තවත් ෆේස්බුක් ආදර කතාවක් මරණයෙන් කෙළවර වේ -යාපනයේ සිසු පෙම්වතිය දිවි නසා ගනී

2015-06-26 10:13:00       593
feature-top
ෆේස්බුක් මගින් ඇතිවූ මානසික පීඩනයක් හේතුවෙන් තවත් තරුණියක් සිය දිවි නසා ගෙන තිබෙනවා.
යාපනය පලෙයි කරන්දායි ප්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භානුෂා සිවප්‍රකාසු නමැති 24 හැවිරිදි සිසුවියක්  මෙලෙස දිවි නසා ගෙන ඇතැයි වාර්තා වනවා.


ෆේස්බුක් මගින් හඳුනා ගත් පෙම්වතකු තමන්ට සිදු කළ අපහාසය දරාගත නොහැකිව මෙම සිසුවිය දිවි නසා ගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

 

මෙම සිසුවියගේ නම ලිපිනය දුරකථන අංකය‍ ෆේස්බුක්  මගින් ප්‍රචාරය කොට ඇයව අපහාසයට ලක්කිරීම නිසා වේදනාවට හා ලැජ්ජාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.


මේ සම්බන්ධයෙන් පලෙයි පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ මෙම තරුණියගේ පෙම්වතා ඇගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ඇයව විශ්ව විද්‍යාලයෙන් බලහත්කාරයෙන් ඉවත් කර ගැනීමට මාස තුනකට පමණ පෙර කටයුතු කර ඇති බවයි.

More News »