වියදම් කරලා මාව ප‍්‍රයිවෙට් ස්කූල් එහෙකට දැම්මා.

අන්තිමට මම ඒ ලෙවල් කලේ ඉන්ටර්නැෂනල් ස්කූල් එහෙක.

ඒ ලෙවල්වලින් මට හොඳ සාමාර්ථයක් තිබුණා. නමුත් මට ඉගෙන ගන්න  ඕන වුණේ නෑ. මගේ මාමා කළේ මාළු රස්සාව. එයා මුහුදු රස්සාවට ගිහින් හම්බ කරපු හැම සතේම වියදම් කළේ මං වෙනුවෙන්.

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම මාමාගෙන් ත‍්‍රීවිල් එක්ක ඉල්ලූවා. ඒ ත‍්‍රීවිල් එකේ කනපැලෙන්න සද්දෙ තියෙන සෙට් එහෙකුත් හයිකරගත්තා.

රැුයක් දවාලක් නැතුව ත‍්‍රීවිල් එකේ කොල්ලො පටවගෙන එහෙ මෙහෙ යන්න පළාතටම ඇහෙන්න ත‍්‍රීවිල් එකේ සෙට් එක දාගෙන විනෝද වෙන්න මට තිබුණේ ආසාවක්. ඒ කාලේ මම ගංජා, සිගරට් කියන දේ පාවිච්චි කළා. ඇත්තටම කියනව නම් කුඩු ගහන්න නම් මගේ කිසිම ආසාවක්වත් බලාපොරොත්තුවක් වත් තිබුණේ නෑ.

සිගරට්, ගංජා, මොනතරම් ගැහුවා වුණත් මම ඒ කිසිම දෙයක් අම්මාට දැනෙන්න දුන්නේ නෑ. ඇත්තම කියනව නම් මම සිගරට් ගංජා බීපු හැම දවසේම ගෙදර ගියෙ දත් මැදගෙන.

කොල්ලෙක් විදිහට ෆන් ගන්න පුළුවන් හැම සතුටම මම වින්දා. ත‍්‍රීවිල් එක මට එපා කියලා මම අම්මාගෙන් වෑන් එකක් ඉල්ලූවා. කිසිම ප‍්‍රශ්නයක් නැතිව වෑන් එක මට අරං දෙන්න මාමයි අම්මයි කටයුතු කළා. ඉන්පස්සේ මගේ ආසාව වුණේ වෑන් එකෙන් ගමන් ගිහින් කැපිලා පේන කොල්ලෙක් වෙන එක.
ඔය කාලෙදි මට කෙල්ලෙක් සෙට් වුණා. එයාගේ නම ශාමලී. මම ලව් කරන්න සෙට් වුණ කාලේ ශාමලී ඉගෙන ගන්න කෙල්ලෙක්. පුළුවන් හැම වෙලාවෙම මම ශාමලීව බලන්න ගියා. සමහර දාට එයාව ඉස්කෝලේ එක්කගෙන ගියෙ මම. ශාමලීට ලව් කර කර එයාව ඉස්කෝලේට ඇරලලා එන ගමනෙදි මම අනන්තවත් කෙල්ලන්ට ට‍්‍රයි කරලා තියෙනවා. එහෙම ට‍්‍රයි කරපු මගේ හිත ගිය කෙල්ලෙක් හිටියා.

ශාමලීව ඉස්කෝලට දාලා එනකොට මම වෑන් එකේ හෙඞ් ලයිට් මේ කෙල්ලගේ මූණට ගැහුවා. ඒත් ඒකි මාව ගණන් ගත්තේවත් නෑ. හෝන් ගහනවා ස්ලෝ කරනවා. ඉඳහිටලා පොඩි විහිළුවක් කරනවා. ඒ මොනදේ කළත් ඒකි මාව ගණන් ගත්තේ නෑ,

ඒ ගණන් ගන්නේ නැති නිසාම මට  ඕන වුණු මට අහංකාරකම් පෙන්වන කෙල්ලව එක දවසක් හරි යාළු කරගන්න.

දවසින් දවස මම හිතාපු හැඟීම මගේ එකම බලාපොරොත්තුව බවට පත්වුණේ මටත් නොදැනිම. ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න මම නොකළ දෙයක් නෑ. කොටින්ම කියතොත් ශාමලීවත් මම අත ඇරියා. කොහොම හරි අවුරුදු දෙකක් ට‍්‍රයි කරලා අර මට ගණන් දාපු කෙල්ලව සෙට් කරගන්න මට පුළුවන් වුණා. එයාගේ නම චතුරිකා. ඇත්තටම මගේ හිත ගියාට වඩා චතුරිකාගේ ගණන් බස්සන්න මට  ඕනෑ වුණා.

අන්තිමේදී චතුරිකා මං ගාවදි හීලෑ වුණා. බලූ පැටියෙක් ගානට වැටුණා.

මම ඒක දැක්කේ මහා ලොකු දෙයක් විදිහට. කොහොම කොහොම හරි මම එයාට ආදරේ කළා. කොයි තරම් ආදරේ කළා ද කිව්වොත් එයාගේ වචනේ අහලා එයාගේ ගෙදරට ගිහින් එයාගේ අම්මා තාත්තා මුණගැහෙන තත්ත්වෙටම මම එයාට ආදරේ කළා.

දවසක් මම එයාගේ ඉල්ලීම පිට එයාගේ ගෙදර ගියා. ඒත් එයාගේ ගෙදර තියෙන්නේ අමුතුම පරිසරයක් කියලා තේරුම් ගන්න මට වැඩි වෙලා ගියේ නෑ.
චතුරිකාගේ තාත්තා නෑ. හිටියේ අම්මා විතරයි. තාත්තා වෙනුවට හිටියෙ එයාගේ අම්මාව කසාද නොබැඳ තියාගෙන ඉන්න මිනිහෙක් විතරයි. ඒ තියාගෙන හිටපු මිනිහත් කසාද බැඳපු කෙනෙක්.

මොනතරම් අගාධයක් කියලා සමහර දේවල් අපි දැක්කත් අපි ඒ අගාධෙට පනින්නේ කැමැත්තෙන්මයි මිස්.

චතුරිකා කියන ප‍්‍රශ්නේ එයාගේ පවුල් පසුබිම මට හරියන්නේ නැති බව දැන දැනත් මම ඒ අගාධෙට පැන්නේ කැමැත්තෙන්. ආසාවෙන් කොයි තරම් ආසාවෙන් ඒ ජීවිතේට මම අහුවුණා ද කිව්වොත් මම එයාව කසාද බැන්දෙ මගේ අම්මාටවත් නොකියා.

එයාව කසාද බඳින බව දැනගත්තම අම්මා මට අවවාද දුන්නා. දුවත් අම්මා වගේ අයාලේ යාවි කියලා පෙන්නලා දුන්නා. අම්මා එයාගේ තියාගෙන ඉන්න මිනිහට කතා කරන කුණහුරුප මටත් කියාවි කියලා මගේ අම්මා මතක් කළා. ඒත් ඒ කිසිම දෙයක් මට තේරුම් ගන්න  ඕන වුණේ නෑ.

අන්තිමේදී මම චතුරිකාව හිතුවක්කාරෙට කසාද බැඳලා එයාගෙම ගෙදර නැවතුනා. ඒ ගෙදර ජීවිතේ මට අප‍්‍රසන්න වුණේ එහෙ ගිය දවසෙම වුණාට මම චතුරිකාගේ තිබුණ හොඳ ගතිගුණ නිසා ඒ හැමදේම ඉවසුවා.

මම මොන තීරණේ ගත්තත් මගේ මාමා කැමති වුණේ නෑ මම ගෙදරින් පිටවෙලා ඉන්නවට. ඒ නිසා මාව ආයෙත් මගේ අම්මා ළඟට ගේන්න මාමා මැදිහත්කරුවෙක් වුණා.

කසාද බැඳලා මාසයක් විතර යනකොට මම චතුරිකාත් එක්ක මගේ මහගෙදර ගියා. මුලින්ම ගෙදර ගිය වෙලාවේ අම්මා මං එක්ක රණ්ඩු කළා. චතුරිකාවවත් පිළිගත්තේ නෑ. එදා අම්මට දැනුණ හැඟීම සාධාරණයි.

මොකද මගේ තාත්තා මරුනේ අම්මාගේ තරුණ කාලෙදී වුණත් අම්මා වෙන කසාදයක් ගැන හිතුවේ නෑ. හම්බකරන හැම සතේම වියදම් කර කර මං ගැන හොයලා බැලූවා. මාව රැුක බලා ගත්තා. මට ඉගැන්නුවා. කොටින්ම කියතොත් කසාද බැන්දා වුණත් මට වියදම් කරන්න තිබුණේ මම හරිහම්බ කළ සල්ලි නොවේ. මගේ අම්මාගේ සල්ලි. මහ ගෙදරට ආවට පස්සෙ මගේ ජීවිතේ හැල හැප්පීම්වලට ලක්වෙමින් ඉස්සරහට ගියා. මොකද චතුරිකාට අම්මා කැමති වුණේම නෑ. ඉතින් නැන්දම්මයි ලේලි අතරේ නිතරම හිත් අමනාපකම් ඇති වුණා.

එහෙම ඉන්න අතරේ චතුරිකාට දරුවෙක් ලැබෙන්න ආවා. මගේ බලාපොරොත්තු මගේ කාලය මගේ ආසාව හැමදේම ගොඩ නැගුණේ මගේ දරුවා
දැකගන්න. ඇත්තටම දරුවෙකුගේ මූණ දකින්න තාත්තා කෙනෙකුගේ හිතේ තියෙන ආසාව මොනවගේ ද කියලා මම අමුතුවෙන් තේරුම් කරන්න  ඕන නෑනේ.

මම වෙනදාට වඩා චතුරිකා ගැන හොයලා බැලූවා. එයාව පරෙස්සම් කළා. මගේ අම්මා වුණත් චතුරිකාව ඩිංග ඩිංග පිළිගන්න තැනට පත්වුණා.

අපිට ලැබුණු පළමුවෙනි දරුවා දුවෙක්. එදා මගේ දුව ඉපදුණු දවසෙ තරම් සතුටක් මට කවදාවත් දැනිලා නෑ. මගේ දුවගේ පුංචි අතපය රෝසපාට කම්මුල් මට අදත් මැවිලා පේන ලස්සන මතකයක් මිස්.

දුව ලැබුණට පස්සේ මම කීයක් හරි හම්බ කරගන්න හිතුවා. ත‍්‍රීවිල් එකක් හයර් කළා. මගේ අම්මට ලැබෙන තව ආදායමකුත් තිබුණා. රස්සාවට අමතරව ඒ කියන්නේ අර අක්කර හයේ තාත්තාගේ පොල් ඉඩම. ඒකෙන් ලැබෙන පොල් ආදායමත් අම්මාට ලැබුණා. පවුලේ එකම කොල්ලා විදියට මාමගේ සල්ලි ඉඩමෙන් ලැබෙන ආදායම අම්මා හරිහම්බ කරපුවා ඔක්කොටම එකම උරුමක්කාරයා වුණේ මම.

ජීවිතේ මට හැමදේම ලැබුණ වාසනාවක් විතරක් වුණා. ජීවිතේ ගැන කිසිම බරක්පතළක් මට තිබුණේ නෑ. කොහොම හරි දුව ලැබුණට පස්සේ චතුරිකා අමුතු වුණා. එයා හැසිරුණේ එයාට පදක්කමක් ලැබුණ ගාණට. මගේ අම්මාට කසාද බැඳල ආව අලූත ඔළුව නවාගෙන හිටපු එයා දුව ලැබුණට පස්සේ අම්මාට නොසෑහෙන්න වෙනස්කම් කළා. මගේ අම්මාට වෙනස්කම් කරලා එයාගේ අම්මාට ආදරේ කළා.

මාමා නම් කිව්වේ පොඩි පොඩි ප‍්‍රශ්න ගණන් ගන්න එපා.  ඕවා ඔහොම තමයි කියලා.  ඕවා ඔහොම තමයි කියලා මාම මොනවිදියට කිව්වත් කොහොමටවත් චතුරිකා අම්මාට කරන වෙනස්කම් ගණන් නොගෙන ඉන්න මට පුළුවන් වුණේ නෑ. ඒ නිසාම මම චතුරිකා එක්ක රණ්ඩු වුණා.


දරුවා ලැබෙන්න කලින් මොන තරම් චතුරිකාට අකමැත්තෙන් හිටියත් දරුවා ලැබුණට පස්සේ අම්මාට  ඕන වුණේ මොන ප‍්‍රශ්න යටතේ වුණත් මමයි චතුරිකයි දුවයි එකට ඉන්නවා දකින්න. ඒත් චතුරිකාට  ඕන වුණේ දුවව ආයුධයක් කරගෙන මාවයි අම්මාවයි නටවන්න.


කොහොම වුණත් හැල හැප්පීම් මැද්දේ ජීවිතේ ගෙවිලා ගියා. දවසක් චතුරිකාගේ නෑ කෙනෙකුගේ වෙඩින් එහෙකට අපි ගියා.

ඒ ගිය ගමනෙදි එයාගේ මාමා කෙනෙක් ඒ වෙඩින් එකට ඇවිත් තිබුණා. මාමා හිටියෙත් මම අඩියක් ගහන්න සෙට්වෙලා හිටපු ටේබල් එකේමයි.

මම මාමා එක්ක අඩියක් ගහනවා දැකලා චතුරිකාගේ අනිත් නෑයෝ කිව්වා බිව්වට පස්සේ මාමා කුණු ගොඩක් එයා එක්ක බොන්න එපාය කියල. ඒත් මම ඒ වෙලාවේ කිව්වා බය වෙන්න එපා මාමව බැලන්ස් කරගන්න මට පුළුවන් කියලා. එහෙම කියලා මාමව බස් එකට ඇරලන්න ගියෙත් මමයි.

මාම හිටියෙ හොඳටම බීලා. ඒ නිසාම පාරෙ යන අයටත් ගහගන්න අඬගහන තරමට මාමා කෑ ගහන්න පටන් ගත්තා. මම කොච්චර හරි කිව්වා පාඩුවේ යමු කියලා ඒත් පාඩුවේ යන්න නොවේ කොහෙන් හරි ගුටි කන්නයි මාමට  ඕන වුණේ. අන්තිමේදී මාමා පාරේ ගිය කොල්ලෙක් එක්ක වලියක් ඇදගත්තා.

මම හැදුවේ බේරන්න ඒත් ඒ කොල්ලත් අතාරින පාටක් තිබුණේ නෑ. මාමත් එක්ක ගේමම ඉල්ලූවා. අන්තිමට ඒ කොල්ලා ගෙදර දුවලා ගිහින් යකඩ පොල්ලක් අරං ආවා. ඒ යකඩ පොලූ පාර එදා මාමාට වැදුණා නම් මාමා එතැනම මැරෙනවා විතරක් නොවේ අර කොල්ලා මිනීමරුවෙක් වෙනවා. ඒ වෙලාවේ කොහොමටවත් දෙන්නව දෙපැත්තට කරන්න බැරි බව මට තේරුනා. හද්ද කළුවරේ මම වටපිට බලද්දි මම දැක්කා ඒ දණ්ඩකට දාලා තියෙන ලෑල්ලක්. මම දුවල ගිහින් ඒ ලෑල්ල අරං ඇවිත් යකඩ පොල්ල අතේ අරං දඟලන කොල්ලට ගැහුවා.

මිස් හිතන්නකෝ දෙන්නෙක් ගහ ගනිද්දී කට්ටිය ගොඩක් වටකරගෙන ඉද්දි ඒ වලිය බේරන්න ඉන්නේ මම විතරක් නම් අර කොල්ලට පාරක් ගහල හරි දෙන්නව දෙපැත්තට කරනවා තරම් විකල්පයක් මට තියෙනවද?

ඒ වෙලාවේ වලිය බේරගන්න ඒ වගේ දෙයක් කරනවා ඇරෙන්න මට කරන්න වෙන විකල්පයක් තිබුණේ නෑ. අන්තිමේදී ඒ කොල්ලට අර ලෑල්ලෙන් ගහලා මාමවත් ත‍්‍රීවීල් එහෙක දාගෙන මම ගෙදර ගියා. ඒක පොලිස් කේස් එකක් වෙයි කියලා මම හිතුවේ නෑ. වලිය ඉවර වෙලා දවස් දෙකක් ගෙවුණා. පොලිසියෙන් මාව හොයාගෙන ගෙදරට ආවා.

මම පැනලා යන්න හැදුවේ නෑ. පොලිසියේ මහත්තුරු එක්ක ගියා. ඒත් කිසිම දෙයක් හොඳ වුණේ නෑ.

මොකද මම ලෑල්ලකින් ගහලා තිබුණේ හමුදාවේ නිලධාරියෙකුගේ මල්ලි කෙනෙකුට. තත්ත්වය මට වඩා ඉහළින්ම වෙනකොට මට මොනවද වුණේ කියලා මිස්ට අමුතුවෙන් කියන්න  ඕන නෑනේ.

පොලිසියෙන් මට හොඳටම ගැහුවා. ගැහුවා විතරක් නෙවේ මම කරපු වරද ගිනි අවියක් ළඟ තබා ගැනීම කියලා මම ජීවිතේ දැකපු නැති අල්ලලාවත් නැති
ගිනි අවියක් ළඟ තිබුණ බව දාලා මාව බන්ධනාගාරගත කළා. ඇත්තටම මිස් මම කියන්නේ නෑ අර කොල්ලට ලෑල්ලෙන් ගහලා මම කළේ හරි දෙයක් කියලා. ඒත් මිස් හරි දෙයක් නම් මම කළ දෙයක් නම් කමක් නෑ. පොලිසියෙන් මං ළඟ නොතිබුණ ගිනි අවියක් මගේ ළඟ තිබුණ බවට අලූතෙන් වරදක් හදලා මට ආයේ නැගිටින්න බැරි වෙන්නම මාව වැට්ටුවා.

අන්තිමට මම බන්ධනාගාරගත වුණේ නොකළ වරදකට. ඇත්තටම මිස් කාට වුණත් මට වෙච්ච දේ වෙන්න නරකයි. වරදක් කළා නම් ඒකට දඬුවම් දීමත් දඬුවම් විඳීමත් සාමාන්‍යයි. ඒත් නොකළ වරදකට හිරේ යන්න වුණොත් එහෙම මනුස්සයෙකුට මොනවා නොහිතෙයි ද?

කොහ&

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »